යාපනයේ වයෝවෘද්ධම හා නිරෝගී කාන්තාව ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටි වයස අවුරුදු 104 ක් වූ කාන්තාව පෙරේදා (31 දා) මියගොස් තිබෙනවා.
යාපනයේ වඩමරච්චි, කරවෙඞ්ඩි, උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි වේලූපිල්ලෙයි සින්නම්මා නමැති මෙම කාන්තාව 1916 වසරේ උපත ලබා ඇති අතර ඇයට දරුවන් හත් දෙනෙක් සිටිනවා. මුණුබුරු මිනිපිරියන් හා මී මුණුබුරු මිනිපිරියන් 72 ක් මියගිය සින්නම්මාට ඥාතිකම් කියන අතර මියයන තුරුම ඇය ඉතා නිරෝගීව සිටි බව සමාජ සේවා නිලධාරීන් පවසා තිබෙනවා.