Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
28
පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ සෝ සුසුම් මැද, අමාත්‍ය අරුමුගම් තොන්ඩමන්, පාර්ලිමේන්තු දිවියට සමු දුන් හැටි - අවසන් ගෞරව දක්වන්න, ජනපතිත් එක් වෙයි - Video

- පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ සෝ සුසුම් මැද, අමාත්‍ය අරුමුගම් තොන්ඩමන්, පාර්ලිමේන්තු දිවියට සමු දුන් හැටි - අවසන් ගෞරව දක්වන්න, ජනපතිත් එක් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,838 Views
දේහය රතු පලස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට...
 
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතා අද සිය පාර්ලිමේන්තු දිවියට සමුදුන්නා.
 
ඔහු අද අවසන්වරට මැතිසබයට පැමිණියේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ සෝ සුසුම් මධ්‍යයේයි.

අද පෙරවරු 11.45ට පමණ පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ආ ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය භාරගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කතානායක කරු ජයසූරිය මහත්වරුන් විසින්.
 
අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව තොන්ඩමන් මහතාගේ දේහය රතු පළස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවා.
 
දේහයට අවසන් ගෞරව පුද කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්වුණා.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරූ ජයසූරිය, ඇතුළු දේශපාලනඥයින් බොහෝ පිරිසක් සිය දීර්ඝ කාලීන දේශපාලන සගයාට අවසන් ගෞරව පුද කිරීමට එක්ව සිටියා.
 
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැයකට ආසන්න කාලයක් තැන්පත් කර තිබූ දේහයට රාජ්‍ය නිලධාරීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් අවසන් ගෞරව දැක්වූවා.
 
අනතුරුව දේහය කොල්ලුපිටියේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වන සෞම්‍යමූර්තිභවන් වෙත රැගෙන ආවා.
 
හෙට උදෑසන දක්වා එහි තැන්පත් කර තැබෙන දේහය ගුවන් මගින් තොන්ඩමන් මහතාගේ ජන්ම භූමිය වු නුවරඑළිය නගරයට රැගෙන යාමට නියමිතයි.
 
ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන ඉරිදා හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.
 
මේ අතර ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.
 
ඒ, ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක නිරත වූ අවස්ථාවේදී.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top