නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි අතර කළුතර, ගාල්ල, මාතර ,රත්නපුර, කෑගල්ල සහ නුවර - එළිය දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නෙවේදනය කරනවා.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං (පැ.කි.මී. 70 - 80 දක්වා) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.