Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
28
යකඩ වැස්සක් ගැන ජීනිවා විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ පර්යේෂකයෙකු සිදු කළ හෙළිදරව්ව

- යකඩ වැස්සක් ගැන ජීනිවා විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ පර්යේෂකයෙකු සිදු කළ හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,908 Views
උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400 ක්..

පැයට සැතපුම් 10,000ට අධික සුළං..
 
 
“76 බී” යනු තාරකා විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තාරකාවකි. එහි කක්ෂය වටා යකඩ දූලි වලාවකි. එහි කාලගුණික තත්ත්වය වන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400ක්, පැයට සැතපුම් 10,000ට වැඩි සුළං සහ යකඩ වැසි ඇද හැලීමක්.

මේ කියන දුරස්ථ ග්‍රහලෝකයේ අසාමාන්‍ය ලෙස පිළිබිඹු වීම දේශගුණය පිළිබඳ නිරීක්ෂණය වූයේ චිලියේ ඉතා විශාල දුරේක්ෂයක නව උපකරණයක පළමු ප්‍රතිඵලයය. තාරකා විද්‍යාඥයන් පවසන පරිදි අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ලෝකයන් පිළිබඳ අපගේ දැක්ම මින් පරිවර්තනය වනු ඇත.
 
ආලෝක වර්ෂ 640ක් ඈතින් පිහිටි 76බී යනු අතිශය උණුසුම් වායුමය යෝධයෙකි. පෘථිවිය හා සූර්යයා අතර දුර මෙන් 3%ක් පමණ අෑතින් එම තාරකාව වටා කක්ෂගත වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෘෂ්ඨයේ උෂ්ණත්වය දැවෙන අතර උණු කළ යකඩ අහසින් වැටෙන බව කියැවේ.
 
ජිනීවා විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ පර්යේෂකයෙකු සහ පුවත්පතේ සම කර්තෘ ක්‍රිස්ටෝෆ් ලොවිස් පැවැසුවේ “අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එවැනි දෙයක් නොමැති නිසා අපට පහසුවෙන් සිතාගත නොහැකි ලෝකයක්. එහි තිබෙනවා” කියලාය.
 
චිලියේ පරනාල්හි යුරෝපා දක්ෂිණ නිරීක්ෂණාගාරයේ ඉතා විශාල දුරේක්ෂය මේ සොයාගැන්මේ තීරකයාය.
 
දිවා පැත්තෙන් අංශක 1000ක් උණුසුම් වන අතර අණු පරමාණුවලට වෙන්වන අතර යකඩ වායුගෝලයට වාෂ්ප වී ලෝහමය වලාකුළු සාදයි. දිවා සහ රාත්‍රි පැති අතර පවතින අධික උෂ්ණත්ව වෙනස නිසා යකඩ වාෂ්ප සිසිල් වී රාත්‍රියේදී දරුණු සුළං ඇති වෙයි.
 
එහිදී උෂ්ණත්වය 15000 දක්වා අඩු වන අතර යකඩ ඝනීභවනය වී වර්ෂාව ලෙස වැටෙන අතර එය නිරන්තරයෙන් ග්‍රහලෝකයේ වායු මතුපිට ගම්මිරිස් ඇට ප්‍රමාණයෙන් ඇදවැටී අතුරුදන් වේ.
 
ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සහ ප්‍රධාන කතුවරයකු වන ඩේවිඩ් එහෙන්රීච් පැවැසුවේ “යකඩ වැස්ස හැරුණු විට සවස් වරුවේ මෙම ග්‍රහලෝකයේ ස්වාභාවික වැසිද පතිත වෙනවා” කියලාය.
 
තම තාරකාවට ඉතා ආසන්න යෝධ ග්‍රහලෝක සඳහා වැඩි ආලෝක තත්ත්වයන් අවහිරයක් වන බැවින් මෙම සංක්‍රාන්ති හඳුනා ගැනීම පහසු කාර්යයක් බැව් කියැවේ. විද්‍යාඥයන් දැන් වඩාත් දියුණු කළ නිරීක්ෂණ වෙත යොමුවී ඇති අතර එම තීව්‍රතාවයේ අඩුවීම පමණක් නොව ආලෝකයේ වර්ණාවලිය වෙනස් වන්නේ කෙසේද යන්නද සොයා බැලීමෙන් පෘථිවි වායුගෝලයේ ඇති වායූන් මොනවාදැයිද හෙළි කළ හැකිය.
 
නවතම නිරීක්ෂණ තවත් එක් පියවරක් ඉදිරියට ගොස් තාරකාවේ මුහුණත හා පසුපස දාරය හරහා ගමන් කරන විට පෘථිවියේ ප්‍රමුඛ කෙළවරේ ඇති වායූන්ද සන්සන්දනය කළ හැකි යැයි කියැවේ.
 
නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මේ පිළිබඳ සොයා ගැනීම් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති ග්‍රහලෝකවල දැවැන්ත විවිධත්වය පිළිබඳ නව අවබෝධයක් ලබා දෙන්නේය. මේ වනවිට අභ්‍යවකාශ විද්‍යාඥයන් ග්‍රහලෝක 4000කට වැඩි ප්‍රමාණයක් මේ විදිහට සනාථ කර ඇති අතර ඉදිවෙමින් පවතින නව භූගත නිරීක්ෂණාගාරවල අතිශය විශාල දුරේක්ෂ සහ ලබන වසරේ දියත් කිරීමට නියමිත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය හරහා තාරකා විද්‍යාඥයන්ට මේ පිළිබඳව පිළිතුරු දීමට හැකිවනු ඇත.
 
එස්. රණසිංහ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top