Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
02
"විවාහ වුණේ ඇගේම සොයුරන් දෙදෙනෙක් එක්ක.." - නාගයෙකුට ලැමට දෂ්ඨ කිරීමට හැර, අභිරහස් ලෙස සියදිවි හානි කරගත් සුරූපී ක්ලියෝ පැට්රා ගැන, කවුරුත් නොදන්න කතාවක් මෙන්න - Photos

- "විවාහ වුණේ ඇගේම සොයුරන් දෙදෙනෙක් එක්ක.." - නාගයෙකුට ලැමට දෂ්ඨ කිරීමට හැර, අභිරහස් ලෙස සියදිවි හානි කරගත් සුරූපී ක්ලියෝ පැට්රා ගැන, කවුරුත් නොදන්න කතාවක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,073 Views
"ස්නානය කර ඇත්තේ බූරු දෙනුන් හත්සීය ගණනකගේ ක්ෂීරයෙන්.."
 
ජුලියස් සීසර් සමඟ පෙමින් බැඳුණු ඇයට අත් වූ අවාසනාවන්ත ඉරණම..
 
සියලු දෙනා වසඟයට ගත් රූමත් ක්ලියෝ පැට්රාගේ රහස් මෙන්න..
 
සාහිත්‍යයෙන්, චිත්‍රපට-වලින් සහ තවත් බොහෝ නිර්මාණ-වලින් ඔබ හමුවුණු ක්ලියෝපැට්රා චරිතය, ඉතිහාසයේ නොනැසී පවතින චරිතයක්..
 
රාජ්‍ය පාලනය කාන්තාවන් අතට පත් විය හැකි බවත්.. බුද්ධිමත්ව, සුකුමාළ ලෙසින්ම පමණක් නොව, කෲර ලෙසත්.. රාජ්‍ය පාලනය කළ හැකි බවටත් ලෝකයට කිව්වේ අදින් වසර දෙදහසකට පෙරදී සිටි ක්ලියෝ පැට්රා රැජිණයි..

ඇය උපන්නේ ක්‍රි.පූ 69 දී. ඇය අන්තිම ගමන යන්නේ වසර 39ක් රාජ්‍ය පාලනය කිරීමෙන් අනතුරුවයි.. ඒ ක්‍රි.පූ 30 දීයි.
 
ජීවත්ව සිටි කාලය තුළ ඇය කළ කී දේ නම් ඉතාම පුදුම සහගතයි. එසේම අතිශයින්ම ගුප්තයි. ඒ නිසාම ඈ ගැන දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝ වැඩි. මේ නිසාම ඇය ගැන මෙතෙක් හෙළි නොවූ කරුණුද බොහෝ යි.
 
සාමාන්‍ය ජනතාව ක්ලියෝ පැට්රාව දන්නේ ඊජීප්තු රැජිණක් ලෙසයි.. මැසිඩොනියානු ඉතිහාසයට අනුව ඇය, පැවතගෙන එන්නේ ටොලමියානු රාජ වංශයෙන්..
 
මේ රාජ වංශය ගොඩ නැඟෙන්නේ ග්‍රීසීයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ශරීර ආරක්ෂකයින් 7 දෙනාගෙන් කෙනෙකු වන ටොලමි ගේ බව සඳහන්.
 
ක්‍රි.පූ. 323 දී මහා ඇලෙක්සැන්ඩර් රජු ජිවිතක්ෂයට පත්වීමත් සමඟ ටොලමි විසින් තමන්ව "පළමු ටොලමි" ලෙස හඳුන්වා දෙමින් ඊජිප්තුවේ පාලකයා බවට පත් වනවා. ඒ අනුව... ක්ලියෝ පැට්රාගේ මරණය සිදු වන තුරුම ටොලමියානු රාජ වංශය යටතේ පාලනය පවතිනවා.
 
ඒ අනුව ටොලමියානු රාජ වංශය වසර 275කට ආසන්න කාලයක් ඊජිප්තුව පාලනය කර ඇති බව සඳහන් වනවා.
 
රාජකීය ලේ උරුමය පාරම්පරිකව පවත්වා ගැනීම උදෙසා ඊජිප්තු සහෝදර සහෝදරියන් අතර විවාහ පවා සිදු කර තිබෙනවා. ඊට ආදර්ශය ලැබී තිබෙන්නේ ඊජිප්තු දෙවියෙකු වන ඔසිරියස් විසින් තමන්ගේ සොයුරිය වූ අයිසිස් විවාහ කරගත්තා යන පුරෝකථනයෙන්.
 
මෙවන් විවාහ නිසා ජානමය ප්‍රශ්න ඇති බව කීවත් ඒවා ඊජිප්තු පාලකයින් ගැටළුවක් කර ගත් බවක් ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ..
 
ක්ලියෝ පැට්රාගේ ජීවිතය පෙළ ගැසී තිබුණෙත් මේ සාම්ප්‍රදාය මතයි..
 
ක්ලියෝ පැට්රාගේ පියා දොළොස්වන ටොලමි රජතුමා වුණත් ඇගේ මව ගැන පැහැදිලි විස්තරයක් නැහැ. ඇතැම් ඉතිහාසඥයින් පවසන්නේ ක්ලියෝ පැට්රාගේ පියාගේ සොහොයුරියට දාව ක්ලියෝ පැට්රා උපත ලබන්නට ඇති බවයි..
 
මේ සාම්ප්‍රදාය අනුව ක්ලියෝ පැට්රාත් ඇගේ බාල සහෝදරයන් දෙදෙනෙකු සමඟ අවස්ථා දෙකකදී විවාහ වනවා.
 
ක්ලියෝ පැට්රා ගැන හැමෝම කතා කරන්නේ ඇය අතිශය රූමත් තැනැත්තියක් වන නිසාවෙනුයි. ඇගේ රුව සහිත කාසියක් පවා 2017 වර්ෂයේදී සොයා ගැනෙනවා. ඒත්.. මේ කාසිය තුළින් සටහන් වන්නේ ඇය සාමාන්‍ය කාන්තාවක මිස අසාමාන්‍ය එකියක නොවන බවයි..
 
ගණිතය, වෛද්‍ය කර්මය, ආදී රසායනය, ආර්ථික විද්‍යාව ආදී විෂයන් ඇය උගත් බවට සාක්ෂි තිබෙනවා. භාෂා 9ක් කතා කිරීමට ඇයට හැකියාවක් තිබුණු බවත් සඳහන්. ටොලමියානු රාජ වංශිකයින්ගේ මව් බස වුණේ ග්‍රීක භාෂාවයි. එසේ වුවත්.. ක්ලියෝ පැට්රා අරාබි, යුදෙව්, සිරියානු, ඉතියෝපියානු භාෂාව ආදි භාෂා ගණනක හුරුව තිබුණා.
 
ඊජිප්තුවන්ගේ සාම්ප්‍රදායික උත්සව-වලට පවා ඇය සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සහභාගී වූ බවට සාක්ෂි හමුවනවා.
 
තමන් පාලනය කරන රාජ්‍යයේ ජනතාවගේ සංස්කෘතිංග හඳුනා ගැනීමේ ඉවක් ක්ලියෝ පැට්රාට මැනවින් පිහිටි තිබෙනවා. ඇයට ප්‍රථම සිටි කිසිවෙකුටත් වඩා වැඩියෙන් ඇය ඒ දේ වටහාගෙන තිබුණා.
 
ක්ලියෝ පැට්රාගේ පියා ඉතාමත් කෙටි කලකින් අභවාප්‍රාප්ත වෙනවා. ඔහුගේ මරණය ක්‍රි.පූ. 51 දී පමණ වන බව සඳහන්. ජීවිතක්ෂයට පත්වීමට කලින් ක්ලියෝ පැට්රා ඇගේම 11 හැවිරිදි සොහොයුරා සමඟ විවාහ විය යුතු යැයි පියා යෝජනා කර තිබෙනවා.
 
එසේ විවාහ වන ඇගේම සොයුරා ඇයගෙන් පාලන බලය උදුරා ගැනීමට තැත් කර ඇති බව සඳහන්. මේ තත්ත්වය තුළ අපි කවුරුත් දැන අඳුනන ජුලියස් සීසර් සමඟ ක්ලියෝ පැට්රා ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන තිබුණා.
 
සැමියාව මරණයට පත් කිරීමට ඇය සහය ඉල්ලා තිබෙන්නේ සීසර්ගෙනුයි. ඒ අනුව නයිල් සටනේදී දහතුන්වන ටොලමි පරාජයට පත් වනවා. ඒ ජුලියස් සමඟ පැවති සටනකින්.. පසුව ඔහු මරණයට පත් වූ බව සඳහන්..
 
තමන්ගේම සොයුරා මරා දැමුණු සිදුවීමට ක්ලියෝ පැට්රාත් වරදකරු වීම යන චෝදනාව ඉතිහාසය පුරාවටම ඇයට නැඟී තිබෙනවා.
 
13 වැනි ටොලමි ගේ මරණය සමඟ වැන්දඹු වන ක්ලියෝ පැට්රා ඇගේ ඊළඟ සොයුරා වන 14 වැනි ටොලමි සමඟ විවාහ වෙන්න තීරණය කරනවා. ඇගේ ඒ විවාහයත් වැඩි කාලයක් පවතින්නේ නැහැ..


 
ක්‍රි.පූ. 44 දී ජුලියස් සීසර් ජිවිතක්ෂයට පත් වන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහටයි. එයින් මාස කිහිපයකට පසු 14 වැනි ටොලමිත් මිය යනවා. එසේ මිය යන්නේ ක්ලියෝ පැට්රා ඔහුට දුන් වසකින්ද කියන සැකයත් පවතිනවා. ක්ලියෝ පැට්රා එසේ සිදු කළා නම් ඊට ආසන්නතම හේතුව වන්නේ, ජුලියස්ට දාව ඇයට උපන් සිසේරියන්ව රජ කිරීම සඳහා යි.
 
ඇය ඇගේ දෑස් මත අඳුන් ආලේප කරගෙන සිටි බවත් ඉතිහාසය කියනවා. මේ ගැන මත පළ කරන විද්‍යාඥයින් පවසන්නේ ඇස් අන්ධ වීම වැළැක්වීමේ අරමුණින් එය සිදු කරන්නට ඇති බවයි.. නයිල් නදිය පිටාර ගැලීම හේතුවෙන් විවිධ අංශූ දෑස් ගිල ගැනීමේ සුදානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
 
ජුලියස් සීසර්ගේ හා සොයුරන් දෙදෙනාගේ මරණයෙන් පසුව ක්ලියෝ පැට්රා දුක සැප බෙදාගන්නේ රෝම ජෙනරාල්වරයෙකු වන මාක් ඇන්තනී සමඟයි.. බලකාමී කාන්තාවක් වන ක්ලියෝ පැට්රා සාද පැවැත්වීමට ඒවාට සහභාගී වීමට ප්‍රිය තැනැත්තියක් බවයි දැක්වෙන්නේ. එපමණක් නොවෙයි.. මධුපානයෙන් එක්වී ප්‍රීතිමත් වීම සඳහා වන සමාජ ශාලා වැනි දේ ඇය මාක් ඇන්තනී සමඟ එක්ව පත්වාගෙන ගිය බවටත් සාක්ෂි සටහන් වනවා.


 
සුවඳ විලවුන් ප්‍රිය කළ ඇය මාක් ඇන්තනී වෙනුවෙන් සුවඳ විලවුන් පිරුණු යාත්‍රා බව යැවූ බව සඳහන් වනවා. සුළඟේ මුසුවුන සුවඳින් තම පෙම්වතිය තමා වෙතට එන බව මාක් ඇන්තනී එදා දැනගන්නට ඇති.. ඉතිහාසඥයින් සැක කරන ආකාරයට ඇය සුවඳ විලවුන් කම්හලක හිමිකාරිණියක්. ඇගේ මේ විලවුන් ගැන පොතක සඳහන් වුණු නමුත්, මේ පොත අස්ථානගතයි. එය කිසිවෙකුටත් සොයා ගත නොහැකි වී තිබෙනවා.


 
ජනප්‍රවාදයේ පවසන ආකාරයට ක්ලියෝ පැට්රා මාක් ඇන්තනි සමඟ ඔට්ටුවක් අල්ලා තිබෙනවා. එහිදී ඇය පවසා තිබෙන්නේ තමන්ට සෙස්ටටස් මිලියන 10ක (ඇමරිකානු ඩොලර් 10ත් 20ත් අතර මුදලක්) ආහාර එකවර අනුභව කරන්නට හැකි බවයි. ඇය මේ ඔට්ටුව ජයගෙන තිබෙන්නේ පැළඳ සිටි ආභරණ විනාකිරි දියරයකට එක් කර එම දියර පානය කිරීමෙනුයි. (මෙය ඉතා ගැටලුසහගතයි.)


 
ක්ලියෝ පැට්රා තමන්ව ලෝකයට හඳුන්වා දෙන්නේ, අයිසීස් දෙවඟනගේ පුනර්ජන්මයක් හැටියටයි. යාත්‍රාවක් පුරවා මාක් ඇන්තනී හමුවන්නට යන ඇය වීනස් දෙව්දුවක මෙන් සැරසී සිටි බවයි සඳහන් වන්නේ...
 
මින්දද මෙන් සැරසුණු පිරිමි ළමුන්ද,, අප්සරාවියන් ලෙසින් සැරසුණු ඇගේ මෙහෙකාරියන් ද මීට එක් වී තිබෙනවා.
 
ඔගස්ටස්ගේ හමුදාව අතින් ක්ලියෝ පැට්රාගේ හමුදාව පරාජයට පත් වනවා. ඒ පරාජය දරාගන්න නොහැකි වූ තැන "දිවි තොරකරගන්නා" බව ලියා, එම සටහන ආරක්ෂකයෙකු අතට පත් කොට ක්ලියෝ පැට්රා සිය දිවි නසාගත් බව සඳහන්..
 
ඇය සිය දිවි නසාගෙන ඇත්තේ විෂකුරු නාගයෙන් ඇගේ දෑතින් තුරුළු කරගෙන ඌට තම ළැම ප්‍රදේශය දෂ්ඨ කිරීමට ඉඩ හැරීමෙන් බව ඉතිහාසය කියනවා.
 
මේ කතාවට අනුව, ඇයට දෂ්ඨ කර ඇත්තේ ඊජිප්තු නාගයෙක්. එසේ නම් ඇගේ මරණය සිදුව ඇත්තේ පැය කිහිපයක් වේදනාවෙන් පෙළෙමින් සිටියාට පසුව විය යුතුයි. ඉතා ඉක්මනින් මරණය අපේක්ෂා කළ ඇය පැය ගණනක් ගත වන මරණයක් තෝරා ගැනීම සැක සහිත බව ඉතිහාසඥයෝ පවසනවා.

Skin Benefits of Milk Bath Recipe Inspired by Cleopatra | Recipe ...
 
මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් වුවත් එය කෙසේ වුවාද යන්නට හරි ආකාර සාක්ෂියක් ඉතිහාසයේ නෑ. ක්ලියෝ පැට්රා සිහින මවා ඇත්තේ ඊජිප්තුව නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීමටයි. කොහොම වුණත් ඇගේ සිහිනය සැබෑවක් වන්නේ නෑ.
 
ඇය ජිවිතක්ෂයට පත් වීමත් සමඟ ඔගස්ටස් ඊජිප්තුවේ පාලනය තමන් සතු කරගන්නවා. ක්ලියෝ පැට්රා මිය යද්දි ඇගේ පුත් සිසේරියන්ද ඊජිප්තුව පාලනය කරමින් සිටියා. තමන්ගේ මෑණියන් මිය යද්දි ඔහු 17 වැනි වියේ පසු වූ බවත් පසුව ඔහු මියගියේ ඔගස්ටස්ගේ අණින් බවත් සඳහන් වුවත් ඒ සඳහා නිශ්චිත සාක්ෂි නැහැ.
 
ක්ලියෝ පැට්රා ස්නානය කර ඇත්තේ බූරු දෙනුන් හත්සීය දෙනෙකුගෙන් ලබාගත් ක්ෂිරයෙන් බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. මෙය හාස්‍ය දනවන කතාවක් වුවත් එය සත්‍යයක් විය හැකි බවයි ඉතිහාසඥයින් කියන්නේ.

Antony and Cleopatra's Legendary Love Story - Biography
 
ක්ලියෝපැට්රා හා මාක් ඇන්තනී එකට මරු වැළඳගත්තාද යන්නට නිශ්චිත සාක්ෂි නැහැ. ඇතැමෙක් පවසන්නේ මේ දෙදෙනාගේම දේහ එකම තැන ස්ථාපනය කර තිබෙනවා.
 
ඉතිහාසඥයින් පවසන්නේ කුමන තැනක ඇගේ දේහය මිහිදන් කළත් එය 'මමියක්' ලෙස සංරක්ෂණය කරන්නට ඇති බවයි. මාක් ඇන්තනීට දාව ක්ලියෝ පැට්රා දරුවන් තිදෙනෙකු වැදූ බව ද සඳහන්..
 
Credit - WATAPITA (වටපිට)
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top