මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඔවුන් විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.
අද දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 8ක්.
තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1563ක් UPDATE
2020-05-30 17:40:52
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 5ක්.
මේවන විට මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 772ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 781ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 10ක්.
Update - තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා - සමස්ත රෝගීන් සංඛ්‍යාව 1561 දක්වා ඉහළට
2020-05-30 16:29:52
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1561 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, තවත් වෛරස් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරුවීමත් සමගයි.
අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තාවී ඇති අතර ඔවුන් නාවික හමුදා සාමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ.
--------------------------
2020-05-30 15:39:52
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1559 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, තවත් නාවික හමුදා සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වීමත් සමගයි.