කොරෝනා වයිරසය සඳහා එන්නතක් සොයා ගන්නා තුරු පිලිපීනයේ පාසල් යලි ආරම්භ නොකරන බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට් කියා සිටිනවා.
ලොව ඇතැම් රටවල් මේ වන විට පාසල් ආරම්භ කලද එන්නතක් සොයා ගන්නා තුරු පාසල් ආරම්භ කිරීමෙන් මහා විනාශයක් ඇතිවනු ඇතැයිද දරුවන්ගේ ආරක්ෂාව සම්පුර්නයෙන්ම තහවුරු වන තුරු පාසල් විවෘත කිරීමට තමන් ඉඩ නොදෙන බව පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
දකුණු කොරියාව සහ ප්‍රංශය පසුගිය දිනවලදී පාසල් යලි ආරම්භ කලද පාසල් දරුවන්ට කොරෝනා බෝවීම නිසා යලිත් පාසල් වසා දමන්නට සිදුව ඇති බවයි සදහන් වන්නේ.
පසුගිය මාර්තු මාසයේ සිට පිලිපීනයේ පාසල් වසා දමා තිබෙන අතර කොරෝනා වයිරසයේ දෙවන හා තෙවැනි රැල්ලක් පවා ඇතැයිද තවමත් මේ වයිරසය ගැන කිසිවෙක් හරිහැටි නොදන්නා බැවින් දරුවන්ගේ ජීවිත අධ්‍යාපනයට වඩා වටිනා බවද පිලිපීන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.