Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
29
"උඹට දාපු ට්‍රයල් එක කොහොමද? පොලිසියට නම් බය නැහැ, SSP ........ මම කිව්වා කියලා පුළුවන් නම් බේරියන්.." - මොරටුවේ වෙඩි වරුසාවෙන් පසු ලැබුණු තර්ජනාත්මක ඇමතුම - Video

- "උඹට දාපු ට්‍රයල් එක කොහොමද? පොලිසියට නම් බය නැහැ, SSP ........ මම කිව්වා කියලා පුළුවන් නම් බේරියන්.." - මොරටුවේ වෙඩි වරුසාවෙන් පසු ලැබුණු තර්ජනාත්මක ඇමතුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,011 Views
හෙට උදේ පොලිසියට කතා කරලා කියපන් කොපු ටික ඇහිඳගන්න...
 
SSP මහත්තයත් එක්ක ඇවිල්ලා කොපු ටික.. හැබැයි මම උඹව කොහොමත් මරනවා..
 
රන්ජන් සිල්වාත් බේරූණේ නෑ මගෙන්.. උඹ බේරුණොත් වැඩකාරයා..
 
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
 
ආපනශාලාවේ හිමිකරුවන් පවසන්නේ ප්‍රදේශයේ මැර කල්ලියක් කළ කප්පම් ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාජකාරියේද නිරතවී සිට ඇති බවයි වාර්තාවන්නේ.
 
මේ ඊයේ රාත්‍රියේ මොරටුව - සොයිසාපුර ආපන ශාලාවකට එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශනයි.
 
රාත්‍රියේ 12.20ට පමණ සුදුපැහැති මෝටර් රථයකින් පැමිණෙන දෙදෙනෙකු ආපන ශාලාව ඉලක්ක කර ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.
 
එම අවස්ථාවේදී ආපන ශාලාවේ සේවකයින් උඩුමහලට ගොස් සිටි නිසා ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නැහැ.
 
වෙඩි තබා පලායන අවස්ථාවේදී ආපනශාලාවට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරිපිට මාර්ගයේ අනෙක්පස සිටින ආකාරයද දක්නට ලැබෙනවා.
 
නමුත්, වෙඩි ප්‍රහාර හේතුවෙන් ආපනශාලාවේ දේපළවලට දැඩි හානි සිදුව තිබුණේ මෙලෙසින්.
 
වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව එය සැලසුම්කළ පුද්ගලයා ආපනශාලාවේ හිමිකරුට ඩුබායි සිට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
 
මෙම ආපන ශාලාවට පසුගිය 19 වැනිදාද සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩු මුගුරු රැගෙන පැමිණ ප්‍රහාරයක් එල්ල කළා.
 
එහිදී ආපනශාලාවේ දේපළවලට දැඩි අලාභහානි සිදුවූ අතර සිද්ධියෙන් එක් අයෙකුට තුවාල සිදුවුණා.
 
එම සිද්ධිය ආපනශාලාවේ CCTV කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසින්.
 
ප්‍රදේශයේ මැර කල්ලියක් අවස්ථා ගණනාවකදි සිය ආපන ශාලාවෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ බවත්, එම කප්පම් ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොදැක්විම මෙම සිදුවීම්වලට හේතුවී ඇති බවත්, ආපන ශාලාවේ හිමිකරු සඳහන් කළා.
 
මොරටුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top