Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
28
මැයි 31 වැනි ඉරිදා, ජූනි 4 සහ 5 දිවයිනට ඇඳිරි නීතිය - වෘත්තිය ක්‍රියාකාරකම් සඳහා, අංශ 46 ක් යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවකුත් එයි - Video

- මැයි 31 වැනි ඉරිදා, ජූනි 4 සහ 5 දිවයිනට ඇඳිරි නීතිය - වෘත්තිය ක්‍රියාකාරකම් සඳහා, අංශ 46 ක් යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවකුත් එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,574 Views
ජනපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න..
 
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ගමනාගමනයට අවසර....
 
මැයි මස 31 වැනිදා සහ ජූනි මස 4 සහ 5 යන දිනවල දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
 
මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිලිබඳ අංශ 46 ක් යටතේ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මැයි මස 31 වැනිදා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට දවස පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
එමෙන්ම ජුනි මස 01වනදා සිට 03වනදා දක්වා සියලුම දිස්ත්‍රික්ක සදහා රාත්‍රී 10සිට අලුයම 04 දක්වා ඇදිරිනීතිය ක්‍රියාත්මක වනු ඇති.
 
එමෙන්ම ජුනි මස 04වනදා සහ 05වනදා දෙදිනද රට පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව අදාළ නිවේදනයේ සදහන්.
 
ජුනි 6වනදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙනතුරු ඇදිරිනීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10සිට අලුයම 4 දක්වා පමණයි.
 
එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමිවනවා.
 
මේ අතර රට යථාවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශන මාලාවට අනුව දිවයිනේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ක්‍රියාකාරීත්වයන් කාණ්ඩ කිහිපයකට වෙන් කර තිබෙනවා.
 
ඒ අනුව යම් ආයතනයක හෝ සේවාවක පූර්ණ ධාරිතාවයෙන් 50%ක් පවත්ව ගත යුතු උපරිම සීමා සහිත කාණ්ඩයක්,පුර්ණ ධාරිතාවයෙන් 75%ක් පවත්වා ගත යුතු කොන්දේසි සහිත කාණ්ඩයක් ඊට ඇතුළත්.
 
මීට අමතරව තවදුරටත් වසා ඇති කාණ්ඩයක් සහ කොවිඩ් 19 උපදේශනමාලාවන්ට යටත් සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පවතින කාණ්ඩයක්ද අයත්.
 
මේ අනුව යම්කිසි උත්සව ශාලාවක පුර්ණ ධාරිතාව ආරාධිතයන් 200ක් නම් මෙම රෙගුලාසි යටතේ ගෙන්වාගත හැක්කේ 100ක් පමණයි.
 
ජුනි 01වනදා සිට ජුනි 29වනදා දක්වා රාජ්‍ය ආයතන, සුපිරි වෙළද සැල්, රූපලාවන්‍ය ආයතන, කොණ්ඩ කපන, ව්‍යායාම මධ්‍යස්ථාන, අවන්හල් ආදිය ක්‍රියාත්මක වන්නේ උපරිම සීමා හෙවත් පූර්ණ ධාරිතාවයෙන් 50%ක් පමණක් පවත්වා ගත යුතු කාණ්ඩය යටතේයි.
 
එම ආයතන ජුලි 6වනදා සිට අගෝස්තු 31වනදා දක්වා පුර්ණ ධාරිතාවයෙන් 75%ක සීමාවක් පවත්වාගත යුතු කොන්දේසි සහිත කාණ්ඩයට පරිවර්ථනය වනවා.
 
සුපිරි වෙළද සැල්, පවත්වාගෙන යාමේදී දුරස්ථභාවය,දෑත් පිරිසිදු කිරීම, ශ්වසන ආචාර විධි පිලිපදිමින් පවත්වාගෙන යායුතුයි.
 
රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමේදී මුහුණු ආවරණ, දෑත් පිරිසිදුකාරක ප්‍රමාණවත් ලෙස සැපයීමට සහතිකකිරීම සිදු කළ යුතුයි. එමෙන්ම ගොඩනැගිල්ලට බාහිරව පැමිණෙන පුද්ගලයන් සදහා දෑත් සේදීමට අවස්ථාව සලසා දිය යුතුයි. ආයතනය තුළ අවම පරතරය මීටරයක් වන සේ පිරිස හැසිරවිය යුතුයි.
 
රූපලාවන්‍ය ආයතන- කොණ්ඩ කපන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී හිසකෙස් කැපීම හිසකෙස් වර්ණ ගැන්වීම,අත්හා පාදවල නිය සම්භාහනය,අත් සහ පාදවල රෝම ඉවත් කිරීම පමණක් සිදු කල යුතුයි.
 
කලින් වේලාවක් වෙන් කර ගත් ගනුදෙනු කරුවන්ට පමනක සේවාව සැපයුතු අතර ඔවුන්ට කොව්ඩ් රෝග ලක්ෂන අත්දැයි විමසිය යුතුයි.
 
සියලුම උපකරණ සහ මෙවලම් එක්වරක් භාවිත කිරීමෙන් පසු විෂබීජහරණය කිරීම අනිවාර්යයි.
 
ව්‍යායාම මධ්‍යස්ථාන භාවිතා කිරීමේදී වරකට එම ස්ථානවලට ඇතුළත් කර ගන්නා සාමාජිකයන් සංඛ්‍යාව අවම කළ යුතුවනවා. එක්නෙකා මුහුණට මුහුණ නොගැටෙන ලෙස ව්‍යායාම කිරීමට පහසුකම් සැලසිය යුතුයි.
 
අවන්හල් පවත්වාගෙන යාමේදී ශාරීරික දුරස්ථභාවය පවත්වාගෙන යාහැකිවන පරිදි අමුත්තන්ගේ සංඛ්‍යාව අවම කල යුතුයි.එමෙන්ම වසංගතය මර්ධනය කිරීමට අවශ්‍ය මුහුණු ආවරණ,විසබීජ නාෂක භාවිත කිරීම සහ ඒවා ඇති බව තහවුරු කළයුතුයි.
 
ආහාර වට්ටොරු පත් ස්පර්ෂ කිරීමෙන් තොරව භාවිත කළ හැකි ආකාරයට සැකසිය යුතුයි.
 
පිඟන් භාණ්ඩ එක්වරක් භාවිත කිරීමෙන් පසු විෂභීජහරණය කිරීම අනිවාර්යවනවා.
 
මුදල් පරිහරණය කිරීමේදී හැකි සෑම අවස්ථාවකදීම මුදල් රහිත ගනුදෙනු හෙවත් කාඩ්පත් භාවිතයෙන් මුදල් ගෙවීම් හෝ අවශ්‍ය නියමිත මුදල පමණක් ලබාදීමට කටයුතු කළ යුතුයි.
 
මේ අතර කොලඹ ගාලුමුවදොර පිටියේ වෙළදාම් කළ පිරිස් අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලියසේනාරත්න මහතා සහ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා හමුවුණා.
 
එහිදී ඉදිරියේදී එම අලෙවිසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් වෙලන්දන්ට ලබාදුන්නේ එහි නීතිමය පසුබිමද පහදා දෙමින්.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top