කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර.. කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි තවත් 13 දෙනෙකු රෝහල් වලින් පිටව යාම සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගියා.
මෙලෙස සුවය ලැබූ පිරිස අතර වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවික සාමාජිකයින් 7 දෙනෙකු සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
එමෙන්ම, විදේශ රටවලින් මෙරටට ගෙන්වූ ශ්‍රී ලාංකිකයින් 430 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.