Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
29
"ඔහු අයැද සිටියා.. මිනිත්තුවක්, දෙකක්, තුනක් නෙවෙයි, මිනිත්තු අටක්ම ඔහු පින්සේණ්ඩු වුණා..." - පොලිස් නිලධාරියෙකු ගෙල පාගා අන්තිම ගමන යැවූ, කළු ජාතිකයාට සිදුවූ දේ ගැන, අලුත්ම CCTV පෙළක් එළියට එයි - Video & Photos

- "ඔහු අයැද සිටියා.. මිනිත්තුවක්, දෙකක්, තුනක් නෙවෙයි, මිනිත්තු අටක්ම ඔහු පින්සේණ්ඩු වුණා..." - පොලිස් නිලධාරියෙකු ගෙල පාගා අන්තිම ගමන යැවූ, කළු ජාතිකයාට සිදුවූ දේ ගැන, අලුත්ම CCTV පෙළක් එළියට එයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,244 Views
"කරුණාකර මට හුස්ම ගන්න බැහැ.. මගේ හැමදෙයක්ම රිදෙනවා.."
 
"ඔවුන් සේවයෙන් පහ කළා කියලා.. වැඩක් වෙන්නේ නැහැ.."
 
පොලිස් නිලධාරින්ගේ තොරතුරුත් එළියට එයි...!!
 
කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල පාගා අවසන් ගමන් යැවූ පොලිස් නිලධාරියාගේ ක්‍රියාවට මේ වන විට දසතින්ම දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.
 
මේ වන විට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් සිව් දෙනාගේ නම් ද මාධ්‍යයට හෙළිදරව් කර ඇති බවයි වාර්තා වන්නේ..

එනම්, ඩෙරෙක් චාවින්, තෝමස් ලේන්, ටූ තාඕ සහ ජේ ඇලෙක්සැන්ඩර් කුවෙන්ග් වන මොවුන්ව සේවයෙන් පහ කර ඇති බවයි ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ.
 
මිනියාපොලිස් පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වන අතර.. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුල වෙනුවෙන් යම් සාධාරණයක් සිදු කරන බවයි එහි ප්‍රධානියෙකු සඳහන් කළේ.
 
කෙසේ වෙතත්, බදාදා ''ෆොක්ස් 9'' විසින් ලබාගත් නව වීඩියෝ දර්ශන මඟින් පෙන්වා දෙන්නේ, ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමට පෙර, නිලධාරීන් දෙදෙනෙකු ඔහුව ඔහුගේ මෝටර් රථයෙන් බලහත්කාරයෙන් ඉවත් කරන ආකාරයයි..
 
ෆ්ලොයිඩ් නිලධාරින්ට අවනත වන බවත් එහි දකින්නට ලැබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කරන ආකාරයක්ද දකින්නට ලැබෙන්නේ නැහැ.
 
අසල පිහිටි අවන්හලකින් සීබීඑස් ප්‍රවෘත්ති ලබාගත්, අතිරේක සීසීටීවී දර්ශනවල ද ෆ්ලොයිඩ් සහ පදික වේදිකාවේ නිලධාරීන් අතර ඇති වූ බහින්බස්වීම්වල කොටස් ද පෙන්වනු ලැබුවා.
 
නව වීඩියෝ පට මගින් ෆ්ලොයිඩ්ගේ මරණය ගැන තවදුරටත් කරුණු අනාවරණය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
 
ෆ්ලොයිඩ් දණ ගස්සවන සුදු නිලධාරියා ඩෙරෙක් චාවින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. මුලින් මිනිත්තු හයක කාලයක් ගෙල පාගාගෙන සිටින බව පැවසුණත් දැන් ඩේලිමේල් පවසන්නේ මිනිත්තු 10ක් පුරා දිවෙන වීඩියෝවේ හරියටම මිනිත්තු 8ක පමණ කාලයක් ඔහු විසින් ෆ්ලොයිඩ්ගේ ගෙල පාගාගෙන සිටි බවයි.
 
ෆ්ලොයිඩ්ගේ සොයුරිය මාධ්‍යයට සඳහන් කළේ, පොලිස් නිලධාරින් සේවයෙන් පහ කිරීමෙන් පමණක් මෙය අවසන් නොවන බවයි..
 
"කරුණාකරලා, කරුණාකර මට හුස්ම ගන්න බැහැ, කරුණාකරලා මනුස්සයෝ.. මගේ බඩ රිදෙනවා.. මගේ... හැම දෙයක්ම රිදෙනවා,.." යන වචන පෙළ ඔහුගේ මුවින් නිකුත් වන අතර මෙම වචන මේ වන විට විරෝධාතාකරුවන්ගේ තේමා පාඨ බවට පත්ව තිබෙනවා.
 
එතැන සිටි බොහෝ පුද්ගලයන් සඳහන් කර තිබුණේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීම ගැන ඔහු විසින් පොලිසියට විරෝධයක් පළ නොකළ බවයි...
 
"ඔහු අයැද සිටියා, විනාඩියක්වත්, මිනිත්තු දෙකක්වත්, මිනිත්තු තුනක් නෙවෙයි මිනිත්තු අටක් ද ඉල්ලා සිටියා... ඔහුට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙස ඔවුන්ගෙන් අයැද සිටියා.."
 
Dailymail ඇසුරිනි.







Shawanda Hill, the girlfriend of George Floyd, was pictured at the rally near the spot where he diedProtesters gather under the rain to protest on Tuesday evening, near the spot where George Floyd diedChaos has erupted at a Minneapolis protest over George Floyd's death as police in riot gear threw tear gas and rubber bullets at demonstrators demanding the white cops are charged over the black man's killing
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top