Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
29
ගතවූ පැය 24 තුළ පමණක් මෙරටින් COVID-19 ආසාදිතයින් 60ක්, කුවේට් සිට පැමිණි තිදෙනෙක් දැඩි සත්කාරයේ.. - ඊයේ හමුවූ ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න - Video

- ගතවූ පැය 24 තුළ පමණක් මෙරටින් COVID-19 ආසාදිතයින් 60ක්, කුවේට් සිට පැමිණි තිදෙනෙක් දැඩි සත්කාරයේ.. - ඊයේ හමුවූ ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,059 Views
මෙරටට එන ගුවන් මගීන්, ගුවන් තොටුපළේම PCR පරීක්ෂණයට!!
 
පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව 754 ක් දක්වා ඉහළට...
 
ගෆූර් ගොඩනැගිල්ලේ 200ක් නිරෝධායනයට යොමු කළ හේතුව...
 
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී සිටි තවත් 9 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 754 ක් දක්වා ඉහළ ගියා.
 
මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1531 දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ ආසාදිතයින් හැටදෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

මේ අතර, මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් ඉදිරියේදී ගුවන් තොටුපොළේදීම PCR පරික්ෂණවලට ලක්කිරීමට රජය තීරණය කර තිබෙනවා.
 
මේ අතර, තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළගොස් තිබෙනවා.
 
ඊයේ වාර්තාවූ කොවිඩ් 19 ආසාදිතයින් 61 දෙනාගෙන් 35 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පිරිසක් වන අතර 26 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.
 
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 09 දෙනෙකු සුවය ලබා රොහල් වලින් පිටව යාමත් සමග පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව 754 ක් දක්වා ඉහල ගියා
 
ඒ අනුව වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 766ක් වනවා.
 
ඒ අතර කුවේට් සිට පැමිණි තිදෙනෙකුද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතාකාර ලබන බව වාර්තා වනවා.
 
මේවන විට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් සංඛ්‍යාව 753ක් වන අතර, ඉන් 366 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
 
මේ අතර, කොළඹ කොටුව සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැඳී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වීමත් සමග එම ගොඩනැගිල්ලේ සිටි තවත් 200ක පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
 
අද උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහනේදි මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසිමක් සිදු කළා.
 
බෙලරූස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 277දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඊයේ රාත්‍රි 11.45 ට පමණ දිවයිනට පැමිණියා.
 
යු.එල් 1206 දරණ මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් අතර එරට අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් වැඩි පිරිසක් සිටින බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.
 
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්තාන වෙත යොමු කිරිමට පියවර ගෙන තිබෙනවා.
 
මේ අතර , ගුවන් තොටුපොළින් මෙරටට කොවිඩ් 19 වෛරසය ඇතුලු වීම වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටුනායක ගුවන් තොටුපොළේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ආයෝජන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර තිබෙනවා.
 
එමගින් ගුවන් තොටුපොළේදීම මගීන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
 
ඒ යුධහමුදාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය මෙන්ම ගුවන් තොටුපොළ නිළධාරීන් සමග කටුනායක ගුවන් තොටුපොළේ සංචාරයක නිරතවීමෙන් අනතුරුවයි.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකල පානදුර මූලික රෝහලේ බාහිර රෝගීන් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු අවසන් කර තිබෙනවා.
 
කටුනායක සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ දායකත්වයෙන් ගුවන් භටයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් දින 12ක් තුල මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම විශේෂත්වයක්.
 
මේ අතර ගාල්ල වාරායේ නැංගුරම්ලා ඇති නෞකා 3ක සේවය කිරීම සදහා මෙරටට පැමිණි බෙල්ජියම් සහ නෙදර්ලන්ත ජාතිකයින් 41 දෙනෙකු ඊයේ මත්තල ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි අතර එම පිරිස ගාල්ල වරාය ආසන්නයේ ඇති විදේශ නෞකා තුන වෙත රැගෙන යාමට නාවික හුමදාව කටයුතු කලේ මෙලෙසින්.
 
විදේශකයින් පිරිස නෞකා වෙත පිටත්කර යැවීමට පෙර නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණය කිරීමට කටයුතු කල අතර එම නෞකා වල සිටි තවත් විදේශිකයන් 35 දෙනෙකු නැවත ඔවුන්ගේ මව් රටවල් බලා පිටත්ව ගියා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top