Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
28
සුපිරි පොප් ගායිකාවගේ සැබෑ වූ සිහිනය - පාකිස්ථානයේ සිරවූ ශ්‍රී ලාංකික දැවන්තයාට, අධිකරණයෙන් ලැබුණු ලොවම බලා සිටි තීන්දුව මෙන්න - Video

- සුපිරි පොප් ගායිකාවගේ සැබෑ වූ සිහිනය - පාකිස්ථානයේ සිරවූ ශ්‍රී ලාංකික දැවන්තයාට, අධිකරණයෙන් ලැබුණු ලොවම බලා සිටි තීන්දුව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
යදමින් බැඳි කාවන්ගේ අතිශය සංවේදී ඡායාරූප කතාබහට ලක් වෙයි..
 
සහකාරිය වූ සහේලි, 2012 වර්ෂයේදී මෙලොව හැර යයි...
 
වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක කල්ගෙවූ මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කළා.
 
ඒ අනුව මෙරට වනජීවි බලධාරීන් සමග සාකච්ඡා කර දින 30 ක් ඇතුළත එම හස්තියා නිදහස් කිරීමේ කටයුතු සිදුකරන ලෙසයි අධිකරණය දැනුම් දී ඇත්තේ.

1985 වසරේ කාවන් උපත ලබන්නේ ශ්‍රී ලංකාවේදී යි.
 
එම වසරේම කාවන් පකිස්ථානයට පරිත්‍යාග කෙරෙන්නේ දෙරට අතර පැවති සබඳතාවන් තර කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත් එලෙස පරිත්‍යාග කෙරුණු කාවන් ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයක කොටු කිරීමත් සමඟ වන සත්ත්ව අයිතීන් පිලිබඳ හඩ නගන්නන්ගේ අවධානය ඒ වෙත යොමු වුණා.
 
තනිව හැසිරුණු කාවන් අවස්ථා කිහිපයකදීම ප්‍රචණ්ඩ වූ බැවින් එම සත්වයා දම්වැල් වලින් සිර කිරීමටත් සත්ව උද්‍යාන බලධාරීන් ක්‍රියා කළා.
 
එම තීරණයටත් බොහෝ දෙනෙක්ගේ විවේචන එල්ල වුණා.
 
බංග්ලාදේශයෙන් පැමිණි සහේලි නම් ඇතින්න වසර 5 කට පසු 1990 දී කාවන්ගේ තනි නොතනියට සිටියත් ඇය 2012 වර්ෂයේදී මෙලොව හැරයනවා.
 
එතැන් සිට කාවන්ට යළිත් උරුම වන්නේ හුදෙකලා ජීවිතයක්.
 
2015 වර්ෂයේදී එවක පාකිස්ථානු අගමැති නවාඩ් ෂරීෆ් වෙත යොමුකෙරුණු මහජන පෙත්සමකින්ද ඉල්ලා තිබුණේ කාවන්ට නිදහස ලබාදෙන ලෙසයි.
 
2016 වසරේදී යදමින් බැඳි කාවන්ගේ අතිශය සංවේදී ඡායාරූප පෙළක්ම අන්තර්ජාලය පුරා සංසරණය වුණා.
 
ඒ කෙරෙහි අමෙරිකානු පොප් ගායිකා චේර් ගේ අවධානය යොමුවීමත් සමඟ ඇය සේව් කාවන් නමින් ව්‍යාපාරයක් දියත් කලේ මේ හස්තියාගේ නිදහස පතමින්.
 
වසර කිහිපයකට පෙර ඉස්ලාමාබාද් මහධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් මේ අතරතුර විභාගවෙමින් පැවතියා.
 
චේර් ද එහි පාර්ශ්වකරුවෙකු ලෙස පෙනී සිටිමින් කාවන් වෙනුවෙන් හඩ අවදි කළා.
 
පෙත්සම් විභාගයේ තීන්දුව ලබාදෙමින් ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කළේ එම සත්වයාට වහා නිදහස ලබාදිය යුතු බවයි.
 
කාවන් පරිත්‍යාග කළ ලංකාවේ වන සත්ව බලධාරීන්ගේද උපදේශකත්වයද ලබාගන්නා ලෙස අධිකරණය නියෝග කළා.
 
මේ සියළු කටයුතු දින 30 ක් තුළ අවසන් විය යුතු බවත් අධිකරණය දැනුම් දුන්නා.
 
මේ නඩු තීන්දුව ගැන චේර් සිය ප්‍රසාදය පළ කරමින් පකිස්ථානු රජයටද තුති පිදුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
 
අධිකරණ නියෝගයට අනුව කාවන් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇද්දයි අප විමසා බැලුවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top