Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
28
ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් සමග බ්‍රිතාන්‍ය හෙදියක් ඔවුන් සේවය කරන රෝහලේදීම විවාහ වෙයි - Video & Photos

- ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් සමග බ්‍රිතාන්‍ය හෙදියක් ඔවුන් සේවය කරන රෝහලේදීම විවාහ වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,208 Views
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු සහ හෙදියක ඔවුන් සේවය කරන රෝහලේදී ම විවාහ වී තිබේ.

34 හැවිරිදි ජෑන් ටිපිං සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 30 හැවිරිදි අන්නාලන් නවරත්නම් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ පිහිටි දේව සභාවකදී විවාහපත් වූහ.

ආරාධිතයින් දූරස්ථව ඔවුන්ගේ සුවිශේෂී දිනය සැමරීමට එක්ව සිටි අතර එක් සාක්ෂිකරුවෙකු විසින් විවාහ මංගල දේව මෙහෙය සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබිණි.

ඔවුන් දෙපළ පැවසුවේ, "සියලු දෙනා තවමත් සෞඛ්‍ය සම්පන්නව සිටින අතරතුර" සිය මංගල උත්සවය සිදු කිරීමට තීරණය කළ බවය.

ජෑන් ටිපිං සහ අන්නාලන් නවරත්නම් අගෝස්තු මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මංගල උත්සවය අවලංගු කර දැමුවේ, ඔවුන්ගේ දෙමාපියන්ට උතුරු අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව පැමිණීමට නොහැකි වනු ඇතැයි යන බිය හේතුවෙනි.

ඒ අනුව දකුණු ලන්ඩනයේ පදිංචි එම යුවළ සිය මංගල උත්සවය අගෝස්තු මාසයට පෙර පෞද්ගලික උත්සවයක් වශයෙන් පැවැත්වීමට තීරණය කළහ.
ගිලන් රථ හදිසි සේවා හෙද නිලධාරිනියක වන ජෑන් ටිපිං පැවසුවේ, "අපිට අවශ්‍ය වුණේ අපට ආදරය කරන සියලු දෙනාට තිරයක් හරහා හෝ අපේ විවාහ සැමරීම දැකගන්න සැලැස්වීමටයි," යනුවෙනි.

අප්‍රේල් 24 වන දා පැවති විවාහ උත්සවය "ආදරණීය" එකක් වූ බව පැවසූ ඇය සඳහන් කළේ, තමන් දෙදෙනා සේවය කරන ස්ථානයේ ම විවාහ වීම "අසාමාන්‍ය" දෙයක් ලෙස දැනුණු බවය.

මේ අතර, ශාන්ත තෝමස් රෝහලේ වෛද්‍යවරයෙකු වන අන්නාලන් නවරත්නම් පැවසුවේ, "අපි දෙන්නා අපි වෙනුවෙන් ම කැපවුණ එක ඉතාමත් සතුටට පත්වූ" බවය.

විවාහ උත්සවයේදී නර්තන සහ මංගල කතා ද පැවැත්වුණ අතර දුරස්ථ මංගල සාදයක් ද විය.

විවාහය ලියාපදිංචි කළ මියා හිල්බර්න් දේවගැතිවරිය පැවසුවේ, "එහි කොටස්කරුවෙකු වීම ගැන අතිශය සතුටට පත්වන" බවය.

මෙම විවාහ උත්සවය, බ්‍රිතාන්‍යයේ බොහෝ ජනමාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙසින් පළ කර තිබිණ. එය සැල වූ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් ඔස්සේ පළ කර තිබුණේ, "ඉතා අගනා දෙයක්" බවය.

උපුටාගැනීම- BBC






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top