අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර මේ වන විට හැටන් - නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණය වෙත ළඟා වෙමින් පවතිනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ දේහය රැගත් රිය පෙරහර හැටන් නගරය පසුකරමින් සිටින බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා ඇති පසුබිමක වුවද විශාල පිිරිසක් මග දෙපස රැස්වෙමින් දේහයට අවසන් ගෞරව දක්වන බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 26 වනදා මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණා.