Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
29
"ජමිල්, වැල්ලවත්තේ පල්ලියක ඉන්න බව ජමිල්ගේ බිරිඳ කිව්වා, සිරියාවේදී ISIS නායක අබු බකර් සිදුකරන දේවල් ගැනත් තොරතුරු වාර්තා වුණා.." - ජීවිත ගණනක් අහිමි කළ පාස්කු ඉරිදා ප්‍රහාර ගැන, අද කොමිසමේදී එළියට ආපු දේ - Video

- "ජමිල්, වැල්ලවත්තේ පල්ලියක ඉන්න බව ජමිල්ගේ බිරිඳ කිව්වා, සිරියාවේදී ISIS නායක අබු බකර් සිදුකරන දේවල් ගැනත් තොරතුරු වාර්තා වුණා.." - ජීවිත ගණනක් අහිමි කළ පාස්කු ඉරිදා ප්‍රහාර ගැන, අද කොමිසමේදී එළියට ආපු දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,449 Views
බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම තොරතුරු ප්‍රහාරයට පෙරත් ලබා දී තිබුණා...
 
"ජමිල් බේරාගන්න අවශ්‍යනම් ඔහු ගැන නිවැරදි තොරතුරු ලබාදෙන්න!!"
 
මොහොමඩ් ඊබ්‍රහයිම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ බවට හෙළි වී තිබුණා..
 
පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම තොරතුරු ප්‍රහාරයට පෙරත් බුද්ධි අංශ මගින් එවක පොලිස්පතිවරයාට සහ යුද හමුදාපතිවරුන් වෙත ලබා දී තිබූ බව ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළිවුණා.
 
ඒ බුද්ධි අංශ උසස් නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

කොමිසම හමුවේ සාක්ෂි දුන් බුද්ධි අංශයේ උසස් නිලධාරියාගෙන් කොමිසම ප්‍රථමයෙන් විමසුවේ ට්‍රොපිකල් ඉන් බෝම්බකරු සම්බන්ධවයි.
 
සාක්ෂි දෙමින් බුද්ධි අංශ නිලධාරියා කිව්වේ "මෙම ප්‍රහාර එල්ල කරල තියෙන්නෙ ආගමික අන්තවාදීන්ගෙන් බවට සමාජ මාධ්‍යවලත් හුවමාරු වෙනවා. ඉක්මනින් සොයා බලන්න" කියලා තමන්ගේ අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබුණා කියලා.
 
“ඒ වන විට මොහොමඩ් ලතීෆ් ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු තිබුණද? “ කියලා ජනාධිපති කොමිසම බුද්ධි නිලධාරියාගෙන් ඇහුවා.
 
"ඔව්" ලෙස පිළිතුරු දුන් සාක්ෂිකරු වැඩිදුරටත් කිව්වේ “ජමිල් නමැත්තා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට පෙර සිටම තොරතුරු තිබුණා” කියලායි.
 
ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවී කෙටි වේලාවක් ඇතුලත තමන් ඇතුළු කණ්ඩායමක් වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ තිබූ ජමිල්ගේ නිවස පරීක්ෂා කළ බව බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළා.
 
එහෙත් ජමිල් එහි නොසිටි නිසා ඊට නුදුරින් පිහිටි ජමිල්ගේ බිරිදගේ නිවසට ගොස් තමන් ජමිල්ගේ මිතුරෙකුයැයි පවසමින් ජමිල් පිළිබඳ විමසූ බවත් ඔහු පැවසුවා.
 
එහිදී ජමිල්ගේ බිරිදගේ පියා සහ සහෝදරයා සදහන් කර ඇත්තේ ජමිල් දින දෙකකට පෙර ආගම් ප්‍රචාරය සදහා යැයි පවසා නිවසින් බැහැරව ගිය බවයි.
 
ජමිල්ගේ ජංගම දුරකතනය ඒ වන විට ක්‍රියා විරහිතව තිබූ බැවින් ඔහුගෙන් ඇමතුමක් ලැබුණහොත් දැනුවත් කරන්නැයි අංකයක් ලබා දී තමන් ඇතුලු පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඒ පිළිබඳව තම අධ්‍යක්ෂවරයාට පැහැදිලි කළ බව ඔහු සදහන් කළා.
 
අනතුරුව සාක්ෂිකරු පැවසුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය මත යලි එම නිවසට ගොස් තමන් ආරක්ෂක අමාත්‍යාංශයේයැයි පවසා " අද උදේ සිදුවුන ප්‍රහාරවලට ජමිල්ගේ සම්බන්ධයක් තිබෙන බවට තොරතුරු තිබෙනවා. ජමිල් බේරාගන්න අවශ්‍යනම් ඔහු ගැන නිවැරදි තොරතුරු ලබාදෙන්න" යැයි පැවසූ බවයි.
 
එහිදී ජමිල්ගේ බිරිද පවසා ඇත්තේ, ජමිල් ටික වේලවකට පෙර තමන්ට ඇමතුමක් ලබාගත් බවත් ඔහු වැල්ලවත්තේ පිහිටි පල්ලියක රැදී සිටින බවට පැවසූ බවයි.
 
අදාල පල්ලියේ ආරක්ෂක නිලධාරියාට සිය අනන්‍යතාව ගැටලුවක් වී ඇති නිසා තමා පිළිබඳ තොරතුරු සනාථ කරන්නැයි ජමිල් පැවසූ බවත් තමා අදාල ආරක්ෂක නිලධාරියාට ජමිල්ගේ අනන්‍යතාව තහවුරු කළ බවත් ජමිල්ගේ බිරිද එහිදී පවසා තිබෙනවා.
 
අනතුරුව ඇගේ දුරකතනයෙන් අදාල ආරක්ෂක නිලධාරියාට තමන් විසින් ඇමතුමක් ලබාගෙන ජමිල් එම ස්ථානයේ රැඳී සිටින්නේදැයි විමසුවත් සැකකරු ත්‍රිරෝද රථයක නැග මුහුදුබඩ මාර්ගය ඔස්සේ දෙහිවලට ගිය බව ආරක්ෂක නිලධාරියා සදහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.
 
බුද්ධි නිලධාරියා පැවසුවේ එම සිදුවීම සම්බන්ධයෙන් ද තම අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමෙන් පසු මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් ගැන ඉක්මණින් තොරතුරු අනාවරණ කරගන්නා ලෙස අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබුණු බවයි.
 
මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් සම්බන්ධයෙන් ද තොරතුරු පැවතියේ දැයි කොමිසම එහිදී ප්‍රශ්න කළා.
 
සාක්ෂිකරු පිළිතුරු දුන්නේ ඔහු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට මීට පෙර තොරතුරු ලැබී තිබූ අතර බුද්ධි අංශයයේ ක්ෂේත්‍ර ආවේක්ශන නිලධාරීන් සැකකරුගේ දෙමටගොඩ පිහිටි නිවස සොයාගෙන තිබු බවයි.
 
එම නිවස පරීක්ෂා කිරීම සදහා තමන් ඇතුළු කණ්ඩායම ඔරුගොඩවත්ත ප්‍රදේශයට පැමිණෙන අතරතුර විනාඩි 15ක් වැනි කාල පරාසයකදී දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් බෝම්බ පිපිරීම් වාර්තා වූ බව සාක්ෂිකරු සදහන් කළා.
 
ඒ අනුව දෙහිවල බෝම්බයේ ප්‍රහාරකයා ජමිල් මොහොමඩ් බවට තමන් අනුමාන කළ බවත් දෙමටගොඩ ප්‍රහාරකයා මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් බවට අනුමාන කරමින් දෙමටගොඩ පිහිටි නිවසට පැමිණි බවත් සාක්ෂිකරු පැවසුවා.
 
බුද්ධි නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ දෙමටගොඩ නිවසේ දොරකඩට පිවිසෙනවාත් සමගම නිවස තුළ තවත් බෝම්බයක් පුපුරා ගිය අතර ඒ වනවිටත් නිවසේ විශේෂ කාර්ය බලකායේ සෙබලුන් රැදී සිටි බවයි.
 
ඔහු වැඩිදුරත් පැවසුවේ එම නිවසේ සිටි ඉල්හාම් නමැති සැකකරුගේ පියා අත්අඩංගුවට ගත් බවයි.
 
කොමිසම අනතුරුව විමසුවේ ආගමික අන්තවාදය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූයේ කුමන කාලවකවානුවේ සිටද යන්නයි.
 
2016 වසරේ සිට ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම්, ජාතික තව්හිද් ජමාත් සහ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් යන සංවිධාන අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බව සාක්ෂිකරු එහිදී පැවසුවා.
 
ඔහු පෙන්වා දුන්නේ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානය “හිජ්‍රාද්” කිරීම හෙවත් ඉස්ලාම් දේශයකට ගොස් ආගම වෙනුවෙන් දිවි පිදීමට අනුගාමිකයන් සූදානම් කරන බවට තොරතුරු වාර්තා වූ බවයි.
 
එවැනි පිරිසක් සිරියාවට රැගෙන ගිය බවට ද තමන්ට තොරතුරු වාර්තා වූ බව බුද්ධි නිලධාරියා සඳහන් කළා.
 
සිරියාවේදී මෙම ක්‍රියාකාරකම් සිදුකර ඇත්තේ ISIS නායක අබු බකර් විසින් බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.
 
මොවුන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාකාරකම් බහුලව සිදුකරගෙන ගිය නිසා ඒ ඔස්සේ ලබාගත් තොරතුරු අනුව හඳුනාගත් පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් 2016 වසරේ සිට තිබූ බව සාක්ෂිකරු පැවසුවා.
 
එමෙන්ම සහරාන් පිළිබඳවද තොරතුරු බුද්ධි අංශය සතුව තිබූ බව පැවසූ බුද්ධි නිලධාරියා පැවසුවේ තම අධ්‍යක්ෂවරයා විසින් එම තොරතුරු 2018 වසරේ අගදී හෝ 2019 මුල් කාලයේ පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දුන් බවයි.
 
දැනුවත් කළේ පොලිස්පතිවරයා පමණක්දැයි කොමිසම විමසූ අතර ජාතික බුද්ධි ප්‍රධානියාද එම කාලයේදීම දැනුවත් කළ බවට මතකයේ ඇතැයි සාක්ෂිකරු සඳහන් කළා.
 
පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් 7 දෙනා පිළිබඳ ම බුද්ධි අංශ සතුව තොරතුරු තිබුණේ දැයි කොමිසම ප්‍රශ්න කළා.

බුද්ධි නිලධාරියා පැවසුවේ සහරාන්, ජමිල්, ඉල්හාම් සහ හස්තූන් යන පුද්ගලයින්ගේ තොරතුරු පෙර සිටම පැවැති බවයි.
 
වනාතවිල්ලුව ප්‍රදේශයේ අවි සොයාගැනීම සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානයක් යොමු කළාදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා.
 
එම සිද්ධිය සම්බන්ධයෙන් CIDය පිරිසක් අත්අඩංගුවට ගෙන සිටියා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට සහ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බව එවක එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශානි අබේසේකරගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා.
 
නමුත් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම ශානි අබේසේකර ඊට අවසර ලබාදීමක් හෝ ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමක් සිදුකළේ නැහැ. බුද්ධි නිලධාරියා පිළිතුරු දෙමින් සඳහන් කළා.
 
අනතුරුව කොමිසම විමසුවේ අන්තවාදීන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ලැයිස්තු සකස්කර තිබියදී බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා විසින් ඒ පිළිබඳ යුද හමුදාපතිවරුන් දැනුවත් කර තිබුණේ ද යන්නයි.
 
අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා කිහිපයකිදීම අදාළ තොරතුරු සම්බන්ධයෙන් ලිඛිතව සහ වාචිකව එවක හමුදාපතිවරුන්ව සිටි මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top