කොස්ටරිකා රාජ්‍යය සමලිංගික විවාහ නීතිගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. සමලිංගික විවාහයන් නීතිගත කිරීම සිදුකළ ප්‍රථම මධ්‍යම ඇමෙරිකානු රට කොස්ටරිකාවයි.
මෙම නීතිගත කිරීමෙන් විනාඩි කීපයකට පසුව එරට පළමු සමලිංගික විවාහය ලෙස තරුණියන් දෙදෙනකු අතර විවාහය සිදුකරන ලද අතර එය එරට ජාතික රූපවාහිනියෙන් විකාශනය කළා.
සමලිංගික විවාහ එරට නීතිය අනුව මීට පෙර නීතිවිරෝධීයි . 2018 වසරේදී එරට ව්‍යවස්ථාදායක අධිකරණය මඟින් මෙම තහනම නීති විරෝධී බවත් එමඟින් වෙනස් කොට සැලකීමක් සිදුවන බව පවසමින් සමලිංගික විවාහ නීතිගත කළා.
ඒ සඳහා නීති සකස් කිරීමට පාර්ලිමේන්තුවට මාස 18 ක කාලයක් ලබා දුන් බවත් සදහන් වෙනවා.
ඇතැම් ආගමික සංවිධාන මීට එරෙහිව කටයුතු කළ අතර ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මීට එරෙහිව කටයුතු කර තිබෙනවා.
ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය හා උරුගුවේ යන රටවල සමලිංගික විවාහ දැනටමත් නීතිගත කර තිබෙනවා.