Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
30
"උමතුවෙන් වගේ ආදරේ සොයාගෙන යන කෙනෙක්. ආදරේට පණ ඇරලා ආදරේ කරනවා..." - චූලක්ෂි රණතුංග

- "උමතුවෙන් වගේ ආදරේ සොයාගෙන යන කෙනෙක්. ආදරේට පණ ඇරලා ආදරේ කරනවා..." - චූලක්ෂි රණතුංගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,975 Views
වාණීජ සිනමාවෙන් කරලියට පැමිණි බොහෝ නවක මුහුණු අතර ප්‍රේක්ෂකාගාරය තුළ ඇයට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. 2014 මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයත් සමග සිනමාවෙන් රංගනයට පිවිසියත් මෝස්තර නිරූපණයෙන් නම් ඇය නිරතුරුවම පුවත් මවන්නියක් කිව්වොත් වඩාත් නිවැරදියි. කොහොම වුණත් සිනමාවෙන් වගේම පුංචි තිරයෙන්ද මේ දිනවල ප්‍රේක්ෂකාගාරයට එන චූලක්ෂිව අද අපේ කතාබහ තුළින් මුණ ගැහෙන්න සිතුවා. කොරෝනා වෛරසයත් සමග කාර්ය බහුල වුණු ජීවිත නිරෝධායනය වෙන වෙලාවක කොරෝනා කාලේ චූලක්ෂිගේ ආලේ ගැන අපට කිව්වෙ මේ විදියට

මුලින්ම ඇඳිරිනීතිය දානකොට මම හිටියේ කොළඹ. කොළඹ හිර වෙලා හිටපු දවස් ටික නම් ගෙවා ගත්තේ හරිම අමාරුවෙන්. ඊට පස්සෙ සිංහල අවුරුද්දෙන් පස්සේ අත්තනගල්ල මගේ ගමට යන්න අවස්ථාව ලැබුණා. සැනසීමක් දැනුණේ ගමට ආවම තමයි.

කොරෝනා කාලේ අම්මාගෙයි ඉස්කෝලේ අම්මා (මගේ අත්තම්මාගෙයි) ආදරේ මැද්දේ හරිම සතුටෙන් ගෙදරට වෙලා ඉන්නවා.

නිරෝධායන මාස කීපය නිකම්ම ගෙවලා දැම්මාද?
අපෝ නැහැ. ඉස්කෝලේ අම්මා මට ඉස්සර කියලා දීපු මැහුම් ගෙතුම් ආයෙම පටන් ගත්තා. මගේ අත්තම්මට ලස්සනට මහන්න පුළුවන්. එයාගෙන් ඉගෙන ගෙන මම මැහුම් ගෙතුම් කළා. අම්මාගේ එළවළු වගාවටත් පොඩි පොඩි උදව් කළා. චිත්‍රපටි කිහිපයක පිටපත් ලැබිලා තිබුණා. ඒවා බැලුවා. මග ඇරුණු චිත්‍රපටි බැලුවා. නිරෝධායන කාලයත් එක්ක මිනිස්සු හිතන පතන විදිහත් වෙනස් වුණා. මිනිස්සු සොබා දහමට ආදරේ කරන්න පටන් ගත්තා. මනසට මොකක්දෝ අමුතු සැහැල්ලුවක් මේ කාලය අපට ලබා දුන්නා. අම්මාගේ රස කෑම කාලා දැන්නම් ටිකක් මහත් වෙලා ඉන්නේ. කොහොම වුණත් අවුරුදු ගණනකට පස්සේ ඇත්තටම ගෙදර අයගේ ආදරෙත් එක්ක ලොකු මානසික නිදහසක් ලැබුණා. සියලුම වැඩකටයුතු වයිරසයත් එක්ක ඇණ හිටියා. නැවත වැඩ ආරම්භ කළ හැකි පරිසරයක් උදාවුණ ගමන්ම කොළඹට නැවත එනවා. එතකම් ගමට වෙලා ඉන්නවා. ගමේ තියෙන නිදහස ලොකේ කොහේ ගියත් අපට ගන්න බැහැ.

සිනමාවෙන්ම දැකපු චූලක්ෂිව මේ දිනවල පුංචි තිරයෙනුත් දකින්න ලැබෙනවා.
ප්‍රදීප් ධර්මදාස මහතා අධ්‍යක්ෂණය කරපු කිඳුරාදරී ටෙලි නාට්‍ය මගේ පළමු ටෙලි නිර්මාණය. එහි මම නිරූපණය කරන්නේ තේජා කියන චරිතය. තේජා කියන්නේ ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක්. මගේ පළමු චිත්‍රපටය දේදුණු ආකාසේ චිත්‍රපටයෙත් මම නිරූපණය කරන්නේ නර්තන ශිල්පිනියකගේ චරිතයක්. චරිත දෙක හාත්පසින්ම වෙනස්. කොහොම වුණත් තේජා කියන චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරූපිකාවක් වුණ මකලාවට පාර කැපුවේ දේදුණු ආකාසේ චිත්‍රපටයෙන්. ටෙලියකට දායක වෙන්න ඇත්තට මට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් කිඳුරාදරී නාට්‍යයේ තේජා කියන නර්තන ශිල්පිනියට සාධාරණයක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතුවා. නාට්‍ය කණ්‍ඩායමේ සියලුම දෙනා මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා.

කලාව තෝරාගන්න හිතුවේ චූලක්ෂි නිරූපිකාවක් නිසාද?
මම කලාවට කිසිම ආසාවක් තිබුණූ කෙනෙක් නෙමෙයි. මට ඕන වුණේ වෘත්තිය මට්ටමෙන් පැසිපන්දු ක්‍රීඩිකාවක් වෙන්න. මගේ අරමුණට යන අතරමගදි තමයි මිස් ශ්‍රී ලංකා අයදුම් කළේ. නිරූපණයට එනවට මගේ අම්මා , තාත්තා විතරක් නෙමෙයි, නෑ දෑ හිතවතුන්වත් කැමැති වුණේ නැහැ. කලාවට අඩිය තිබබේ මගේ තනි තීරණයෙන්. නමුත් අම්මලා මා තුළ තැබූ විශ්වාසය මම අදටත් රකිනවා. 2014 මිස් ශ්‍රී ලංකා වුණාට මම කවදාවත් හිතුවෙ නැහැ මට රඟපාන්න පුළුවන් කියලා. ප්‍රියන්ත අයියාගේ චිත්‍රපටයට තිර පරීක්ෂණයකට මුහුණ දුන් පිරිස අතුරින් මාව තේරුණාම මා තුළ රංගනයට පුංචි හෝ දක්ෂතාවයක් ඇති කියලා හිතුණා. මම රංගනය තුළ දක්ෂයෙක් නෙමෙයි. මට තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මගේ එකම හීනය සිනමා නිළියක් වෙන එක තමයි.

චුලක්ෂි කියන්නේ නිතරම හිට් වෙන චරිතයක්. හේතුව ඇඳුම් විලාසිතාද?
මම විලාසිතා කරන්නේ මගේ කැමැත්ත අනුව. එහෙම නැතුව හිට් වෙන්න නොවෙයි.

කලාව ඇතුලේ චුලක්ෂිටත් තරඟකාරිත්වයක් තියෙනවාද?
මට කා එක්කවත් තරඟයක් නැහැ. අනිත් එක තමයි යාළු හිතවත්කම් වල මට ඇරියස් නැහැ. මම ගැන නොදන්න අයට මම කොහොම කෙනෙක්ද කියලා පෙන්නන්න යන්නෙත් නැහැ. චූලක්ෂි කියන්නේ පිටින් බලනවට වඩා හරිම වෙනස් සංකීර්ණ චරිතයක්.

ආදරේ කියන තැනදි චූලක්ෂි කොයි වගේ කෙනෙක්ද?
උමතුවෙන් වගේ ආදරේ සොයාගෙන යන කෙනෙක්. ආදරේට පණ ඇරලා ආදරේ කරනවා. හැබැයි මගේ ආදරේ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරන්න මම කැමැති නැහැ.

ලංකාදීප





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top