Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
30
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියාගේ ඉරණම තීන්දු කළෙත්, පොලිසිය ඉස්සරහම වෙඩි තියන, මොරටු පාතාලයේ කුඩු අංජුද ? - Video

- ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියාගේ ඉරණම තීන්දු කළෙත්, පොලිසිය ඉස්සරහම වෙඩි තියන, මොරටු පාතාලයේ කුඩු අංජුද ? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,416 Views
"රන්ජන් සිල්වාටත් මගෙන් බේරෙන්න හම්බ වුනේ නෑ"
 
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ දී ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
 
වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පැවසූවේ කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
 
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපන ශාලාවට පළමු ප්‍රහාරය දියත් වන්නේ පසුගිය 19 වෙනිදා රාත්‍රී කාලයේදීයි.

දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක මොටර් රථයකින් පැමිණෙන පිරිසක් ආපනශාලාවට සහ සේවකයින්ට ඉවක් බවක් නොමැතිව පහර දෙන්නේ රටේ නීතිය පවා අභියෝගයට ලක් කරමින්.
 
එම ප්‍රදේශයේ ක්‍රියාත්මක මැර කණ්ඩායමක් විසින් මෙම ආපනශාලාවේ හිමිකරුගෙන් ඉල්ලූ කප්පම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පහර දීම සිදු කර ඇති බවටයි මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබුණේ.
 
කෙසේවෙතත්, මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකිරීමට ආපනශාලාවේ හිමිකරු තීරණය කරන්නේ මැරයින්ට ඇති බිය නිසාවෙන්.
 
නමුත් ඉන් පසුවත් දිගින් දිගටම කප්පම් වහාම ලබා දෙන ලෙස බලකරමින් තමන්ට ඩුබායි රාජ්‍යෙය් සිට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ගණනාවක් නොකඩවා පැමිණි බව ආපනශාලා හිමිකරු ප්‍රකාශ කළා.
 
ඒ සමගින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර ආපනශාලාවේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ නිලධාරීන් තිදෙනෙකු යෙදවීමට පොලීසිය පියවර ගන්නවා.
 
කෙසේවුවද කප්පම්කරුවන් ඔවුන්ගේ දෙවන ප්‍රහාරය ඊයේ අලුයම 12.20ට පමණ අදාල ආපනශාලාවට එල්ල කරන්නේ ස්වයංක්‍රීය ගිනි අවිද යොදා ගනිමින්.
 
ඊට මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කරන බවට කප්පම්කරුවන් විසින් හිමිකරුට දුරකථන ඇමතුමකින් දන්වා සිටීමද විශේෂත්වයක්.
 
ඒ මොහොත වනවිටත් ආපනශාලවේ ආරක්ෂාව සඳහා ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රඳවා සිටියද ඔවුන් වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් පළ කරන්නේ නැහැ.
 
ආරක්ෂිත කැමරා වලද ඒ බව සටහන් වී තිබුණා.
 
සැකකරුවන් වෙඩි තබා පලා යන අවස්ථාවේදී එලෙස කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි ගල්කිස්ස පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
 
පොලිසිය පැවසූවේ විදෙස්ගතව සිටින පාතාල අපරාධකරුවෙක් විසින් වෙඩි තැබීම මෙහෙයවා ඇති බව සැකකරන බවයි.
 
ඒ අතර ධර්මසිරි නැමැත්තෙකු පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළා.වෙඩි තැබීමෙන් අනතුරුවද කප්පම්කරුවන් ආපනශාලා හිමිකරුට දුරකථනයෙන් අමතා මරණ තර්ජන එල්ල කළ ආකාරයද දක්නට ලැබුණා..
 
 
මෙම ප්‍රහාරකයින් කවුදැයි හදුනාගැනීම සඳහා අදාල හඩ පටයේ සඳහන් වන එක් නමක් පිළිබඳව අපගේ අවධානය යොමු වුණා.
 
ඒ රන්ජන් සිල්වා කවුද යන්නයි.
 
කේ. රන්ජන් සිල්වා මහතා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාද වනවා.
 
රන්ජන් සිල්වා මහතා 2018 වසරේ මැයි මස 24 වෙනිදා රාත්‍රියේ පුද්ගලයන් තිදෙනෙක් විසින්වෙඩි තබා ඝාතනය කරන්නේ රත්මලාන ඥානේද්‍ර පාරේ පිහිටි නිවසක් ඉදිරිපිටදියි.
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් රන්ජන් සිල්වා මහතාගේ ඥාතීන් එවකදී චෝදනා කළේ මත්කුඩු ජාවරම්කරුවෙකු වන කුඩු අංජු නමැත්තාටයි.
 
කුඩු අංජු නමැත්තා ඒ වනවිටත් විදෙස්ගතව සිටි අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5ක් යොදවා පරීක්ෂණ ආරම්භ කළා.
 
නමුත් රන්ජන් සිල්වා ඝාතනයට ලක් වී මේ වනවිට වසර දෙකක් ගත වුවද කුඩු අංජු නැමැත්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැහැ.
 
මෙම ආපනශාලාවට එල්ල කළ වෙඩි ප්‍රහාරයත් කුඩු අංජු නැමැත්තා විසින් සිදු කරන ලද්දක්දැයි මෙතෙක් ආනරවණය වී නැතත්, එය ඉක්මණින් විසඳාගත යුතුව ඇත්තේ මොරටුවේ පාතාලය මේ වනවිටත් ප්‍රදේශයේ ජන ජීවිතය භීතියෙන් මුසපත් කර ඇති නිසාවෙන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top