Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
30
“අනිත් එකාලා වගේ ජරා විදිහට හැසිරෙන්නෙත් නෑ. නියම ඩීසන් මහත්තයෙක්.” - කටේ කිරි සුවඳ යන්නත් කලින්, නාඳුනන පිරිමින් යහනට රැගෙන ගිය පිටකොටුවේ 'රමණි', පොලිසියේ ලොක්කෙක් ගැන හෙළි කළ රහස [Exclusive]

- “අනිත් එකාලා වගේ ජරා විදිහට හැසිරෙන්නෙත් නෑ. නියම ඩීසන් මහත්තයෙක්.” - කටේ කිරි සුවඳ යන්නත් කලින්, නාඳුනන පිරිමින් යහනට රැගෙන ගිය පිටකොටුවේ 'රමණි', පොලිසියේ ලොක්කෙක් ගැන හෙළි කළ රහස [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,926 Views
“හොඳට ටයි කෝට් දාපු මහත්තයෙක් එක්ක.. පිටකොටුවේම රූම් එකකට ගියා.”
 
“කියන්න බැරි තරම් පොලිසියේ මහත්වරු එක්කත් මම ඉඳලා තියනවා..”
 
“මම දන්නවා, එයා මාව අඳුනගත්තා.. ඒත් නොදැක්කා වගේ ගියා.”
 
“මහත්තයා ඇත්තටම මගේ කතාව ලියන්න හදන්නේ...?”
 
ඇගේ දිරාපත් වෙච්ච ශරීරය ලයිට් කණුවකට හේත්තු වෙලා. මුහුණ පුරා විගඩම් කරපු දූලි තට්ටුවලට “පලයන්” කියලවත් නොකියා ඈ හරි හරියට මේ උරුලෑවෝ එක්කලා ඔට්ටු වෙනවා. ඉතින්... මම එතනින් මගේ කතාව පටන් ගන්නවා.
 
“ඔව්.. ලියන්න තමයි.. හැබැයි ඔක්කොටම කලින් මට ඔයාගේ නම කියන්න ඕනි.. කැමති නම් විතරක්...”

“වෙන නම් මොනාටද මහත්තයෝ.. කෙළින්ම දාන්නකෝ හිඟන්නි කියලා.. මම හිඟන්නියක්නේ...”
 
ඇය තව බුලත් හපයක් කටේ ඔබාගන්න අතරේ දත් විලිස්සලා මා එක්කලා හිනාවුණා.
 
“එහෙම හරි නෑනේ.. මම මේ කිව්වේ.. අපි ටිකක් සදාචාර සම්පන්න වුණොත් හොඳ නැද්ද..? අහන්නකෝ.. මෙහෙම කියමු.. හිඟන වෘත්තියේ යෙදෙන කාන්තාවක් වගේ..” මම කිව්ව හැටියේ ඇගේ කටේ තිබ්බ බුලත් හපයත් එළියට පැන්නා. මෙච්චර වෙලාවක් නිසොල්මනේ හිටපු ඇගේ හිනා බුබුළු පත්තු වෙද්දි මම පුදුමයෙන් ඇය දිහා ආයෙම වතාවක් බැලුවා. (වතාවක් හෝ දෙවතාවක්.)
 
“මොන...? කුණුහරප නොකියා ඉන්න මහත්තයා. මොකෝ මේක හිඟන වෘත්තිය කියලා කියන්නේ, මේක රජයේ ලියාපදිංචි රස්සාවක්යෑ.. මහත්තයලාට වගේ පැන්ෂන් දෙනවැයි අපිට.. දැක්ක තැන ගහලා පන්නන්නේ... හොඳයි මහත්තයාට ඕනිම නම් මම මගේ නම කියන්නම්... මම රමණී..”
 
“එතකොට රමණී ඇත්තටම හිඟන්නියක්ද? නැත්තම් ගණිකාවක්ද?”
 
“ම්ම්ම්.. ඔව් ඉතින් ඉස්සර නම් ඔය දෙකම හරි.. දැන් ගණිකාවක් කියන්න බෑනේ.. බලන්නකෝ ඉතින් මගේ හැටි.. දැන් මම වයසයි.. හැට පැනපු එකියක්.. කවුද මා එක්ක එන්නේ.. ගණිකා රස්සාව කරන්න පුළුවන් කාලයක් තියනවා මහත්තයා. ඒ කාලේ හොඳට හම්බ කළා මමත්..” ඇය අතීත කතාව දිග හරින්නට මත්තෙන් මිනිත්තු කිහිපයක් ගත කළා ඒ වෙනුවෙන්. හරි ආකාරව ආකාසේ ගිලගන්න කලින් ඈට අයිති කතාව අහන්න ආසාවෙන් මම ආයෙම ලයිට් කණුවට හේත්තු වුණා.
 
“ඉතින් කියන්න රමණිගේ කතාව මට මුල ඉඳන්..”
 
“මගේ පදිංචිය ඉතින් පිටකොටුව තමා මහත්තයෝ.. ඔය එක එකාලා කියන්නේ බඩුවක් කියලා.. ආන්න එහෙම ගෑණියක් තමයි මාත් ඉස්සර.. මම දන් නෑ මොන කරුමෙකට මේ රස්සාවට මම ආවද කියන්න.. ඒත්... මහත්තයෝ මම කරපු හොඳම රස්සාව මේක.. මම ඉතින් දැන් මෙහෙම වුණාට ඉස්සර යන්තම් ඇහැට කනට පේන ඒකියක්. වැඩිපුරම මා එක්කලා බුදියගත්තේ රස්සාවල් කරන්න කොටුවේ කරක් ගහපු එවුන් තමා. ලොතරැයිකාරයෝ.. වීල්කාරයෝ.. එතකොට.. කොන්දොස්තරලා.. අපි ඉතින් සුපිරි පන්තියේ ගණිකාවෝ නෙවෙයිනේ.. ඉතින් අපි වැඩිපුර ගන්නේ නෑ. මම රුපියල් තුන්සීයටත් මිනිස්සු එක්කලා ගිහින් තියනවා මතක ඇති කාලෙක... ආසාවට නෙවෙයි සල්ලි නැතිකමට..”
 
“ඒ දවස්වල දවසක ආදායම...?” මම ඇහුවා. ඇය අමුතු විදිහට හිනාවුණා.
 
“අම්මෝ... කීයක් කියලද හිතන්නේ මහත්තයා.. විසි දාහකට කිට්ටුයි... මම ඒ තරම් දවසට හම්බ කළා... ඒක එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි මහත්තයා. මොකද මම විතරක් නෙවෙයි ගැන් එකේ ඉන්නේ. තව උනුත් ඉන්නවා.. වෙලාවකට උනුත් වලි අපි එක්කලා..”
 
“පාරේ යන මිනිස්සු එහෙමත් අල්ලගන්නවලු නේද..?”
 
“ඔව් ඉතින්.. කවුරුත් නැති වුණාම ඒක තමයි කරන්න වෙන්නේ... එහෙම ආපු අයත් ගොඩාක් ඉන්නවා මහත්තයෝ.. හොඳට සල්ලි තියෙන මහත්වරු පවා.. ඇවිත් තියනවා.. මට මතකයි එකපාරක්... හොඳට ටයි කෝට් දාපු මහත්තයෙක් එක්ක.. පිටකොටුවේම රූම් එකකට ගියා. ඒ මහත්තයා මට රුපියල් හයදාහක් දුන්නා... මාව වර්ණනා කළා ගොඩක්... මතක කාලෙක ලැබුණු ලොකුම මුදල.. ඊට පස්සෙ කවදාවත් ඒ මහත්තයාව මුණ ගැහුණේ නැහැ..”
 
“රමණී... අහන්න අමතක උනා.. දැන් රමණී ගණිකාවක් කියලා මිනිස්සු අඳුනගන්නේ කොහොමද? පිටකොටුව කියන්නේ කී දාහක් යන එන තැනක්ද?” මගේ ඊළඟ ප්‍රශ්නය... රමණී වේගවත් බුලත් කෙළ පහරක් සිමෙන්ති බදාමයක ඉහිරුවා.
 
“අනේ ඉතින් මහත්තයාත් බබා වෙන්න හදනවනේ.. දන්නෙම නෑ... ඇයි හත්වලාමේ ඔය යන එන ගමන් දැකලා නැද්ද? බිත්තිවලට හේත්තුව දාගෙන ඉන්නේ. උකුළු මුකුළු කර කර.. ඒ කාලේ මම නම් පාවිච්චි කළේ කුඩයක්.. කුඩ මිටින් තමයි සංඥාව දෙන්නේ. ඒකෙන් අඟවනවා මම එහෙම කෙනෙක් කියලා.. පහුවෙනකොට ඔය විට එහෙම කන්න පුරුදු උනා. ඒකත් අඟවන්න පුළුවන් විදිහේ සංඥාවක්..”
 
“ඒවා විතරද?”
 
“ඇයි ඔය පස්සෙ ආපු උන් නම් එක එක විදිහේ නූල් පටි එහෙමත් ගැට ගහගෙන හිටියේ..”
 
“රමණිලාට කළමණාකරුවෝ නැද්ද..?”
 
“මොන ගොබිලයෝද ඒ..? අපිට ඉතින් අපි තමයි... මොකෝ අපි මේක මහා පරිමාණෙන් කරනවා නෙවෙයිනේ මහත්තයා...”
 
“අහන්නම ඕනි එකක්... පොලිසියෙන් එහෙම තහංචි වැටිලා නැද්ද වැඩේට...”
 
ඇය ඇගේ කිළිටි ගවුම් කැබැල්ලෙන් මුහුණ පිහිද ගත්තා. ඊළඟට අලුත මුණගැහුණු එකෙකු දිහා බලන්නා වගේ මගේ දිහා පුදුමයෙන් බැලුවා.
 
“පොලිසිය...? පිස්සු හැදෙයි! මහත්තයාට කියන්න බැරි තරම් පොලිසියේ මහත්වරු එක්කත් මම ඉඳලා තියනවා..”
 
“හැබෑට...?”
 
“ඔව්.... මම ඕනි නම් පොඩි කතාවක් කියන්නම්.. දැන් ඉතින් ඒවා කිව්වට කවුරුත් කලබල වෙන එකක් නෑ. ඉස්සර මා එක්ක නිතරම ඉන්න එනවා පොලිසියේ කොස්තාපල් මහත්තයෙක්. එයා හරි හොඳයි. මට ඩබල් ගෙවනවා. අනිත් එකාලා වගේ ජරා විදිහට හැසිරෙන්නෙත් නෑ. නියම ඩීසන් මහත්තයෙක්. අනේ දැන් ඒ මහත්තයා පොලිසියේ ලොක්කෙක්. මම නම කියන්නේ නෑ, අහන්නත් එපා... පස්සෙ ඒ මහත්තයා ආවේ නෑ මා එක්ක ඉන්න.. කාලයක් ගිහිල්ලා තමයි මම ඒ මහත්තයා ලොකු තැනක ඉන්නවා කියලා දැනගත්තේ.. ඒත් දැන් එයත් ටිකක් මැදි වයසේ.. මම හොඳටෝම වයසයි.. ඒ මහත්තයා ගැන අදටත් මගේ හිතේ ලොකු ගෞරවයක් තියනවා. අහන්න එපා ඒ ගැන.. ඒ මහත්තයා කොළඹ හරි කොහේ හරි තැනක ඇති... මට දවස් දෙකක් හම්බුණා.. මම දන්නවා, එයා මාව අඳුනගත්තා.. ඒත් නොදැක්කා වගේ ගියා. දැන් පොලිසියේ ලොක්කෙක් නොවැ..”
 
තව බුලත් හපයක් කටේ ඔබාගත්ත ඇය හීන් හඬින් ඉකි බිඳින්න ගත්තා. අනුකම්පාවක් උපදවන්නද ඈ ගැන මං? හැඟීම් විරහිත රොබෝවරයෙකු වගේ මම ඈ ඉස්සරහා ආයෙම පෙනී හිටියා. ඇගේ වත මල මැළිවිලා ගිහින්.. පිරිමි දාහක් දෙදාහක් එක්කලා ඔට්ටු වෙච්චි ශරීර කූඩුවක්.. කාලයක් ශරීරයේ දිගා වෙච්චි පිරිමි උන් ගණන වැඩි වුණත්.. ඈට ලෙඩක් දුකක් තියනවද නැද්ද කියලවත් ඈ අද වෙනකන් දන්නේ නැල්ලු. ඒ ගැන දැනගන්න ඕනිත් නැල්ලු.
 
“එක දවසක් මහත්තයා වගේම පත්තරෙකින් කියලා නෝනා කෙනෙක් ආවා. අම්මෝ අහපු ප්‍රශ්න තොගේ.. මාත් ඉතින් ඔහේ උත්තර දුන්නා.. ඒ නෝනා අන්තිමට ඇහුවා, මේ ජොබ් එක අත අරින්න කැමතිද කියලා? ඔය පාර අතුගානවා වගේ නම්බුකාර රස්සාවක් කරන්න, එයා උදව් කරන්නම් කිව්වා... මම කිව්වා ඉතින් දවසකට තිස් දාහක් හතළිස් දාහක් ලැබෙනවනම් ඕන පාරක් අතුගාන්නම් කියලා...”
 
“ඒ කියන්නේ රමණීට ජොබ් එක සරුවටම තිබිලා..”
 
“නැත්තම් ඉතින්... මම ෆොරිනස්ලා එක්කත් ගිහින් තියනවා. උන් හරි ආසයි අපි වගේ කළු කෙල්ලන්ට. අනික හොඳට වියදම් කරනවාත් එක්ක... සමහර උන් මට රට යන්නත් අඬ ගැහුවා..”
 
“පවුලේ විස්තර කියන්න කැමති නැද්ද..?” මගේ ඊළඟ ප්‍රශ්නයට උත්තරයක් විදිහට ඇය ඔලුව දෙපැත්තට දැම්මා විතරයි.
 
“ඒවා අහන්න එපා. ඇහුවා කියලා කියන්න තරම් පවුලක විස්තරයක් නෑ මහත්තයා මං ළඟ.. මම දන්න කාලේ ඉඳන් ඉන්නේ මේකේ තමා.. මම මෙච්චර කාලෙත් (අතින් පෙන්වයි.) බඩමහත පිරිමි මා එක්ක බුදිය ගත්තා. ඒක තමා අන්තිමට මගේ රස්සාවත් වුණේ...”
 
“අද වෙද්දි ගණිකාවක් වෙලා හිටපු එක ගැන, සතුටක් ද තියෙන්නේ දුකක්ද?”
 
ඇය කොන්ක්‍රීට් බැම්මට හේත්තු වෙලා සුසුමක් හෙළුවා. කියන්න දාහක් දේ හිතේ හිරකරගෙන අවසානයේ එකම එක උත්තරයක් දුන්නා.
 
“දුකක්..! ඇත්තටම දුකක්.. මහත්තයාට පේනවාද අර බෝධීය..? මම හැමදාම ඕකට යනවා එනවා.. පව් හෝදගන්න නෙවෙයි වෙන එකිලා වගේ.. මොකෝ පව් හේදෙයිද දැන්..? නැහැනේ මහත්තයෝ.. මම දකිනවා ඔතනට එන යන අය... හරිම සීදේවි පාට නෝනාවරු... ඒ අත්වල එල්ලිච්ච කිරි සප්පයෝ.. මට මතක් වෙනවා මම ගබ්සාවක් කරපු හැටි... එදා මට කිසිම හැඟීමක් තිබ්බේ නෑ.. ඒත් මට අපරාදේ හිතෙනවා අද දරුවෙක්වත් මට නැති එක ගැන.. අදටත් රුපියල් දෙසීය තුන්සීයට මා එක්ක බුදියන්න එන්න අහන වල් සත්තු ඉන්නවා. ඒත් මම දැන් ඇඟ විකුණන් නෑ මහත්තයෝ.. පුළුවන් තරම් කාලයක් ඔය බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා..”
 
මම අතේ තිබ්බ නෝට් බුක් එක වහලා බෑග් එකට එබුවා. ඈ දැන් කෑමෙන් සප්පායම් වුණු නිසා ආයෙම කෑම එකක් අරන් දෙනවා වෙනුවට මම ඈට බුලත් විටි දෙකකින් සංග්‍රහ කළා. “මහත්තයෝ” කියලා යටහත් පහත්ව කතා කරපු ඈ, මම නික්මෙනකොටත් දෑත් එක්කහු කරලා මොනාදෝ හෙමින් මිමිණුවා.
 
මට අමරසිරි පීරිස් මහත්තයාගේ සිංදුවක් මතක් උනා.
 
“ළඳුනේ.. ළඳුනේ...
දෙනෝදාහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ................”
 
-By Samitha Lakshan
 
(මෙම ලිපිය සකස් කිරීමට සහයෝගය දැක්වූ ප්‍රගීත් එස්. නාලින්ද සහ ලසන්ත ගිම්හාන් සොයුරන් දෙපළට ස්තුතියි.)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top