එරින් හස්ලෙහැම් නම් මෙම තරුණියට සිඩ්කප්හිදී සිදුවූ මෙම පහර දීමෙන් පසු ඇගේ හිසෙන් රුධිරය ගලා යාමට පටන් ගෙන තිබෙනවා.
වයස අවුරුදු 30ක් පමණ වූ මෙම මැරවරයා එරින්ට "හූ" හඬ දී උසුළු විසිළු කර ඇති අතර "ඔබ වැඩුණු මිනිසෙක්... මට පහර දෙන්නද හදන්නේ..?" යනුවෙන්ද ඇය විමසා තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රහාරයට ලක් වූ ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
එරින් පැවසුවේ, ඇය තවමත් වේදනාවෙන් පසුවන බවයි.
"මම තවමත් ඒ ගැන ඉන්නේ කම්පනයෙන්, මම බයයි මගේ ගෙදරින් යන්න, මගේ අම්මා මට කොහේවත් යන්න දෙන් නෑ.."
"ඔහු මා ඉදිරිපිට සිට මට පහර දුන්නා.. මට වෙන කිසිවක් මතක නැහැ. ඔහු මහා භයානක පුද්ගලයෙක්.."
මෙම ප්‍රහාරය සිදුවන විට රාත්‍රී 8.40 පමණ වන්නට ඇති බවයි ඇය පැවසූවේ.
පහර දුන් තැනැත්තා අඩි හයක් පමණ උස පච්චා කොටාගත් රතු කොට කලිසමකින් සැරසුණු අයෙකු බව ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.