දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර ඊ.ටී.අයි. සහ වෙනත් මුල්‍ය තැන්පත්කරුවන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් ලබන සතියේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරුවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ අතර පසුගිය මාස දෙකක කාලසීමාව තුළ දිවා ආහාරය සඳහා මුදල් නොලැබුණු අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් ලක්ෂ 12 කට එක් අයෙකුට රුපියල් 965 ක් වැනි මුදලකට වියලි ආහාර මල්ලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියා.
එමෙන්ම කිරි ගවයින් ආනයනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අදහස් පළ කළා.