Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
30
"ගමේ ළිඳ ළඟ සංගමේ ජාන තියෙන අය තමයි ඔය විවේචනය කර කර ඉන්නේ, සමහර මිනිසුන්ගේ කමෙන්ට් දැක්කම පව් කියලා හිතෙනවා..." - විවේචන එල්ල කරන අයට, ශලනි තාරකා කිව්ව සැර කතාව - Photos

- "ගමේ ළිඳ ළඟ සංගමේ ජාන තියෙන අය තමයි ඔය විවේචනය කර කර ඉන්නේ, සමහර මිනිසුන්ගේ කමෙන්ට් දැක්කම පව් කියලා හිතෙනවා..." - විවේචන එල්ල කරන අයට, ශලනි තාරකා කිව්ව සැර කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,728 Views
"තවම අපි දෙන්නගෙම කාලේ නෙවෙයි වෙන්න ඇති. කොල්ලෝ හම්බෙන්න වෙලාවක් නැහැ..."
 
"එයාලා එක එක දේවල් කිව්වා කියලා මගේ ගමන නැවැතිලා නෑනේ..."
 
"මම නම් තව කෙනෙක්ගේ වරදක් කියන්න අකුරු ටිකක් ටයිප් කරන්නවත් කල් වරන්නේ නෑ..."
 
පුංචි තිරයෙන් සිය කුසලතා ඔස්සේ ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබමින් විටෙන් විට ජනප්‍රිය සම්මානයෙන් ද ඇගැයීම් ලැබූ ශලනි තාරකා විවිධ නිර්මාණ ඔස්සේ ඔබව මුණ ගැහෙනවා.. මේ දිනවල හිරු ටීවී ඔස්සේ සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 9ට විකාශය වන "සිහින ගෙනෙන කුමාරියේ" ටෙලි නාට්‍යයේ "සත්සරණී" ලෙසින් ඈ කාගෙත් මතකයට එකතු වෙලා ඉන්නවා..
 
කාගෙත් ආදරය දිනාගත් ශලනි තාරකා, ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියා තිබුණා.

පහුගිය දවස්වල බොහෝ නාට්‍ය විකාශයවීම නතර වුණා. හැබැයි ශලනි සම්බන්ධ වුණ නිර්මාණ නම් ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබුණා?
ඔව්. මේ කොරෝනා ප්‍රශ්නය එන්න කලින් මම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ ඒ නාට්‍යවල රූගත කිරීම් නිසා. රූගත කිරීම් අවශ්‍ය පරිදි කරලා තිබ්බ නිසා සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍ය දිගටම විකාශය වුණා. චිත්‍රපටයකත් රූගත කිරීම් කළා. ඊට පස්සේ කොරෝනා ප්‍රශ්නය නිසා දින පනහක්ම ගෙදරට වෙලා හිටියේ. දැන් ආයෙත් රූගත කිරීම් පටන්ගෙන තියෙන්නේ.
 
ශලනි වාණිජ සහ කලාත්මක කියන තල දෙකේම නිර්මාණවල දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්. මේ තල දෙකේ නිර්මාණ දෙකක පේන්න ඉන්නකොට ඒ වෙනස ප්‍රේක්ෂකයෝ භාරගෙන තිබෙන්නේ කොහොමද?
මම සාමාන්‍යයෙන් අවුරුද්දකට එක කලාත්මක නිර්මාණයකට හරි දායක වෙනවා. නමුත් මිනිස්සු වැඩිපුර හුරුවෙලා තිබුණේ වාණිජ නිර්මාණ බලන්න. මෑත කාලයේ වාණිජ නිර්මාණවලට වඩා කලාත්මක නිර්මාණ වැලඳගන්න ස්වභාවයක් තියෙනවා. දැන් මිනිස්සු ගුණාත්මක දේවල් දුන්නොත් බලනවා. ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයො සතියේ දවස් පහේ තමයි වැඩිපුර නාට්‍ය බලන්නේ. සති අන්තයේ ඔවුන්ට ඔවුන්ගේ විවිධ වැඩ තියෙනවා. නමුත් පහුගිය කාලේ ගෙදරට වෙලාම ඉන්න වුණු තත්ත්වය එක්ක යූ ටියුබ්වලින් හරි ටෙලි නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයෝ වැඩිමනක් යොමු වුණා. ලංකාවෙන් පිට ඉන්න අය වුණත් ගොඩක් අපේ නාට්‍ය බලන්න ගත්තා.
 
ඔබ වැඩිපුර කැමැති කලාත්මක නිර්මාණවලටද? වාණිජ නිර්මාණවලටද?
මගේ පෞද්ගලික කැමැත්ත තියෙන්නේ කලාත්මක නිර්මාණවලට. වාණිජ නිර්මාණවලට මම අකැමැතියි කියලා නෙමෙයි කියන්නේ. හැබැයි මම ඔහේ දෙබස් කියලා එන්න තියෙන උදේ වැඩට යනවා වගේ යන්න වෙන නාට්‍ය කරන්න කැමැති නැහැ. සමහර නාට්‍ය තියෙනවා මුලින් ලොකුවට පටන්ගෙන මැදක් වෙද්දි අධ්‍යක්ෂවරු මාරුවෙනවා. පිටපත මාරු වෙනවා. චරිත මාරු වෙනවා. කලාත්මක නිර්මාණවල ඒ වගේ විකාර කරන්න බැහැ. ඒ නිර්මාණවලට ගන්නේ අවශ්‍යම නළු නිළියෝ. වාණිජ නාට්‍ය තියෙන්න ඕන. හැබැයි හරවත්, මිනිසුන්ට පණිවුඩයක් දෙන නිර්මාණ බිහිවෙනවා නම් හොඳයි. මම ප්‍රශ්න තිබ්බ නිර්මාණවලින් අයින් වුණා. මම කොටස් සියය හෝ එකසිය පනහෙන් එහා යන මෙගා නාට්‍යයකට කළේ වස්සානේ ප්‍රේමය විතරයි. ඒක අතිශයින් ජනප්‍රිය වුණා. ඒ නාට්‍යයට මට ජනප්‍රිය නිළිය සම්මානය තුන්වතාවක් ලැබුණා. සංජය නිර්මාල් එය අධ්‍යක්ෂණය කළේ. ජනප්‍රිය තලයේ තිබියදී තමයි ඒ නාට්‍ය නතර කළේ.
 
සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ ඔබ කොහොම චරිතයක්ද ?
සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ මම අහිංසක, ඒත් කටකාර මලක් වගේ කෙල්ලෙක්. පොඩ්ඩක් ඇත්නම් හිත රිදෙන කෙනෙක් සත්සරණි. සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය ගීතමය ටෙලි නාට්‍යයක්. පුංචි දරුවෝ, වැඩිහිටියෝ ඒක හරිම ආදරයෙන් වැලඳගෙන තියෙනවා.
 
ඔය චරිත ඇතුළේ තියෙන කෑලි ශලනිගේ සැබෑ ජීවිතෙත් ඇති නේද?
ඔය කරන චරිතවල යම් යම් කෑලි ටිකක් මගේ ජීවිතේ තියෙනවා. මම සාමාන්‍යයෙන් කාගේහරි හිත රිදුණත් කියන්න තියෙන දේ කෙළින්ම කියන කෙනෙක්. මම තරහා හිතේ තියාගෙන පුපුර පුපුර ඉන්න කෙනෙක් නෙමෙයි. කියන්න තියෙන දේ යාළුවන්ට වුණත් පවුලේ අයට වුණත් කෙළින් කියනවා. හැබැයි මම ගොඩක් දරුණු නැහැ. හිතේ තියාගෙන විඳවන්නේ නැහැ. මම දරුවන්ට, සතුන්ට හරි ආදරෙයි. හැම මනුෂ්‍යයෙක්ගේම ළඟ හොඳ, නරක ලක්ෂණ තියෙනවනේ. ඒක සාමාන්‍යයි.
 
ඔබ ප්‍රධාන චරිතවලින් තමයි නිතර දකින්න ලැබෙන්නේ. ප්‍රධාන චරිත ශලනිව හොයාගෙන එන රහස මොකද්ද?
මම දන්නේ නෑ ඒ ඇයි කියලා. මට සහාය චරිතයකට කතා කළා කියලා මම ඒක නොකර ඉන්න කෙනෙක් නෙමෙයි. මම මේ වෙනකොට ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු ‍ෙදාළහක් වෙනවා. පළමු නිර්මාණයේ ඉඳන් මම මේ දක්වා කළ චරිත ප්‍රධාන චරිත. අධ්‍යක්ෂවරු මට ප්‍රධාන චරිතවලට කතා කරන්නේ මං ගැන තියෙන විශ්වාසය නිසා වෙන්න ඇති.
 
ශලනි පුංචි තිරයේ වැඩිපුර දැක්කට සිනමාවේ අඩුවෙන් දකින්නේ සිනමාවට ආරාධනා අඩුද?
පහුගිය දවස්වල මම රොහාන් පෙරේරාගේ සීගිරිය කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. මට චිත්‍රපට හතරකට විතර ආරාධනා ලැබුණා. සමහර ඒවට කැමැත්ත පළ කරලා තියෙනවා. සමහර ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.
 
ශලනි වැඩවලදී මූල්‍ය අගය වැඩිපුර තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද?
අපි අවුරුදු ගාණක් මහන්සි වෙලා යම් වටිනාකමක් හදාගෙන ඉන්නවා. මගේ මුදල හරියට ගෙවන්නේ නැත්නම් මම වැඩවලට යන්නේ නැහැ. ටෙලි නාට්‍ය, චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් තුනටම එහෙමයි. මම අඩු මුදලට වෙළෙඳ දැන්වීම් කරන්නේ නැහැ. මගේ බජට් එක මම මුලින්ම කියනවා. මම යම් නිර්මාණයකට කැපවෙද්දී අපේ වටිනාකම තියෙන්න ඕන. සමහර නිර්මාණ කළාම ගෙදර අයට පෙන්වන්නවත් බැරි අවස්ථා තියෙනවා. මම මගේ මුදල කියනවා. මගේ මුදල ගෙවන්න කැමැති අය මාව වැඩවලට ගන්නවා. මගේ ස්ථාවරයට ප්‍රශ්නයක් වෙලා නැහැ.
 
පහුගිය කාලේ ලැබිච්ච නිවාඩුවේදි ශලනිගේ ගී රචනා හැකියාවට ඉඩ හදාගත්තේ නැද්ද?
පහුගිය කාලේ මම එහෙම ලොකුවට ලිව්වේ නැහැ. මට අලුත් ගීත තුනක් ලියන්න ආරාධනා ලැබුණා. මට එහෙම හදිසියට ගීත ලියන්න බැහැ. හිතුමතේට ගීත ලියන්න බෑ. මම පහුගිය දෙසැම්බර් මාසේ ඉඳන් ඇඳිරි නීතිය දානකල්ම එක දිගට වැඩ කළා. මට නිදහසක් තිබ්බේ නෑ. ඉතිං මට පොඩි කාලයක් නිදහසේ ඉන්න ඕන වුණා.
 
ශලනි ආදරය විරහව ගැන වැඩිපුර ලියනවා නේද?
මම හිතට එන හැම මාතෘකාවක් ගැනම ලියනවා. ආදරය, විරහව ගැන වැඩිපුර ලියවෙන්නේ අපේ වයස නිසා වෙන්න ඇති. මම වෙනස් දේවල් ගැනත් ලියනවා.
 
ලැබිච්ච නිවාඩු කාලයේ මොකද කළේ?
හිතේ හැටියට නිදා ගත්තා. පොත් කියෙව්වා. වගා කටයුතු කළා. වත්තපිටිය අස් කළා. ගොඩක් පැළ ජාති හිටෙව්වා. කෑම ජාති හැදුවා. ෆිල්ම් බැලුවා. මගේ සුරතල් සත්තු දෙන්නා එක්ක වැඩි කාලයක් ගත කළා. දැන් එයාලා මම වැඩට යනවට කැමැති නැහැ.
 
ශලනි සුරතල් සත්තුන්ට ගොඩක් කැමැතියිලු නේද?
ඔව්. මට සුරතල් සත්තු හතර දෙනෙක් හිටියා. මම බල්ලන්ට, පූසන්ට හරිම ආසයි. මගේ වැඩත් එක්ක මට එයාලා එක්ක ඉන්න කාලය නැති නිසා මගේ සුරතල් සත්තු හතර දෙනාගෙන් දෙන්නෙක් මගේ ඥාති හිතවතුන්ට දුන්නා හදාගන්න. මට පුළුවන් වෙලාවට ගිහින් එයාලව බලලා එනවා. දැන් මගේ ළඟ ඉන්නේ ග්‍රිස්ලියි, පැංචියි. ග්‍රිස්ලිට දැන් අවුරුදු දහයක්. පැංචිට නම් අවුරුදු 3යි.
 
ශලනිගේ ජීවිතේ ලැබිච්ච දේවල් වගේම නොලැබිච්ච බොහෝ දේ ඇතිනේ. ඒ නොලැබිච්ච දේවල් ගැන ශලනිට අද මොකද හිතෙන්නේ?
මිනිසුන්ගේ ජීවිතවල ලැබීම් නොලැබීම් කියන දේවල් දෙකම තියෙනවානේ. ඒ දෙකම අපි මේ ජීවිතයට එනකොට අරගෙන එන්නේ. මගේ ජීවිතේ යම් දෙයක් නොලැබුණා කියලා දුක් වෙන කෙනෙක් නෙවෙයි මම. මට නැති වුණ දේවල් අමතක කරන්න මම කාලයක් ගන්නවා. හැබැයි මම ඒක ගැන හිත හිත එක තැන පල්වෙන්නේ නැහැ. නැති වුණ දෙයක් වෙනුවෙන් කල් වරන්න අවශ්‍ය නෑනේ. අපිට ජීවත්වෙන්න තියෙන්නේ අඩු කාලයක්නේ. ඇයි ඒ කාලයත් අපි නැති වෙච්ච දේවල් වෙනුවෙන් දුක් වෙවි, ළතැවි ළතැවී ඉන්න වෙන් කරන්නේ. ඒක තේරුමක් නැති දෙයක්නේ.
 
කාර්යබහුල ජීවිතේ වදයක් කියලා ශලනිට හිතිලා නැද්ද?
වදයක් කියලා දැනිලා තියෙනවා. මොකටද මේ දේවල් කරන්නේ කියලත් හිතිලා තියෙනවා. අපිට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හරි අමාරුයිනේ. සුපර් මාර්කට් එකකට ගියත් බොහෝ අය හැරිලා බලනවා.
 
හැබැයි ලැබෙන ඇගයීම නම් මිල කරන්න බැහැ නේද?
ඇත්තටම ඒක වටිනවා. සරස්වතී දේවියගේ බැල්ම මත තමයි කලාව පිහිටන්නේ. රංගනයට එන්න, හැමෝම දන්න කියන කෙනෙක් වෙන්න වාසනාව තියෙන්න ඕනෑ. ඒ වගේම රංගනයට ආවා වගේම රැඳෙන්න දක්ෂතාව, වාසනාව, කැපවීම, තියෙන්න ඕනෑ. ඒක හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්.
 
රංගන ශිල්පිනියක් වුණාම හොඳ අහන්න වෙනවා වගේම මොන දේ කළත් සමහරුන්ගේ විවේචනයට ලක් වෙන්න සිදු වෙනවනේ. ශලනිට ඒ ගැන මොකද හිතෙන්නේ?
සියයට අනූපහක් හොඳ කියද්දී සියයට පහකගේ ඇහේ කටු ඇනෙනවා අපි මොනවා කළත්. අපිට විතරක් නෙවෙයි ගමේ ඇහැට කනට පේන්න කෙල්ලෙක් හිටියත් ඔච්චරයි. ගමේ ළිඳ ළඟ සංගමේ ජාන තියෙන අය තමයි ඔය හැමෝම විවේචනය කර කර ඉන්නේ. ඒ ඒ අය උපන් හැටි. ඇත්තටම මම නම් තව කෙනෙක්ගේ වරදක් කියන්න අකුරු ටිකක් ටයිප් කරන්නවත් කල් වරන්නේ නෑ. සමහරු ඇඳුම්වලට, මේකප්වලට බනිනවා. ඒ කෙනාට ඒක හොඳයි කියලා හිතෙනවා නම් අනෙක් අයට තියෙන ප්‍රශ්නය මොකක්ද? ඔය මිනිසුන්ට විවේචන කර කර බැන බැන ඉන්න අයට තියෙන්නේ සර්ව සම්පූර්ණ ජීවිත වෙන්න ඇති. ජීවිතවල කිසිම ඇදයක් ප්‍රශ්නයක් නැතිව ඇති ඒ අයගේ. සමහර මිනිසුන්ගේ කමෙන්ට් දැක්කම පව් කියලා හිතෙනවා. මම ඉතින් කරන්න දෙයක් නැති වෙලාවට කරන්නේ ඒ වගේ කමෙන්ට් දාන මිනිසුන්ට රිප්ලයි කමෙන්ට් දාලා අවුස්සන එක. ඒකත් හරි ජොලි වැඩක්. අපිට දේවල් කියන මිනිස්සුන්ට. මම අනුකම්පා කරනවා. එයාලා එක එක දේවල් කිව්වා කියලා මගේ ගමන නැවැතිලා නෑනේ. පව් ඉතින් එයාලා.
 
ශලනි යාළු මිත්‍රයෝ ආශ්‍රය කරන්නේ, සමාජයේ වැඩිපුර සැරිසරන්නේ අඩුවෙන්. ඇයි ඒ?
මම සමාජය තුළ ඉන්නේ හරි අඩුවෙන්. මම ඉන්න යාළුවෝ එක්ක වුණත් පාටිවලට යනවා අඩුයි. යන්නේ නැති තරම්. සම්මාන උළෙලවලට එහෙම යනවා. මම වැඩිපුර යනවා නම් යන්නේ දිනක්ෂිලාගේ ගෙදර. අසේකා, කාවිංග, දිනක්ෂි, සාරංග වගේ යාළුවෝ තමයි මගේ සමාජ ඇසුර ඇතුළේ ඉන්නේ. මගේ පාසල් කාලේ හොඳම යාළුවෝ දෙන්නත් ලංකාවේ නැහැ.
 
දැන් ශලනිගේ ජීවිතේ විශේෂ කෙනෙක්ට ඉඩ වෙන් කරලාද?
ඇත්තටම එහෙම විශේෂ කෙනෙක් නෑ. ඒ දේවල්වලට කල් වරන්න දැන් මට කාලයක් නැහැ. ඒ තරම් මම කාර්යබහුලයි. ගෙදරින් කෙනෙක්ව හොයනවා මට. විවාහ වෙන්න කියනවා. මම කියන්නේ එන කෙනා එන වෙලාවට එයි. තවම අපි දෙන්නගෙම කාලේ නෙවෙයි වෙන්න ඇති. මම සමාජය තුළ ඉන්නවා හරි අඩුයි. ඒ නිසා කොල්ලෝ හම්බෙන්න වෙලාවක් නැහැ.
 
ආදර යෝජනාවලින් නම් ශලනිට අඩුවක් නැතිව ඇති?
අම්මලත් එක එක යෝජනා ගේනවා. යෝජනා නම් එනවා. මගේ කාර්යබහුලත්වය එක්ක එයාලට අසාධාරණයක් කරන්න බෑ. වයසට යනවා කියලා ඉක්මනට කසාද බඳින්න ඕනේ කියලා වුවමනාවක් නෑ. මගේ කාලය හරි ගිය වෙලාවට එයාගෙත් කාලෙ හරි ගිහින් මගේ ළඟට එයි.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ
උපුටා ගැනුම - මව්බිම පුවත්පත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top