මල්ලිගේ දූ පැටියා එක්ක කාලය ගත කළා....
වැඩියෙන්ම කුකරි වැඩ තමා කළේ....
කොරෝනා වසංගතය මෙරට තුළ ව්‍යාප්තවීමට පටන් අරන් මේ වෙද්දි මාස දෙකකට වැඩි කාලයක් ගත වෙලා අවසන්.
පසුගිය මාර්තු මාසයේදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න රජය විසින් ඇදිරි නීතිය පනවනු ලැබුවා. ඉතිං ඒත් එක්කම චිත්‍රපටි ක්ෂේත්‍රයේ සහ ටෙලි සිනමා ක්ෂේත්‍රයේ ගොඩාක් වැඩ අත්හිටුවන්නට තීරණය කළා.
මේ වෙද්දී සෞඛ්‍ය උපදෙස්වලට අනුව රූගත කිරීම්වලට අනුමැතිය ලබාදී තිබුණත් කර්මාන්තයේ වැඩ පුරුදු තත්ත්වයට පැමිණි නැහැ කියලයි එම ක්ෂේත්‍රවල ඉන්න අය නම් කියන්නේ.
මධුවී වත්සලා කියන්නේ මෙරට බොහෝ අය ආදරය කරන චරිතයක්, කොරෝනා ව්‍යාප්තියත් එක්ක ගෙදරට වෙලා ඉන්න ඇය ජාතික පුවත්පතකට මෙහෙම මෙහෙ කියලා තිබුණා.
මේ දරුණු වසංගතය අපේ රට ඇතුළේ පැතිරෙන්න පටන් ගනිද්දි මටත් මගේ අම්මාටත් ටෙලි නාට්‍යයකට ඇරයුම් ලැබිලා එහි රූගත කිරීම්වලට සහභාගි වෙන්න සියලු කටයුතු සැලසුම් කරගෙනයි හිටියේ.
ඒ වැඩ කටයුතු හරියට මාස දෙකකින් කල් ගියා. ඒ වගේම මම කරගෙන ගිය රූපවාහිනී නාලිකා වැඩසටහන් අතර මග නැවතුණා. අපි හැමෝටම ගෙවල්වලට වෙලා ඉන්න සිද්ධ වුණානේ.
ඒත් නිවාඩුව ප්‍රයෝජනයට අරගෙන මම යුටියුබ් නාලිකාවක් පටන් ගත්තා. ඒ හරහා කුකරි විඩියෝ තමයි මම වැඩිපුරම කළේ. ඔය අතරේ මගේ මල්ලි ගේ දූ පැටියා එක්කත් කාලය ගත කළා.
දැන් රටේ තත්ත්වය යහපත්වේ ගෙන එන නිසා ටෙලිනාට්‍ය වැඩවලටත්, රූපවාහිනී වැඩසටහන්වලටත් යන්න ලකලෑස්ති වෙලා ඉන්නවා.
(මෙම උපුටාගැනීම "දිවයින" පුවත්පතේ "මීවිත" අතිරේකයෙන්.)