Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
28
"වැඩේ ඉවරයි කියපු බුද්ධි නිලධාරීන්, එම ස්ථානයෙන් පිටව ගියා.." - දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු ගැන, ජනපති කොමිසමේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - Video

- "වැඩේ ඉවරයි කියපු බුද්ධි නිලධාරීන්, එම ස්ථානයෙන් පිටව ගියා.." - දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු ගැන, ජනපති කොමිසමේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,153 Views
"මා පිළිබඳව ප්‍රශ්න කරනවා, මගේ විස්තර සපයන්න.."
 
ජමිල් ලබාදුන් තොරතුරු සහ බිරිඳ ලබාදුන් තොරතුරු එකිනෙකට සමානයි !!
 
අනන්‍යතාව හෙළි කළේනම් බෝම්බකරු අල්ලා ගන්න තිබුණා...
 
පාස්කු ඉරිදා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමටත් පෙර අදාළ බෝම්බකරුගේ නිවසේ බුද්ධි අංශ නිලධාරීන් රැඳී සිට ඇති බව එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුනා.
 
ඒ, පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අමීර් නමැති පුද්ගලයෙකු කොමිසම හමුවේ සාක්ෂි දුන අවස්ථාවේදී.

පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයෙකු වන මොහොමඩ් අමීර් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ, තම ආයතන ප්‍රධානියා දැනුම්දුන් පරිදි දෙහිවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක් වෙත ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් 2019 අප්‍රේල් මස 21 වැනිදා පස්වරු 12.45ත් 12.50ත් තර කාලය තුල එම ස්ථානයට ගිය බවයි.
 
රාජකාරිය අවසන් කර පැමිණෙන විට දේවස්ථානය අසල පිරිසක් සැකසහිත පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටි බව සාක්ෂිකරු සඳහන් කළා.
 
තමන්ද ඊට මැදිහත් වී කුමක් වන්නේදැයි විමසා එම ස්ථානයේ සිටි ජමිල් මොහොමඩ් නමැති සැකසහිත පුද්ගලයාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
 
ආරක්ෂක නිලධාරියා පැවසුවේ සැක සහිත පුද්ගලයා රියදුරු බලපත්‍රය ලබාදුන් අතර එය තහවුරු කරගැනීම සඳහා නිවසට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඔහු සතුව ජංගම දුරකතනයක් නැතැයි ජමිල් මොහොමඩ් පැවසූ බවයි.
 
එවිට තමන්ගේ දුරකථනයෙන්, සැක සහිත ජමිල් මොහොමඩ් බිරිඳට යැයි පවසමින් දුරකතන ඇමතුමක් ලබාගෙන “මා පිළිබඳව ප්‍රශ්න කරනවා, මගේ විස්තර සපයන්න” යැයි පවසූ බව සාක්ෂිකරු සඳහන් කළා.
 
එහිදී සැකසහිත පුද්ගලයාගේ බිරිඳ හෙවත් ෂිෆානා පවසා ඇත්තේ ජමිල් විදෙස්ගතව සිට පැමිණ නිවසේ සිදු වූ ආරවුලක් හේතුවෙන් නිවසින් පිටව ගොස් ඇති බවයි.
 
ජමිල් ලබාදුන් තොරතුරු සහ බිරිඳ ලබාදුන් තොරතුරු එකිනෙකට සමාන වූ බැවින් සැකයක් නොමැති නිසා එම පුද්ගලයාට යාමට අවස්ථාව දුන් බව සාක්ෂිකරු පැවසුවා.
 
යලිත් ෂිෆානාගේ දුරකථන අංකයෙන්ම පිරිමි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී තමන් අමතා අදාළ පුද්ගලයා රඳවා ගන්නා ලෙස දැනුම් දුන් බවත්, ඒ වන විටත් ඔහු එම ස්ථානයෙන් පිටත්ව මුහුදුබඩ මාර්ගය ඔස්සේ වැල්ලවත්ත දෙසට ගමන් කළ බවට තමන් දැනුම්දුන් බවත් සාක්ෂි ලබාදුන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සඳහන් කළා.
 
ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් රාජකාරි අවසන් කර නිවසට ගිය පසු පස්වරු 5 ට පමණ බුද්ධි නිලධාරීන් තමන් අමතා වැල්ලවත්ත පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් පෙර අවස්ථාවේ ජමිල්ගේ බිරිඳගේ දුරකථනයෙන් ඇමතුම් ලබාදුන්නේ ද එම නිලධාරින් බවට තමන්ට විශ්වාස බවයි.
 
අදාළ නිලධාරීන් සමඟ තමන් බෝම්බකරු රැඳී සිටි ඉස්ලාම් දේවස්ථානය අසළට ගිය අතරතුර බුද්ධි නිලධාරීයාගේ දුරකථනයට ජමිල් මොහොමඩ්ගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළා.
 
තමා ළඟ තිබූ සැකසහිත පුද්ගලයාගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූපය එම ඡායාරූපය හා සැසඳීමේදී සමාන වූ අතර “ වැඩේ ඉවරයි “ යනුවෙන් පවසා බුද්ධි නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගිය බව ද සාක්ෂිකරු පැවසුවා.
 
අනතුරුව ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ, ජමිල් මොහොමඩ්ගේ බිරිඳගේ දුරකථනයෙන් ඇමතූ පළමු අවස්ථාවේදීම බුද්ධි නිලධාරීන් තම අනන්‍යතාව හෙළි කළේනම් ජමිල් මොහොමඩ් නැමැති ට්‍රොපිකල් ඉන් බෝම්බකරු අල්ලා ගැනීමට හැකියාව තිබුණේ ද යන්නයි.
 
තම උපරිමයෙන් එය සිදු කිරීමට හැකියාව තබූ බව සාක්ෂිකරු සඳහන් කළා.
 
අනතුරුව කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ දෙහිවල ඉස්ලාම් දේවස්ථානය අසළ වූ ආරවුලේදී ඔබ මැදිහත් නොවුණේනම් බෝම්බකරු පොලිසියට භාර දීමට එම ස්ථානයේ රැඳී සිටි පිරිස කටයුතු කරන නිසා ප්‍රහාරය වළක්වාගන්නට තිබුණා නේද යන්නයි.
 
ඔහුගේ විස්තර ලබාගැනීම හේතුවෙන් ඔහු පිළිබඳ සැකයක් මතු නොවූ බවට සාක්ෂිකරු එහිදී පිළිතුරු ලබාදුන්නා.
 
ඔහුගේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ වත්මන් පරිසර හා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්. මුදිත පුස්සැල්ල මහතායි.
 
කොමිසම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසුවේ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊට පෙර දැන්වත්ව සිටියේද යන්නයි.
 
2019 / 04 / 11වන දින ෆැක්ස් පණිවුඩයක් මගින් ප්‍රහාරය පිළිබඳ දැනුවත් වූ බවයි.
 
පණිවුඩය ලැබීමෙන් පසු ක්ෂණික මාර්ග බාධක යෙදීමට කටයුතු කළ බවත්, කතෝලික දේවස්ථානවලට එල්ලවන ප්‍රහාරයක් පිළිබඳ දැනුවත් වූ පසු තම කොට්ඨාසයේ සියලු දේවස්ථානවල ප්‍රජා කමිටු හරහා යම්තාක් දුරට පූජකවරුන්ද දැනවත් කිරීමට කටයුතු කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
 
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ දෙහිවල සාන්ත මේරි දේවස්ථානයේ පාස්කු මංගල්‍ය වෙනුවෙන් ප්‍රභූන් විශාල පිරිසක් සහභාගීවන බැවින් එම දේවස්ථානයට ආරක්ෂාව ලබාදෙන ලෙස පියතුමන් විසින් ඉල්ලීමක් ද කළ අතර දේවස්ථානය තුළ පොලිස් මුරපොළක් ස්ථාපිත කළ බවයි.
 
ඒ පිළිබඳ සිදුකළ සාකච්ඡාව අතර තුර දේවස්ථානයේ දායක සභාවේ සාමාජිකාවක, ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පිළිබඳ තමාගෙන් විමසූ බවත්, ඇය පිළිබඳ නිශ්චිත මතකයක් නොමැති බවත් සාක්ෂිකරු සඳහන් කළා.
 
ඔහු වැඩිදුරටත් ජනාධිපති කොමිසම ඉදිරියේ පැවසුවේ ඉහල පොලිස් නිලධාරීන් ලිඛිත නියෝග නිකුත් කිරීම තුළින් ඇඟ බේරා ගැනීමේ න්‍යායක් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව තුළම ක්‍රියාතමක වන බැවින් ඒ හරහා බොහෝ කටයුතු අතපසුවන බවයි.
 
මෙම සිද්ධියේදී බුද්ධි අංශ නිසි තක්සේරුවක් සිදු නොකළ බවත්, ත්‍රිවිධ හමුදාව යොදාගත්තේනම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන බවත් ඔහු සඳහන් කළා. ........


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top