Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
31
“ ජීවිතය කියන්නේ ඔබ කිසි විටෙක අනාවැකි කීමට නොදන්නා දෙයක්, ඒක ක්‍රීඩාවට සමානයි ” - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කොරෝනා සහ ක්‍රීඩාව ගැන කියු අමුතුම කතාව - Photos

- “ ජීවිතය කියන්නේ ඔබ කිසි විටෙක අනාවැකි කීමට නොදන්නා දෙයක්, ඒක ක්‍රීඩාවට සමානයි ” - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කොරෝනා සහ ක්‍රීඩාව ගැන කියු අමුතුම කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,939 Views
මම සෑම තරගයකින්ම ඉගෙන ගන්නවා...

දෙයක් කරන්න තමන්ගේ කැමත්ත වගේම සුදුසු පරිසරයක් අවශ්‍යයි...
 
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්හි නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය විසින් සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

කොවිඩ් 19 බලපෑමට හසුව මුළු මහත් ක්‍රීඩා ලෝකයම එකතැන නතර වී තිබුණද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයා තමන්ගේ භූමිකාව කුමක්ද යන්න මැනවින් හඳුනා ගනිමින් ජීවිතය මෙන්ම වෘත්තියද හසුරුවාගත යුතු බවයි දිමුත් කරුණාරත්න කියා සිටියේ.
 
“ඔබ ක්‍රීඩාවේ සහ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ මට්ටමට ළඟා වන විට වෘත්තිකයා කියන වචනයේ සැබෑ අර්ථය හඳුනාගෙන තිබිය යුතුයි. එමනිසා හොඳ කාලවලදී මෙන්ම දුෂ්කර කාලවලදීත් හොඳින් ජීවත් වීමට ඉගෙනගත යුතුයි. නමුත් මගේ දැක්මේ හැටියට කොවිඩ් 19 කියන්නේ ලෝකයේ බොහෝ දේවල් වෙනස් කරවන දෙයක්. ඒක ක්‍රීඩාවත් වෙනස් කරාවි. මේ වෙනස් වීම තරමක් දැඩි විය හැකි වුවත් කාලයක් යද්දී ඒක සාමාන්‍ය දෙයක් වේවි” යැයි මෙම පිළිසඳරට එක්වෙමින් දිමුත් කරුණාරත්න අවධාරණය කළා.
 
ලෝකයේ ම ජනතාවගේ ජීවිත හදිසියේම නතර වෙලා. මුළු ලෝකයටම බලපාන කොවිඩ් 19 පිළිබඳ ඔබේ අදහස් කුමක්ද?
 
එය වසංගතයක්! ජීවිතය කියන්නේ ඔබ කිසි විටෙක අනාවැකි කීමට නොදන්නා දෙයක්. ඒක අර්ථයෙන් ක්‍රීඩාවට සමානයි. මගේ දර්ශනය වෙන්නේ මේකයි. ඔබට පාලනය කළ හැකි දේ පමණක් පාලනය කරන්න. අනෙක් අය ඔවුන් පාලනය කළ යුතු දේ කරයි.
 
අපි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලංකාවේදී එක්දින තරගාවලියක් (3 - 0) ජයගත් වහාම ක්‍රීඩාව නතර කරන්න සිද්ධ වුණා. සැලසුම් කිරීම, භූමිකාව පැහැදිලි කිරීම සහ විශ්වාසය, යන දේ සඳහා පුහුණුකරු මිකී ආතර් ට එහි සියලු ගෞරව හිමිවුණා. ඒ පිළිබඳ ඔබේ අදහස්?
 
ඔව් !මිකී ආතර් කියන්නේ ඔහුට වගේම ඔහුගේ කීර්තිනාමයට පිටිබලය දීමට අත්දැකීම් රාශියක් ඇති, විකාර වැඩ නැති, කලබලයකින් තොර පුද්ගලයෙක්. ජාත්‍යන්තර මට්ටමින් තරග සැලසුම් සකස් කිරීම සහ තරගයකදී එක් එක් ක්‍රීඩකයාගේ භූමිකාව පැහැදිලි කිරීම සම්මතයක්. ඉතා වැදගත් දෙය නම් ඔහු අප අතර සියුම් ආකාරයෙන් ඇති කර ඇති විශ්වාසයයි. එය නිසැකවම උදව්වක් වුණා. ඒවායේ ප්‍රතිඵල පසුව දැකගන්න ලැබුණා.
 
එක්දින හා ටෙස්ට් නායකයා ඔබයි. මිකී සහ ඔහුගේ සගයන් කණ්ඩායම භාර ගන්නා විට සහ දැන් කණ්ඩායමේ ගමන් මඟ පිළිබඳ ඔබේ දැක්ම?
 
ඉතාම හොඳයි. ක්‍රීඩකයන් වගේම සංචිතයේ ඉන්න අයත් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව උපරිම අයුරින් විඳිනවා. ඒක විඳවනවා නෙමේ විඳිනවා. ඒ කියන්නේ ඉතාම සතුටින් ඒ කාර්යයයේ යෙදිල ඉන්න ගමන් එයින් විශාල වින්දනයක් ලබනවා.
 
එය ඔවුන්ගේ රැකියාව වඩාත් පහසු කරනවා. තම තමන් කරන දෙයට තම තමන් කැමති නම්, ඒ සඳහා සුදුසු පරිසරයක් තියෙනවා නම් මේ මට්ටමේදී ක්‍රීඩාව සමබරව පවත්වා ගෙන යා හැකියි. මම හිතන්නේ එය ජීවිතය හෝ සමාගමක් කළමනාකරණය කිරීමට බෙහෙවින් සමානයි.
 
2019 ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට ඔබ නායකයා සහ පිතිකරුවකු ලෙස තේරී පත් වූ විට, කණ්ඩායමට නායකත්වය දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටි විට, ඔබ එය කළමනාකරණය කරගත්තේ කොහොමද?
 
ඒක ගැන කියන්න තියෙන්නේ එක වාක්‍යයක් පමණයි. මා එය සංකීර්ණ භාවයෙන් අඩු හා සරල ලෙස තබා ගත්තා.
 
එතෙක් කාලයක් ඔබ දීර්ඝ එක්දින තරග දිවියක් ක්‍රීඩා කිරීමට හිතාගෙන හිටියාද ?
 
ඇත්ත වශයෙන්ම ඔව්. මේ දක්වා සෑම මට්ටමකම මගේ එක්දින සංඛ්‍යා ලේඛන දෙස බලන්න.
 
නායකයෙකු සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඔබගේ එක්දින තරග දිවියේ සැලසුම් මොනවාද ?
 
ශ්‍රේණිගත කිරීම්; ශ්‍රේණිගත කිරීම් යන වචනය තමයි ප්‍රධාන වෙන්නේ.
 
මම කියන්නේ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු හතර දෙනා අතර සිටිය යුතුයි. එය වක්‍රාකාරව කිවහොත් අවම වශයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නන්ට අවශ්‍ය වෙනවා. එතැන් සිට එය ඕනෑම අතකට යා හැකියි. එදා දවසේ හොඳින් ක්‍රීඩා කරන්න ඔබට පුළුවන් නම් ඔබට ලෝක ශූරයන් විය හැකියි.
 
ඔබේ නමට ඉදිරියෙන් ටෙස්ට් ශතක 9 ක් සටහන් වෙනවා. ටෙස්ට් ඉනිමකදී ඔබගේ සාමාන්‍යය 36.78 ක් ලෙස රඳවා ගෙන ඇති අතර, එම සංඛ්‍යාලේඛන වැඩි දියුණු කිරීම ඔබේ ඉලක්කය විය යුතුයි. ඔබේ තරග දිවිය නිමා වීමට පෙර ඔබේ ඉලක්කය කුමක්ද?
 
ටෙස්ට් තරග 66 කදී ශතක 9 ක් මට තිබෙනවා. බොහෝ දෙනෙක් තර්ක කරන්නේ මා ලබාගත් අර්ධ ශතක 24 න් ගොඩක් ඒවා ශතක බවට පරිවර්තනය කළ හැකිව තිබූ බවයි. කොහොම වුණත්, මම සෑම තරගයකින්ම ඉගෙන ගන්නවා.
 
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතර අංශය වන අතර එය නිසැකවම අසීරු අභියෝගයක්ද වෙනවා. ටෙස්ට් ශතක 25 ක් සහ ඉනිමක සාමාන්‍යය 50.00 ට වැඩියෙන් තියා ගන්න තමා මගේ ඉලක්කය වෙන්නේ.
 
මේ දක්වා ඔබගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතයේ අනුස්මරණීය අවස්ථා ඔබට මතකද?
 
මගේ පළමු ටෙස්ට් තරගය සහ මගේ පළමු ටෙස්ට් ශතකය මෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ලද එක්දින ජයග්‍රහණය අමතක කළ හැක්කේ කාටද? මගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණයත් සැලකිය යුතු අනුස්මරණීය සිදුවීමක් වෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top