Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
31
ඉඩම බෙදාගන්න බැරිව එකකුස උපන් නංගීව මරාදැමූ අක්කාගේ තවත් පාපතර වැඩක් ලියුමකින් හෙළි වෙයි - ලාබාල අනියම් සැමියා සමග සිය දරුවා ඝාතනය කර වළදැමූ හැටිත් වමාරයි

- ඉඩම බෙදාගන්න බැරිව එකකුස උපන් නංගීව මරාදැමූ අක්කාගේ තවත් පාපතර වැඩක් ලියුමකින් හෙළි වෙයි - ලාබාල අනියම් සැමියා සමග සිය දරුවා ඝාතනය කර වළදැමූ හැටිත් වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,223 Views
දරුවා මරපු විත්තිය ලියුමක ලියලා අම්මාට යවන්න හදලා...
 
කුකුල් ගොවිපොළක ඉපදුනු දරුවා ගෙල මිරිලා ඝාතනය කරලා...
 
වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ නයිගල් ආර ප්‍රදේශයේ දී සිය අක්කා සහ ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස ඝාතනය කළ තක්ෂිලා දීපමාලිගේ සිරුරු කොටස් සොයා විශේෂ පොලිස් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
 
එහිදී අස්ථි කොටස් කිහිපයක් ද ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව සොයාගත් බවයි පොලිසිය කියා සිටියේ.
 
එමෙන්ම එම මෙහෙයුම අතරතුරදී ඇඳුම් කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව ද සඳහන්.

අදාළ ඝාතනය සම්බන්ධයෙන්, පසුගිය 28 වනදා මිය ගිය තැනත්තීයගේ 28 හැවිරිදි අක්කා සහ වයස අවුරුදු 18 ක් වන ඇයගේ අනියම් සැමියා යැයි පවසන තරුණයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.
 
මිය ගිය තරුණියගේ පෙම්වතාගේ උපක්‍රමශීලිභාවය හේතුවෙන් මෙම ඝාතනයේ සුළමුළ සොයාගැනීමට හැකිව තිබු බවයි අප වාර්තාකරු කියා සිටියේ.
 
තක්ෂිලා අතුරුදන් වූයේ පසුගිය පස්වනදායි.
 
ඇය කිසියම් රැකියා කටයුත්තකට යාම සදහා මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුර ඒ මාර්ගය අසල ඇති කෑලෑවකට රැගෙන ගොස් පොල්ලකින් පහරදී මරාදමා ඇති බව ද පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.
 
මෙම මියගිය තරුණිය ජීවත් වූ නිවස සහ ඉඩම ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව ද සඳහන්.
 
මේ අතර අදාළ සැකකාර කාන්තාව මීට වසරකට පමණ පෙර ඇයට උපන් දරුවෙකු උපන් හැටියේම ඝාතනය කර වළදමා ඇති බවයි පොලිසිය හමුවේ සැකකාරිය ප්‍රකාශ කර තිබුණේ.
 
මේ සම්බන්ධයෙන් වන තොරතුරු ඇය විසින් ලියන ලද ලියුමක ද සඳහන් කර තිබු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
අදාළ ලියුම සැකකාරිය විසින් ලියා තිබුණේ තම මව වෙත යැවීමට බව ද ඇය ප්‍රකාශ කරනවා.
 
දරුවාගේ ගෙල මිරිකා මැරු බවත්, අනතුරුව මළ සිරුර වළ දැමීමට පියවර ගත් බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.
 
සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් සැමියා හෙට්ටිපොළ ප්‍රදේශයේ කුකුල් ගොවිපොළක සේවය කර තිබෙනවා.
 
එහිදී උපත ලැබු දරුවාව මෙලෙස ඝාතනය කළ බවයි, සැකකාර කාන්තාව පොලිසිය වෙත කියා සිටියේ.
 
මේ වනවිට හෙට්ටිපොළ පොලිසියේ ප්‍රධානත්වයෙන් වළදමා ඇති දරුවාගේ සිරුර සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව ද සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top