Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
30
"එළවළු, පලතුරු කුණුවෙලා වීසි කෙරුවා. මැස්ස පාළුවට ගියා. දැන් ඉන්නේ හරිම අමාරුවෙන්.." - උඩවලව - තණමල්විල මහපාරේ සුසුම් හෙළන, කඩමැහි වෙළෙඳුන්ගේ කඳුළු කතාව

- "එළවළු, පලතුරු කුණුවෙලා වීසි කෙරුවා. මැස්ස පාළුවට ගියා. දැන් ඉන්නේ හරිම අමාරුවෙන්.." - උඩවලව - තණමල්විල මහපාරේ සුසුම් හෙළන, කඩමැහි වෙළෙඳුන්ගේ කඳුළු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,140 Views
"වසංගතය හින්දා ඇඳිරි නීතිය දාපු දවසේ ඉඳලා මේ වනතුරු අපේ වෙළෙදාම නැහැ."
 
"තිබිච්ච බඩු නරක් වෙලා වීසි කළා. කඩ මැසි දෙකම අතහැරුණා."
 
"කුලී වැඩක් කළාට කුලිය ලැබුණෙත් නැහැ. දරුවොයි මමයි බිරියයි දැන් අසරණයි..."
 
අප්‍රේල් නිවාඩු කාලය යනු උඩවලව-තණමල්විල මාර්ගය අද්දර තාවකාලික කුටිවල එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග විකුණා ජීවිකාව සලසා ගන්නා අවිහිංසක ජනතාවට යහපත් කාලයකි. මෙවර අප්‍රේල් නිවාඩු කාලයද අඳුරු කරමින් ආ කොරෝනා වසංගතයේ ගෙරවීම හමුවේ ඒ අලෙවි කුටි සියල්ල වැසී ගොස් හමාරය.

ඒ ජනතාවද අසරණ වී හමාරය.
 
එක් පැත්තකින් උඩවලව වන දහනද, අනෙක් පසින් හේන් වගාවද ඇසුරේ ගම්මැද්දේ හැදෙන එළවළු, පලතුරු, ධාන්‍ය මිලදී ගන්නට උඩවලව-තණමල්විල මාර්ගයේ ආගිය දුරබැහැර බොහෝ දෙනෙක් හුරු වී සිටියහ.
 
එමෙන්ම මී කිරි රසයට, තැම්බූ ඉරිඟු කරලක රසයට සේම බැදපු රටකජු අහුරක රසයටද මේ මාර්ගයේ ගමන් ගත් දේශීය, විදේශීය සංචාරක පිරිස් හුරු වී සිටියහ.
 
ඇඳිරි නීතිය ඉවත් කළ ඉකුත් දිනක ඔවුන් ගැන සොයා බලන්නට අපි එහි ගියෙමු.
 
අලෙවි කුටි සියල්ල අතහැර දමා තිබිණි. ඔවුහු තම කුඩා නිවෙස්වලට වී යන්තම් කුසපුරවා ගනිමින් සුසුම් හෙළමින් සිටිනු දැකිය හැකි විය. එය සිත් කම්පාව දනවන දසුනකි.
 
අපට මුලින්ම හමුවූයේ උඩවලව සම්පත්ගම එච්. සුනිල් ගුණරත්න (48) මහතා මෙසේ කීවේය.
 
"පාර අයිනේ පලතුරු, එළවළු මැස්සක් දාගෙන තමයි අපි ජීවත් වුණේ. හොඳට වෙළෙදාම තිබුණා. දරුවෝ තුන්දෙනයි මමයි බිරියයි ජීවත් කරවන්න මේ කඩමැස්ස තමයි තිබ්බේ. මාර්තු අවසාන කාලේ ඉඳලා අප්‍රේල් නිවාඩු කාලේ, මැයි මාසේ අපට හොඳ වෙළෙදාමක් තියෙනවා. ඉන් පස්සේ අගෝස්තු වෙනතුරු ටිකක් අමාරුයි. මේ කාලේ කරගන්න වෙළෙදාමෙන් තමයි ඒ අමාරු කාලේ ගෙවා දැම්මේ..."
 
"මාර්තු මාසේ මුල වටපිටාවෙන් වගේම දුරින් ආපු ලොරිවලිනුත් ණයවෙලා රු. 40000 ක විතර බඩු ගත්තා. වසංගතය ආව විතරයි වෙළෙදාම නතර වුණා..."
 
"එළවළු, පලතුරු කුණුවෙලා වීසි කෙරුවා. මැස්ස පාළුවට ගියා. දැන් ඉන්නේ හරිම අමාරුවෙන්. රජයේ රුපියල් පන්දාහ නම් ලැබුණා. ඒකත් ඉවරයි. ඉතුරු කරපු දේකුත් නෑ. ඉඳහිට කුලියට උක් ගස් කපන්න යනවා. ඒ වැඩත් දැන් අඩුයි. ගෙදර අගහිඟ බොහෝමයි. හරිම දුකයි. මේ තත්ත්වය කවදා ඉවර වෙයිද? වෙළෙඳාම අඩු කාලවලදී බිරියට, දරුවන්ට කඩේ ඉන්න කියලා දර විකුණන්න හරි හේන්වල යනවා. ඒවත් දැන් නැහැ..."
 
සාමාන්‍යයෙන් උදෑසන හයට පමණ අලෙවිය අරඹන ජනතාව මධ්‍යම රාත්‍රිය වනතුරුම තම කටයුතු පවත්වාගෙන ගියහ. රාත්‍රියේ වුවද යන එන වාහන සඳහා මේ කුටි විවෘතව තිබිණි. සියඹලා, පැණි වර්ග, ඉරිඟු රටකජු කව්පි, තල, මෙනේරි, කුරක්කන් ආදියද විසිතුරු නිෂ්පාදන, අත්කම් භාණ්ඩද මේවායේ අලෙවියට තබා තිබිණි.
 
උඩවලව තණමල්විල සම්පත්ගම ඩී.වී. චන්ද්‍රසේන මහතාද කතා කළේ ශෝකයෙනි.
 
"අපිත් කඩ මැහි දෙකක් කරගෙන ගියා. ඉරිඟු, රටකජු අමුවෙන් වගේම තම්බලාත් විකුණුවා. ඒ වගේම කව්පි, කුරක්කන් පැකට් කරලා විකුණුවා. මේ සීසන් එකේ හොඳ වෙළෙදාමත් ලැබෙයි කියලා හොඳට බඩු එකතු කරලා වෙළෙඳාමට ලැහැස්ති වුණා..."
 
"වසංගතය හින්දා ඇඳිරි නීතිය දාපු දවසේ ඉඳලා මේ වනතුරු අපේ වෙළෙදාම නැහැ. ඇඳිරි නීතිය අයින් කරපු දවස්වලටත් පාරේ තියෙන්නේ පාළු ගතියක්. තිබිච්ච බඩු නරක් වෙලා වීසි කළා. කඩ මැසි දෙකම අතහැරුණා. දැන් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. රු. 5000 නම් ලැබුණා. ඒවත් දැන් ඉවරයි. කුලී වැඩක් කළාට කුලිය ලැබුණෙත් නැහැ. දරුවොයි මමයි බිරියයි දැන් අසරණයි..."
 
"පසුගිය අප්‍රේල් වගේම අගෝස්තු, දෙසැම්බර් කාලෙත් හොඳට තිබුණා. ඉන්න තැනක්වත් නැතිව දුරක හිටියා. අපි දර කප කපා කුලී වැඩ කර කර තමයි ජීවත් වුණේ. ඉන්පස්සේ මේ පාර අද්දරට ඇවිත් තැඹිලි විකුණුවා. කතරගම කාලෙට හෙම වෙළෙදාම තිබ්බා. ඉන් පස්සේ කඩ මැස්සක් දාලා ඇට ජාති හෙම විකුණුවා. ඉන් පස්සේ තවත් කඩ මැස්සක් දැම්මා. ඉරිඟු රටකජු තම්බලා විකුණලා හොඳට ජීවත් වුණා. හැමදේම නැවතුණා. දැන් මොනවා කරන්නද?"
 
"ගේ ළඟ තිබ්බ පොල්ගස් දෙකක් අකුණු වැදිලා විනාශ වුණා. දැන් පොල් කන්නත් නෑ. රටේ තත්ත්වේ අපිට පේනවා. වේලක් ඇර වේලක් කාලා හරි අපි ජීවත්වෙන්න බලනවා. කාටවත් බරක් නොවී අපි හිටියා. මේ වසංගත තත්ත්වේ ඉවර වුණාම රජයෙන් අපට උපකාරයක් ලැබුණොත් ලොකු දෙයක්..."
 
ඔහුගේ අසල්වාසී පවුල් ගණනාවක්ද තම නිවෙස් ඉදිරිපිට මාර්ගය අද්දර සුළු වෙළෙදාම් කරමින් තාවකාලික කුටි පවත්වාගෙන ගිය අයයි. ඔවුන්ද පත්ව ඇත්තේ මෙම තත්ත්වයටයි. මෙම ප්‍රදේශයේ අලෙවි කටයුතු වර්ධනය කරගෙන උක් වගා බිම් පවා ලබාගත් කිහිප දෙනෙක් සිටිති. ඔවුන්ගේ තම ජීවත්වීමේ රටාවට නම් හානි සිදු වී නැත. එහෙත් සුළු වෙළෙදාමෙන් ජීවත්වී මේ මොහොතේ දුෂ්කරතාවට පත්ව සිටින මොවුනට කිසිවකුගෙන් හෝ පිහිටක් නැත.
 
උඩවලව-තණමල්විල මාර්ගයේ වන උයනේ පිවිසුම් ‍ෙදාරටුවට නුදුරින් අලෙවි කුටියක් පවත්වාගෙන ගිය ඒ.එම්. ඉන්ද්‍රාණි (49) මහත්මියගේ කතාවයි.
 
"මීට අවුරුදු දහයකට විතර උඩදී අපි ගොඩක් දුක් වින්දා. මේ පාර අයිනේ අනවසර ඉඩමක් අරගෙන ලෑලි තට්ටුවක් ගහලා ඉරිඟු, රටකජු, බෙලිමල් වගේ දේවල් විකුණුවා. මේ පාර හොඳට හැදිලා ආවට පස්සේ වෙළෙදාම හරි ගියා. නිවාඩු කාලවල වෙළෙදාම හොඳට තිබුණා. පලතුරු, එළවළු වෙළෙදාමත් කළා. නිවාඩු කාලේ එන හින්දා මේ පාර පිටින් පොලියට සල්ලි අරගෙන කඩ මැස්සට බඩු ගොඩක් දැම්මා. ඒත් වෙච්ච දේ හිතා ගන්නත් බෑ..."
 
"එකපාරටම අපි ඉවර වුණා වගෙයි දැනෙන්නේ. අපට ඉන්නේ දුවයි, පුතයි. මගේ මහත්තයාටත් මහන්සි වෙලා වැඩක් කරන්න අමාරුයි. රස්සාවක් නැතිව ඒ දරුවො දෙන්නත් එක්ක මම මේ වෙළෙදාම කරගෙනයි හිටියේ. ණය වෙලා ගත්ත බඩු ටික නරක්වෙලා විසි කළා. ණයකාරයෝ අපිව සොයන් එනවා. රු. 5000 මුදල ගත්තා. ඒක ණය ගෙවන්නත් මදි. තවම කටු මැටි ගේක ඉන්නේ. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ තත්ත්වේ හරියනකම් පාර දිහා බලාන ඉන්නයි වෙලා තියෙන්නේ..."
 
හිස් වූ කුඩා අලෙවි කුටි අසල වූ එක් කුඩා නිවෙසක දරුවන් දෙදෙනකු දවල් ආහාරයට කුරහන් රොටියක් හපමින් සිටිනු දක්නට ලැබිණි.
 
උඩවලව වන උයනේ පිවිසුම් ‍ෙදාරටුව සමීපයේද තිබුණේ මහා හිස් බවකි. කටුපිලගම ඇතුළු ඇතුළත ගම්වලින් වන උයනේ ‍ෙදාරටුව අසලට පැමිණ දහවල් කාලයේ තාවකාලිකව රැඳී අලෙවි කටයුතු සිදු කළ පිරිසකගේ ජීවිකාවද නතර වී තිබේ. ඇත් අතුරු සෙවණ නරඹා උඩවලව වැව්දියේ සිරිය විඳිමින් වන උයන දකිමින් මාර්ගය අද්දර තැන තැන රැඳී සිටින හස්තීන් නරඹමින් කතරගමට, උෟවට, පානම්පත්තුවට ආ ගිය දෙස්-විදෙස් සංචාරක පිරිස්වලට මේ අවිහිංසක ජනතාවගෙන් යමක් මිලදී ගන්නට කවදානම් හැකිවේද?
 
උඩවලව සුරේන්ද්‍ර ගමගේ
උපුටා ගැනීම - මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top