Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
01
"කලාකරුවන්ගේ පුද්ගලික ජිවිතේ අදාළ වෙන්නේ නැහැ, කාලයත් එක්ක ඇත්ත නැත්ත එළියට එයි..." - සමිතාගේ පලහිලව්ව ගැන පදරචක ඩිලාන් ගමගේ හෙළි කළ කතාව

- "කලාකරුවන්ගේ පුද්ගලික ජිවිතේ අදාළ වෙන්නේ නැහැ, කාලයත් එක්ක ඇත්ත නැත්ත එළියට එයි..." - සමිතාගේ පලහිලව්ව ගැන පදරචක ඩිලාන් ගමගේ හෙළි කළ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"සමිතා අතුල දික්කසාද වෙලා කියලා බොහෝ දෙනෙක් හිතුවේ මගේ ගීතයකින්මයි.."

"ඒකත් වීඩියෝ එකෙන්ම බලාගන්න පුළුවන්.."

අතුල සමිතා කියන්නේ අනූව දශකයේ අතිශය ජනප්‍රිය තරු යුවළක්. මේ දෙදෙනාගේ විවාහය ජීවිතය මිට වර්ෂ දහයකට පමණ පෙර දෙකඩ වෙනවා. ඒ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ "ඉවසයිද මන්දා" ගීතයත් එක්කයි. ඔවුන්ගේ ඒ වෙන්වීම ගීතයේ අපූරුවට පදපෙළකට ගෙන ආවේ ගී පද රචක ඩිලාන් ගමගෙයි. මේ දවස්වල බොහෝ දෙනෙක් කතා බහ කරන සමිතාගේ බාල පෙම්වතාගේ කතාව සමාජගත වෙද්දී ඩිලාන් නැවතත් සමිතාට ආදරණිය ගීතයක් නිර්මාණය කරනවා. ඒ ලියන්නේ සමිතාගේ අලුත් පෙම්වතා ගැනද..ගීතය හා එහි සබැදි කතාව ගැන දැනගන්න අපි ඩිලාන් එක්ක මේ විදිහට කතාබහ කළා. මේ ඒ කතාව ගැනයි.

ඩිලාන් අපි මුලින්ම කතා කරමු 2012 වර්ෂයේ ඔබ විසින් පද රචනය කළ ඉවසයිද මන්දා ගීතය ගැන, ඒ ගීතය ලියද්දි ඔබ දැනගෙන හිටියාද සමිතා අතුලගෙන් දික්කසාද වෙලා කියලා..?
ඒ ගැන ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ වගේම සමාජය තුල ඔවුන්ගේ දික්කසාදය ගැන කතා වුනා. ඒ කතා සියල්ල අල්ලලා තමයි මම ඉවසයිද මන්දා ගීතය ලිව්වේ. ඒ ගැන නොදැන ගීතය ලිව්වත් පස්සේ දැනගත්තා සමිතා අක්කයි අතුල අයියයි දික්කසාද වෙලා කියලා. ඔවුන්ගේ කතාව මේ ගීතයෙන් ඇත්තක් බවට ජනතාව තේරුම් ගත්තා. සමාජය ඒ ගීතය වැළද ගත්තා ලස්සන ගීතයක් නිසා. ඒ දෙන්නත් ගීතය ලස්සනය ගැයුවා.

එතකොට ඔබ "ඔබයි පෙම් හොරා.." ගීතය ලිව්වේ සමිතාගේ ආරාධනයකටද..? බොහෝ දෙනෙක් කියනවා ඇත්ත කතාව වහගන්න ගීතයක් නිර්මාණය කරලා එළිදක්වනවා කියලා..?
ඉවසයිද මන්දා ගීතය අතිශයින් ජනප්‍රිය වෙද්දී ඒ ගීතයට සම්මාන බොහොමයක් හිමි වුනා. ඉතින් මම හිතුවා සමාජයේ සමිතා අක්කා ගැන කථිකාවතක් ගොඩනැගිලා තියෙන මොහොතක එය අලලා ගීතයක් ලිව්වොත් හොදයි කියලා. ඒ නිසයි මම මේ ගීතය ලිව්වේ සමිතා අක්කාටම. ඒක ලියලා සමිතා අක්කාට දුන්නා ගීතය හොදද බලන්න කියලා. පද ටික ලස්සනයි කියලා ගීතය කරමු කියලා එයා කැමති වුනා. ඇත්ත කතාව වහගන්න මේ වගේ දෙයක් කරනවාද කියන්න මම දන්නේ නැහැ. මේක නිර්මාණයක් විතරයි කියලයි මට කියන්න තියෙන්නේ.

ගීතය ලියලා කාලයක් ගත වෙනවද..?
නැහැ. මේ උණුසුමත් එක්ක තමයි මේ ගීතය ලිව්වේ. මේ ගීතය ලිව්වේ දින තුන හතරක කලින්. සමාජයේ කතාබහක් ඇති වුණා ලස්සන තරුණයෙක් එක්ක සමිතා මුදුන්කොටුව කියන ගායිකාවගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මම කල්පනා කළා ඉවසයිද මන්දා ගීතය වගේ මේ ගීතයත් නිර්මාණය කරන්න. මට සමිතා අක්කා කියලා නැහැ එහෙම අම්බන්ධයක් තියෙනවා කියලා. මට ඇහුනු දේ එක්ක තමයි මම ගීතය ලිව්වේ. මේ ගීතයේ තනු නිර්මාණය කළේ ෂේනාල් මද්දුමගේ, සංගීත වීඩියෝ එක කළේ තරුක දුෂ්‍යන්ත. මේ සතියේ වීඩියෝ එකත් එක්කම එළිදක්වනවා.

වීඩියෝ නිර්මාණයට ගන්නේ සමිතාගේ අලුත් පෙම්වතා කියලත් කතාවක් තියෙනවා..?
වීඩියෝ එක රූගත කරන කරන දිනයට තමයි තීරණය කරන්නේ කාවද නිරුපණයට ගන්නේ කියලා. අලුත් වෙනසක් එක්කම වීඩියෝ නිර්මානයත් රසවිදින්න ඉඩ දෙන එක හොදයි කියලා මම හිතනවා.

ගීතයට ප්‍රචාරය ලබා ගන්න ජනතාව මං මුලා කිරීමක් කරනවා කිව්වොත්..? ඒකටත් රසිකයින්ගෙන් චෝදනා එල්ල වෙයි නේද..?
රසිකයින්ට කලාකරුවන්ගේ පුද්ගලික දේ වැඩක් නැහැ. එයාලට ඕන රසවින්දනය. පුද්ගලික ජිවිතේ තොරතුරු හොයන අයට ඒක ගැටලුවක් වෙයි. නමුත් මේක නිර්මාණයක් කියලා ජනතාව තේරුම් ගනීවි. මටත් කලාකරුවන්ගේ පුද්ගලික ජිවිතේ අදාළ වෙන්නේ නැහැ, කාලයත් එක්ක ඇත්ත නැත්ත එළියට එයි. ඒ වගේම කියන්න ඕන සමිතාට ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ නිසා බොහෝ දෙනෙක් මේ ගීතය ආදරයෙන් භාරගනියි කියලා මට විශ්වාසයි.

ඩිලාන් කාලයක් පද රචනා නොලියා හිටියේ..?
රැලි ඇති කළෙත් අපිමයි. ඒ රැල්ලට එක දිගට ගීත ලියන්න බැහැ. එපා වෙනවා. ඒ නිසා ටික කාලයක් නිහඩව හිටියා. ආයෙමත් ජනතාව අතරට එන්න හොදම අවස්ථාව මෙය කියලා හිතුවා. ඒ නිසා වෙනස්ම පද ටිකක් එක්ක කාලෙකට පස්සේ මේ ගීතය ලිව්වේ. සමිතා අතුලට ගීතයක් ලියලා වසර 8 ට පස්සේ තමයි සමිතා අක්කාට මේ ගීතය ලිව්වේ.

හර්ෂණී වීරරත්න

පදපෙළ

හීනයක් නොවෙයි
ඔබ බැඳුණා - ආත්මය පුරා
වසන්තය ලඟයි
මට දැනුණා - ඔබයි පෙම් හොරා
ඔබේ මිස මා දැන්
මගේ නම් නොවෙයි
මගේ මිස ඔයා දැන්
ඔබේ නම් නොවෙයි
මගේ විතරමයි
ඔබ දැන් ඉතින්
මාත් ඔබේ වෙන්නේ
එකම හිතින්
මියෙනා තුරා ඉන්නම්
ඔබේ සෙවනේ මං
අපිට අපිව අයිතියි
රත්තරනේ දැන්...
සාක්කි බොහොමයි
හිත පතුලේ - පැරදුම් එමටයි
සුසුමන් විතරයි
තතු හෙව්වේ - තනිකම තිත්තයි
මේ ඇස් හතර කොනේ
තිබෙනා ආදරය අපේ
රැකගත යුතුව තිබේ
මා ඔබගෙයි ඔබ මාගේ
පෙරැත්ත ඔබටයි
පෙම් සිහිනේ
සතුට ප්‍රමාදයි
අනන්තේ සුවඳයි
ආදරයේ
කඳුල නිමා වෙයි
මේ ඇස් හතර කොනේ
තිබෙනා ආදරය අපේ
රැකගත යුතුව තිබේ
මා ඔබගෙයි ඔබ මාගේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top