කොවිඩ් 19 වෛරසයට එරෙහිව තමන් නිපදවූ එන්නත සාර්ථක වීමේ සියයට 99ක අවස්ථාවක් පවතින බව චීන විද්‍යාඥයන් පවසනවා.
බීජිං නුවර කේන්ද්‍ර කොටගත් ජෛව තාක්ෂණ ආයතනයක් විසින් නිපදවා ඇති මෙම කොරෝනා වෛරස් එන්නත මේ වනවිට දෙවන අදියරයේ අත්හදාබැලීම්වලට ලක්වන අතර, ඒ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ සංඛ්‍යාව දහසකට අධිකයි.
එහි තුන්වන අදියරයේ අත්හදාබැලීම්වලින් කොටසක් බ්‍රිතාන්‍ය තුළ සිදුකිරීමටද නියමිත බව සඳහන්.
කොරෝනාවැක් ලෙස නම් කර ඇති මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව වඳුරන් තුළ ප්‍රතිශක්තිය ගොඩනගන බව මේ වනවිටත් තහවුරු වී අවසන්.