නිරායුධ කළු ජාතික තරුණයෙකු ඝාතනය කිරීමෙන් උණුසුම් වූ ඇමරිකාව
අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස් නිළධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා ක්‍රියාත්මකයි.
ධවල මන්දිරය ඉදිරිපිටද යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතා පැවති අතර එහිදී පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ගැටුම් ඇතිවුණා.
පසුගිය සිකුරාදා රාත්‍රියේ ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා උත්සන්න වීමත් සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක රැකවරණ පැතූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අද වාර්තාකළා.
කෙසේ වෙතත් ට්විටර් සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මාධ්‍ය ගෙනයන මෙම ප්‍රචාර අසත්‍ය බවටයි.
මේ අතර මිචිගන් හි ෂෙරීෆ්වරයාද යුක්තිය ඉල්ලා ක්‍රියාත්මක විරෝධතා වලට සහය දැක්වූ අතර සුදු ජාතිකයින් රැසක්ද එම විරෝධතාවලට එක්ව සිටීම විශේෂත්වයක්.
බොහෝ ප්‍රාන්ත වල පොලිස් නිලධාරීන්ද තම වෘත්තීය සගයෙකුගෙන් කළු ජාතිකයෙකුට එරෙහිව සිදුවූ අකටයුත්ත පිළිඟනිමින් විරෝධතාකරුවන් හමුවේ දණ නමන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර ලන්ඩන් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපටද විරෝධතා ක්‍රියාත්මක වූයේද මියගිය කළු ජාතික තරුණයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්.