Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
30
"16 වැනි උපන්දිනය දවසේ විවාහ යෝජනාවක්.. මට උපන්දිනය එපා වුණා, ඒ සතුට භූක්ති විඳින්නවත් ලැබුණේ නැහැ.." - රංගන ශිල්පිනී තරුෂි පෙරේරා, අමතක නොවන උපන්දින සාදය මතක් කළ හැටි - Photos

- "16 වැනි උපන්දිනය දවසේ විවාහ යෝජනාවක්.. මට උපන්දිනය එපා වුණා, ඒ සතුට භූක්ති විඳින්නවත් ලැබුණේ නැහැ.." - රංගන ශිල්පිනී තරුෂි පෙරේරා, අමතක නොවන උපන්දින සාදය මතක් කළ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views
"අපේ සෙල්ලම් වයස.. ඒ වගේ පොඩි වයසක ඒ වගේ යෝජනාවක්..."
 
"ඒ කාලේ.. අපි සාමාන්‍ය පෙළට මුහුණ දීලා එහෙම ඉන්න කාලෙනේ..."
 
"ඒ මල් දැන් පරවෙලා තිබුණත් පරවුණු කුඩු ටික පවා මම අරගෙන තියාගෙන ඉන්නේ..."
 
දින, සති, මාස ගෙවෙමින් වසරින් වසර අප වියපත් වී ජීවිතයට උපන්දින ගණනාවක් එකතු වන්නේ අපිටත් නොදැනෙන ලෙසිනුයි..
 
ප්‍රවීණ රංගන ශිල්පිණී තරුෂී පෙරේරාගේ උපන්දිනය හෙට (31) දිනට යෙදී තිබෙනවා.

මෙවර ඇගේ උපන්දිනය ගැන ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහේ කතාවක් කියලා තිබුණා. මේ ඒ ගැනයි....
 
තරුෂිගේ ඉපදීම ගැන අම්මා, තාත්තා මොනවද කියලා තියෙන්නේ..?
අම්මා තාත්තා කියපු විදිහට නම් මගේ උපත වාසනාවන්ත උපතක් විදිහට තමයි කියන්නේ. අපේ තාත්තා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ තමයි නිරත වෙලා ඉන්නේ. ඉතින් මම ඉපදුනු දවස්වල ඉදිකිරීම් කොන්රාත්තු වගයන් ලැබිලත් තියනවා. ඒ නිසා මාව බලන්න එන්න පරක්කු වෙලාත් තියෙනවා. ඒ සිදුවීම අම්මා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මගේ පවුලේ නැදෑයෙත් ගොඩක්ම එකතු වෙලා තියනවා. මොකද මගේ අම්මගේ පවුලෙන් අම්මා තමයි මුලින්ම විවාහ වෙලා තියෙන්නේ. අඩු වයසින් අම්මා විවාහ වෙලා තියෙන්නෙත්. ඉතින් ඒ ලොකු පවුලට එකතු වුණු මුල්ම දරුවා වෙලා තියෙන්නේ මම. ඒ නිසාම මාමාලා, නැන්දලා හැමෝගෙන්ම ලොකු ආදරයක් ලැබිලා තියෙනවා. ඒ මම ගෙදරට එළියක් ගෙනාවා කියලා..
 
එතනින් පස්සේ මගේ නංගියි පවුලේ අනිත් අයයි ළඟ ළඟ ලැබුණා. නමුත් නංගිලා දෙන්නයි මල්ලියි එකතුවුණූ මගේ පවුලේ වැඩිමලා මම නිසා හැමෝගෙම ආදරය ලබා ගන්න පුළුවන් වුණා කියන දේ තමයි දැනගන්න ලැබුණේ..
 
ඒ කාලේ කොයි විදියටද උපන්දිනය සමරලා තියෙන්නේ?
මම පවුලට මුලින්ම එකතු වුණු දරුවා නිසා හැමෝගෙම ආදරේ වගේම තෑගි භෝගත් ගොඩක් ලැබිලා තියනවා. අම්මා කොහොමත් උදෙන්ම පන්සල් යනවා. බෝධී පූජා තියනවා. සෙත් කවි කියලා ඒ තුළින් ආශිර්වාද ලබා ගන්නවා. ඒ දේවල් මූලිකවම සිදු කරලා තියෙනවා. ඊට අමතරව ඉතින් අම්මා ලස්සන ඇඳුම් මහලා දීලා තියෙනවා.
 
මම ගොඩක් ආසයි ළමා සාරියට.. ඒකත් අම්මා ලස්සනට මහලා දීලා තියෙනවා. මම වැඩිවියට පත් වුණාමත් විශේෂ ලස්සන ගවුමක් අම්මා ලස්සනට හදලා දුන්නා මතකයි.. ඉතින් මම මොන විදිහටද කැමති ඒ හැම විදිහටම ලස්සන ඇඳුම් අම්මා හදලා දෙනවා. මාව සර්ප්‍රයිස් වෙන විදිහට, තාත්තාත් ඒ වගේ, ලස්සන දේවල් අරන් දෙනවා. අම්මා, තාත්තා, මාමාලා, නැන්දලා හැමෝගෙන්ම ඒ කාලේ තෑගි ඇඳුම් ගොඩාක් දේවල් ලැබුණා. කේක් කපලා එහෙම ඒ කාලේ ළමා වයසේදී සතුටු වෙන්න ඕනෑ නිසා ඒ උපන්දින ඒ විදිහට සැමරුණා. නමුත් ටිකින් ටික තේරෙන වයසට එද්දි නම් ඒවගෙන් ටිකක් මිදිලා උපන්දින සැමරුම් සිදුවුණේ ළමා නිවාස-වල එහෙම.. පුළුවන් විදිහට අසරණ මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් පැත්ත බලලා ඒවා සිදු කළා..
 
මෑතකදී සමරපු උත්සවයක් තියනවාද?
මගේ උපන්දිනය නම් මම දැන් සමරන්නේ නැති තරම්.. මොකද මට දැන් ඊට වඩා විශේෂ දෙයක් ගැන හිතන්න තියෙන්නේ. ඒ මගේ පුතාගේ උපන් දිනය. පුතාගේ උපතත් මැයි මාසේ 27 වැනිදා. ඉතින් දැන් මගේ ජිවිතේ වටිනාම දවස වෙන්නේ මැයි 27. මගේ හැම උපන් දිනයකටම වඩා දැන් මට විශේෂ ඒ දවස....
 
ඉතින් මම ඒ දවස මගේ නිවසේම හෝ පුළුවන් විදිහට සමරනවා. ඉතින් දැන් මට මැයි මාසේ ගොඩක්ම වැදගත් වෙන්නේ මීට අවුරුදු පහකට පෙරදී මට ලැබුණූ මගේ පුතාගේ උපත නිසා. පුතාගේ සතුට වෙනුවෙන් තමයි ඉතින් දැන් අපි හැමදේම කරන්නේ..
 
අමතක නොවනම උපන්දිනයක් ගැන මතකයේ තියනවාද?
අම්මෝ ඔව්.. ඒ මගේ 16 වැනි උපන්දිනය.. ඒ මතකය ගැන නම් කතා කරන්නවත් කැමති නම් නෑ. ඒ තරම් ඒ දවස මට අවුල්. අවුරුදු 16 කියන්නේ අපි සාමාන්‍ය පෙළට මුහුණ දීලා එහෙම ඉන්න කාලෙනේ. අපේ සෙල්ලම් වයස.. ඉතින් ඒ දවසේ මට විවාහ යෝජනාවක් ආවා. ඒ වගේ පොඩි වයසක ඒ වගේ යෝජනාවක් ආවම මට උපන්දිනය එපා වුණා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙලත් තිබුණා. ඒත් ඒ ප්‍රශ්නේ නිසා ඒ සතුට භූක්ති විඳින්නවත් මට ලැබුණේ නැහැ..
 
රූගත කිරීම් අතරතුරදී සමරපු උපන්දින එහෙම තියනවාද?
එහෙම තියෙනවා. මෙවරත් ඒ දේ සිදුවෙයි සමහරවිට.. ඒ සැමරීම් හරි විනෝදයි.. එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. ගිය අවුරුද්දෙත් මම උපන්දිනය දවසේ රූගත කිරීමක හිටියේ. ඉතින් කේක් එකක් කපලා ඒ විදිහට සමරලා සතුටක් ලබනවා වගේම තමයි, අම්මා, තාත්තා පවුලේ අයගෙන් පසුව ලැබෙන ප්‍රේක්ෂක ආදරය.. ඔවුන්ගේ සුබ පැතුම් මට ඉහළයි.. මම දන්නේ නැති පළාත්වලින් කවදාවත් දැකලාවත් නැති අය කතා කරලා සුබ පතද්දි මට හිතෙනවා මගේ ඉපදීම හරහා සහ මම රටේ ඉන්න තැන හරහානේ ඒ සුබ පැතුම් එකතු කරන්නේ කියලා. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරය නිසා මට මං ගැනම ලොකු ආදරයක් දැනෙනවා....
 
ඒ වටිනා සුබ පැතුම් එක්ක විශේෂ වූ තෑග්ගක් ගැන එහෙම මතකයේ තියෙනවාද?
විශේෂ උපන්දින තෑග්ගක් කියන්නේ ඉතින් මට මගේ මහත්තයා මුණ ගැහෙන්නේ අප්‍රේල් මාසේ.. 2013 අප්‍රේල්වල.. ඉතින් ඒ මාසේ ඉඳලා මැයි 31 මගේ උපන්දිනය දවසෙ වෙද්දි අපේ ආදරේ ගොඩාක් අලුත්. ඉතින් ඔහුගෙන් එදා ලැබුණු හැම තෑග්ගක්ම අදත් මගේ ළඟ සුරැකිව තියෙනවා. ඒ ලැබුණු මල් පොකුරේ ඉඳන්ම.. ඒ මල් දැන් පරවෙලා තිබුණත් පරවුණු කුඩු ටික පවා මම අරගෙන තියාගෙන ඉන්නේ. ඒ වගේම ටෙඩියෙක් ඇතුළු තෑගි කිහිපයක්ම තියෙනවා. ජංගම දුරකථනයක්, ඔරලෝසුවක්.. ඉතින් ඒ හැමත් මට ගොඩක් වටිනවා.. ඒ නිසා.. හරිම පරිස්සමින් ඒවා ළඟ තියාගෙන ඉන්නවා...
 
ධනු විජේරත්න
(මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ලංකාදීප "සඳැල්ල" අතිරේකයෙනි.)


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top