ලොව සූදු ක්‍රීඩාවේ රජු ලෙස විරුධාවලිය ලත් ස්ටැන්ලි හෝ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
ස්ටැන්ලි හෝ හොංකොං ජාතිකයකු වූ අතර මියයන විට 98 වන වියෙහි පසුවුවා. ඔහු ආසියාවේ ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වනවා.
මැකාවෝ රාජ්‍යය ලෝකයේ සූදු ක්‍රීඩාවේ අගනගරය බවට පත් කළේ ඔහු විසිනුයි. ලොව සුපිරි ධනවතුන්ගේ සුපිරි සූදූ පොළවල් රැසක් ඔහු සතුයි.
එහෙත් ඔහු තම පවුලේ අයට සහ සමීපතමයන්ට නිතරම පැවසුවේ සූදු ක්‍රීඩාවේ නොයෙදෙන ලෙසයි
1960 දී මැකාවෝ හි කැසිනෝ ඒකාධිකාරය ඔහුට හිමි වුවා.
පසුව ඔහු කැසිනෝ ව්‍යාපාරය හොංකොං, පෘතුගාලය හා උතුරු කොරියාවටද ව්‍යාප්ත කළා.