Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
28
"පලයං නංගී මට කියලා ....... නැතුව.." - අක්කාට පිහිට වෙන්නට ගිය නීලියා, අක්කාගේ අනියම් සැමියා වූ ජයසිංහ අතින් මැරුම් කෑ හැටි ගමක්ම කම්පා කරයි

- "පලයං නංගී මට කියලා ....... නැතුව.." - අක්කාට පිහිට වෙන්නට ගිය නීලියා, අක්කාගේ අනියම් සැමියා වූ ජයසිංහ අතින් මැරුම් කෑ හැටි ගමක්ම කම්පා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,818 Views
ඇඳිරිය අස්සේ අතුරුගිරිය කැළඹූ ඝාතනයේ සියලු තොරතුරු මෙන්න...
 
"කරුණාකරලා උඹ මගේ අක්කගෙන් අයින් වෙයන්..."
 
"උඹ හැමදාම මගේ අක්කට ගහන්නේ එයාට කවුරුත් නෑ කියලා හිතාගෙනද? කරුණාකරලා උඹ අක්කගෙන් අයින් වෙයන්.." අතුරුගිරිය මිලේනියම් සිටි, සුපිරි වෙළඳැසල අසළ බාග ලොරිය නවත්තාගෙන පළතුරු විකුණමින් සිටි ජයසිංහ වෙත කඩා පැන්න නීලියා එලෙස කියමින් ඔහුට පහර දෙන්නට උත්සහා කළා. ඒ අවස්ථාවේ ඇගේ අක්කා ද ඇය ළඟ සිටියා.
 
ඇයගේ මෙම ක්‍රියාවෙන් කෝපයට පත්, ජයසිංහ... "පලයං නංගී මට කියලා....... නැතුව" ලෙසින් අසැබි වචන පාවිච්චි කරමින් තර්ජනය කළ මුත් ඇය ඉන් පසුබට වූයේ නැහැ..

තව දුරටත්.. ජයසිංහ වෙත පනිමින් බැන වදිමින් ඇය දිගින් දිගටම ඔහුට පහර දෙන්න උත්සහා කළා. මින් දැඩි ලෙස කිපුණ ජයසිංහ වහා ලොරියට ගොඩ වී කෙසෙල් කැන් කැපීම සඳහා රැගෙන විත් තිබූ පිහිය ගෙන ඉන් නිලීයාට පහර දෙන්නට වූවා.
 
එල්ල වූ පිහි පහරවල්වලින් නීලියා අඩපණ වෙච්ච වාහනය පණ ගන්වා ගත් ජයසිංහ එතනින් පලා ගියා.
 
සිය අනියම් සැමියා ගේ පිහි පහරට ගොදුරුව බරපතල තුවාල ලබා සිටි නැගණිය අතුරුගිරිය රෝහලට රැගෙන ඒමට අක්කාට සෑහෙන වේලාවක් ගත වූවා. පැවති ඇඳිරි නීතිය ඊට හේතුවයි.
 
රෝහලට ඇතුළත් කරන විටත් ඇය මිය ගොස් සිටියේ අධික රුධිර පීඩනය නිසායි. ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ අතුරුගිරිය පොලිසිය සැකකාර ජයසිංහ සොයා මෙහෙයුම් දියත් කළා. එහෙත් ඒ වන විටත් ඔහු ප්‍රදේශය හැර පලා ගොස් තිබුණා.
 
දීර්ඝ විමර්ශනයක යෙදුණු පොලිසිය සිද්ධිය වී දින තුනකට පසු මොහු අත්අඩංගුවට ගත්තේ කොරතොට පාලු ඉඩමක වූ මඩුවේ සැඟවී සිටියදී යි. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මොහු සිදුවූ සියල්ල හෙළි කළ අතර මොහුගේ මඟ පෙන්වීම අනුව නීලියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සොයා ගත්තේ මුල්ලේරියාව, පරාක්‍රම පටුමඟේ කැලෑ රොදකින්. මෙම ඝාතනය සිදුකර පලා යන අතරතුරේ සිය නිවෙස ඇතළු ඥාති මිත්‍රාදීන් පදිංචි මුල්ලේරියාවට ගොස් එදින රාත්‍රීය ගත කර තිබුණේ ඥාති නිවසකයි.
 
ඒ යන අතරමඟදී මොහු පිහිය මෙම කැලෑ රොදට විසි කර තිබුණා. ඝාතනය කළ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් ද සොයා ගත්තේ මොහුගේ මඟ පෙන්වීමට අනුවයි...
 
විමර්ශනවලදී හෙළි වූ තොරතුරුවලට අනුව සැකකාර ජයසිංහ 59 හැවිරිදි තිදරු පියෙක්. පදිංචිය මුල්ලේරියාව රණබිම මාවතේ යි. පළතුරු හා එළුවළු වෙළෙන්ඳෙකු වූ මොහු මීට වසර කිහිපයකට පෙර වෙනත් කාන්තාවක සමඟ අනියම් ඇසුරක පැටලෙන අතර ඇය ද විවාහ දරු තිදෙනෙකුගේ මවක්. 50 හැවිරිදි සැමියාගෙන් වෙන්ව සිටින ඇය අතුරුගිරිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටියා..
 
ඇය සිය නිවසේ තනිවම කල් ගෙවූයේ දරු තිදෙනාම විදෙස්ගතව සිටින බැවිනුයි. සිය දරු පවුල අතහැර දැමූ ජයසිංහ, මුල්ලේගම පිහිටි අනියම් බිරියගේ නිවසේ පදිංචියට එන්නේ සෑහෙන කාලයකට පෙරයි.
 
විදෙස්ගතව සිටින දරුවන් නිවස සෑදීම සඳහා ඇයට මුදල් එවූ අතර ජයසිංහ ද එක් කරගෙන ඇය ඉතා හොඳින් නිවසේ වැඩ කටයුතු නිමා කළා. මේ වන විටත් එය සුවිසල් නිවසක්.
 
මේ කාන්තාව සමඟ ජිවත් වීමට පැමිණීමෙන් අනතුරුව ජයසිංහ අතුරුගිරිය, ශාන්තාලෝකගම පළතුරු වෙළඳසැලක් ආරම්භ කරන අතර එහි වැඩ කටයුතු සඳහා අනියම් බිරිය ද සමහර අවස්ථාවල වෙළඳසැලට පැමිණෙනවා.
 
ඇයට සහෝදර සහෝදරියන් හත් දෙනෙක්. ඔවුන්ගෙන් සමහරක් මුල්ලේගම ප්‍රදේශයේම පදිංචි අතර බාල සහෝදරියක වූ නීලියා පදිංචිව සිටියේ මුල්ලේරියාවේයි.
 
තිදරු මවක් වූ ඇය ද පළමු කසාඳය අත හැර දමා වෙනත් අයකු සමඟ ජීවත් වන අතර ජයසිංහගේ වෙළඳ සැලේ කටයුතු වලට බොහෝ විට ඒ යුවළම සහභාගී වනවා.
 
ඇඳිරි නීතිය පනවන විට ද නීලියාත් අනියම් පුරුෂයාත් මෙම වෙළඳ සැලේ වැඩවල නිරතව සිටින අතර මොවුන්ට නිවෙස වෙත යාමට හැකිවූයේ නැහැ. එබැවින් දෙදෙනා වෙළඳ සැලේම නතර වුණා.
 
වෙළඳසැල් වසා දැමීමෙන් අනතුරුව ලොරියේ ගොස් පළතුරු විකිණීම ආරම්භ කළ ජයසිංහ සිය අනියම් බිරිය ද සමඟ ප්‍රදේශය පුරා සැරිසරමින් වෙළඳාමේ නිරත වූවා.
 
මොවුන් අනියම් ලෙස පවුල් කන යුවළක් වුවත් දෙදෙනා අතර නිතර නිතර ආරවුල් හට ගත්තා.
 
ඇතිවන ගැටුම් ගැනද ඒ හේතුවෙන් තමන් බොහෝ අසරණ වන බවද ඇය සිය නැගණියට පවසන්නට ද වග බලා ගත්තා.
 
අක්කා පත්ව ඇති තත්ත්වය ගැන නංගි සිටියේ දැඩි කනස්සලකින්. ඒ අක්කා කාගෙන්වත් බැනුම් අසන්නටවත් ගුටි කන්නටතවත් අවශ්‍ය අයෙකු නොවන බව ඇගේ විශ්වාසය නිසායි.
 
පසුගිය 15 වැනිදා රාත්‍රීයේ ද ජයසිංහත් අනියම් බිරියත් අතර මුල්ලේගම නිවසේදී ආරවුලක් හට ගත් අතර එය යම් තරමකට දුර දිග ගොස් තිබුණා. කෝපයට පත් ජයසිංහ ඇගේ ජංගම දුරකථනය ද පොළවේ ගැසුවා.
 
ඇය ඒ රාත්‍රීයේදීම මේ බව සිය නැගණිය සමඟ පවසන්නේ සිත රිදුණූ විට නැගණියගෙන් යම් සහනයක් සිතට ලැබෙන නිසායි.
 
එදින ඇති වූ ගැටුමේ තොරතුරු අසා දැනගත් මොහොතේ සිටම නැගණිය නීලියා සිටියේ ජයසිංහ කෙරෙහි සිතේ ඇති වූ තද කෝපයෙන්. ඇය මෙලෙස තරහින් සිටියත් ඇගේ සහෝදරිය එනම් ජයසිංහගේ අනියම් බිරිය ඊට පසුදින උදේ ජයසිංහ සමඟ පළතුරු වෙළඳාමට එක් වූවා.
 
ඒ වන විටත් ජංගම සේවා පමණක් පැවැති හෙයින් මොවුන් ලොරියට පළතුරු පටවාගෙන විත් මිලේනියම් සිටිහි පිහිටි සුපිරි වෙළඳසැල අසළදී වෙළඳාම් කරන්නට පටන් ගත්තා.
 
මෙලෙස ටික වේලාවක් ගත වෙද්දි ශාන්තාලෝක ගම පිහිටි ජයසිංහගේ පළතුරු වෙළඳ සැලේ සිට පළතුරු ලොරිය අසළට තනිවම පැමිණි නීලියා, ජයසිංහ වෙත කඩා පැන්නේ ඔහුට ඔහුට තදින් බැන වදිමින්.
 
අක්කාගේ අයිතිවාසිකම් උදෙසා සටන් වැදුණු නීලියාට අවසානයේ සිදුවූයේ අකාලයේ මරු වැළඳ ගන්නටයි. අක්කාගේ අනියම් සැමියා අතින් ඝාතනය වූ නීලියාගේ වයස අවුරුදු තිස් පහක්.......
 
(පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සැකසිණි.)
 
-තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top