කාන්තාවන් දෙදෙනෙක් ලඟ අයිස් මත්ද්‍රව්‍ය තිබිලා....
අත්අඩංගුවට පත් කාන්තාවන් තිදෙනා ගැන හෙළිවූ දේ.....
අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකර උපන්දින සාදයක් පැවැත්වූ ජෝඩු තුනක් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අළුයම තුනට පමණ අත්අඩංගුවට ගැනීමට කොච්චිකඬේ පොලීසියට හැකිවී තිබෙනවා.
කොවිඩ් 19 ඇඳිරි නීතියට මුවාවී කොච්චිකඬේ පොලිස් බලප්‍රදේශයේ තානායමක රැදෙමින් සිටියදීයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
මෙම ලැගුම්හල කෝන්ගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති එකක් බවත් පොලීසියට ලද තොරතුරකට අනුව එම ස්ථානය වටලා අයිස් මත්ද්‍රව්‍ය බාවිතා කරමින් උපන්දින සාදයක් පවත්වමින් සිටි මෙම අනියම් යුවල තුන කොටුකරගෙන ඇති බව සඳහන්.
පොලීසිය විසින් ලැගුම්හල වටලා ඔවුන්ව සොදිසිකිරීමේදී කාන්තාවන් දෙදෙනෙක්ගේ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 420 පැට් දෙකක් සොයාගෙන තිබෙනවා.
අනිකුත් කාන්තාව සන්තකයේ හෙරොයින් තිබී ඇති අතර මෙම කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් කටුනායක ප්‍රදේශයේ නේවාසික සිටිනා කාන්තාවන් බවද, ඒ අය වෙළද කලාපයේ රැකියාවල නියුතු අය බවද පැවසෙනවා.
අත්අඩංගුවට පත් මෙම කාන්තාවන් තිදෙනා කටාන කෝන්ගොඩමුල්ල, අනුරාධපුරයේ නෑගම්පහ, මැණික්හින්න වලල, යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරනය වී තිබෙනවා.
මෙම වැටලීම කොච්චිකඬේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික සංජීව ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන්, දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක, පොලිස් සැරයන් 55078 රෙජිනෝල්, කාන්තා පොලිස් කොස්තාපල් 10979 ඉරේෂා, කාන්තා පොලිස් කොස්තාපල් 10964 ධනංජනී යන අය විසින් සිදුකර තිබෙනවා.