Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
01
පාඨලී චම්පික සම්බන්ධ රාජගිරියේ රිය අනතුරට වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි දැනුම්දීමක් - Video

- පාඨලී චම්පික සම්බන්ධ රාජගිරියේ රිය අනතුරට වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි දැනුම්දීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,413 Views
වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාඅත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබෙනවා.
 
ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුරේදී අසත්‍ය සාක්ෂි නිර්මාණය සහ සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේයි.

පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුරටඅදාළ නඩුවේදී සිදුකර ඇති වැරදි මත වැලිකඩ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකරී සුදත් අස්මඩල මහතා වරෙන්තු ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා.
 
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න
 
"මෙම සිද්ධියට අදාළරිය අනතුර සිදුකරන ලද්දේ පාඨලී චම්පික විසින් බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් අනතුරෙන් සුළු මොහොතකට පසුව වැලිකඩ පොලිස් ස්ථානයට ප්‍රකාශ ලබාදෙන අවස්ථාවේදී අනතුර සිදුකළේ පාඨලී චම්පික විසින් බව එකී ප්‍රකාශයේ සටහන් නොකරන ලෙසට සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල විසින් ස්ථානාධිපති, රථවාහන පොලිස් පරීක්ෂක පෙරේරා වෙත උපදෙස් ලබාදී ඇති බවද විමර්ශනයේදී අනාවරණය විය.
 
පොලිස් පරීක්ෂක පෙරේරා විසින් පොලිස් කොස්තාපල් සුරේෂ් සහ පොලිස් කොස්තාපල් ලක්මාල් වෙත උපදෙස් ලබාදී ඇත්තේ  අනතුර සිදුකළේ පාඨලී චම්පික විසින් බව එකී ප්‍රකාශයේ සටහන් නොකරන ලෙසට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල විසින් ස්ථානාධිපති රථවාහන පොලිස් පරීක්ෂක පෙරේරා වෙත උපදෙස් ලබාදී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂක පෙරේරා විසින් පොලිස් කොස්තාපල් සුරේෂ් සහ පොලිස් කොස්තාපල් ලක්මාල් වෙත උපදෙස් ලබාදී ඇත්තේ අනතුර සිදුකර ඇත්තේ පාඨලී චම්පික විසින් බව ප්‍රකාශයේ සටහන් නොකරන ලෙසටය. මේ අනුව මුල් අවස්ථාවේදීම රිය අනතුර සිදුකළ පුද්ගලයා වූ පාඨලී චම්පික යන අය සම්බන්ධව තොරතුරු කරුණු සහ සාක්ෂි වසන් කිරීමට සහකාර පොලිස් අධිකාරී අස්මඩල ක්‍රියාකර ඇත.
 
ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනා විසින් 2016-04-20 වන දින වැලිකඩ පොලිස් ස්ථානය වෙත නැවත ප්‍රකාශයක් ලබාදෙමින් රිය අනතුර සිදුකළේ පාඨලී චම්පික විසින් බව පැහැදිලිවම සඳහන් කර තිබියදී සහකාර පොලිස් අධිකාරී අස්මඩල විසින් ඒ පිළිබඳ කිසිදු කරුණක් 2016-04-27 වන දින  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඔහු විසින් කරුණු දක්වන අවස්ථාවේදී ප්‍රකාශ කර නැත. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි අස්මඩල විසින් සිද්ධියට අදාළ සාක්ෂි සහ කරුණු මහේස්ත්‍රාත්වරයාගෙන් වසන් කිරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත.
 
මෙම රිය අනතුරට අදාළ විමර්ශන වෙනත් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සිදුකරමින් තිබූ අවස්ථාවක සහකාර පොලිස් අධිකාරි අස්මඩල විසින් විමර්ශන අවසන් නොවී තිබූ අවස්ථාවක  හදිසියේම 2017-01-04 දින දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරමින් පාඨලී චම්පික යන අය චෝදනාවකින් සහ වරදකරු වීමෙන් වසන්කිරීමට කටයුතු කර ඇති බවද විමර්ශනයේ අනාවරණය වී ඇත. මෙම කරුණු අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 190, 198 සහ 215 වගන්තීන් යටතේ වන වැරදි සහකාර පොලිස් අධිකාරි අස්මඩල විසින් සිදුකර ඇති බව පැහැදිලිවන අතර මෙම නඩුවේ සැකකරුවන්වන පාඨලී චම්පික සහ දිලුම් තුසිත කුමාර යන අය සමඟ එකී වරද කිරීම සදහා කුමන්ත්‍රණය කර ඇති බවද අනාවරණය වී ඇත".
 
හිටපු අමාත්‍යපාඨලී චම්පික රණවක මහතාට අයත් ජීප් රථයක් රාජගිරිය ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් සන්දීප් සම්පත් නැමති තරුණයෙකු බරපතළ තුවාල ලැබුවේ 2016 වසරේ පෙබරවාරි 28 වැනිදායි.
 
එම අවස්ථාවේදී ජීප් රථය පැදවූ රියදුරා ලෙස පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරෙකු වූ දිලුම් තුසිත කුමාර නැමැත්තා පොලිසියට ඉදිරිපත් වූ අතර පසුව ඔහුට ඇප හිමිවී තිබුණා.
 
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය දිලුම් තුසිත කුමාර නැමැත්තාගෙන් යළි ප්‍රකාශ ලබාගෙන තිබුණා.
 
ඒ, පසුගිය දෙසැම්බර් 14 වැනිදා එම සැකකරු අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි.
 
අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් සදහන් කර තිබුණේ සැකකරු මුල් අවස්ථාවේදී දුන් ප්‍රකාශය අනුව රිය අනතුර සිදුවන විට තමා ජීප් රථය පැදවූ බවට ප්‍රකාශ කර තිබුණද, පසුගිය ජනවාරි 4 වැනිදා ලබාදුන් ප්‍රකාශ අනුව එම මුල් ප්‍රකාශ අසත්‍ය බව සැකකරු විසින් සඳහන් කළ බවයි.
 
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පලා යාම යන චෝදනා යටතේයි.
 
එවක වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙම සිදුවීමට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top