Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
"අත බලලා සාස්තර කියන අපිට සාස්තරයක් බලන්න අත දික් කරන්න බයයි" - කොරෝනා වෛරසය නිසා අසරණ වුණු නයි, රිලව් නටවන සාස්තර කියන තඹුත්තේගම තෙලිඟු මිනිසුන්ගේ දුක් අඳෝනාව - Photos

- "අත බලලා සාස්තර කියන අපිට සාස්තරයක් බලන්න අත දික් කරන්න බයයි" - කොරෝනා වෛරසය නිසා අසරණ වුණු නයි, රිලව් නටවන සාස්තර කියන තඹුත්තේගම තෙලිඟු මිනිසුන්ගේ දුක් අඳෝනාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,336 Views
අපිව මේ දවස් වල ගමට එනවාට මිනිස්සු කැමති නෑ
ඉස්සර නම් රැහෙන් පිට බැන්දොත් භාර ගන්නේ නෑ, දැන් නම් සිංහල ලමයි අපේ ලමයි බඳිනවා
 
ගෙයින් ගෙට ගොස් සාස්තර කියමින්, නයි නටවමින් සාස්තර කියමින් ජීවිතය ගෙන ගිය තෙළිගු ජාතිකයන් කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජීවන වෘත්තිය කර ගත නොහැකිව ඉතා අසරණ තත්වයට පත්ව ඇති බව වාර්තාවනවා.
 
ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ තෙළිගු ජාතිකයන් සාස්තර කියමින්, නයි හා රිලවුන් නටවමින් ජීවත් වෙනවා.තඹුත්තේගම තෙලිගු ගම්මානයේ  තෙලිගු පවුල් හාර සියයකට  වැඩි ප්‍රමාණයක්  ජීවත් වන අතර තෙළිඟු ජනතාව 2000 කට ආසන්නව ජීවත්ව සිටිනවා. ඒ අතර සුපුරුදු ජීවිකාවට අමතරව ගොවිතැන් කරන පවුල් , පොත් පත් විකුණන පවුල් , ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල්  හා රජයේ හා පෞද්ගලික රැකියා කරන පවුල්ද සිටින අතර තෙලිඟු ජනතාවට ආවේනික සිරිත් විරිත් රැසක් තිබුණද අද වන විටත් ඒවා ක්‍රියාත්මක නොවන අතර තෙලිඟු ජනතාව බොහෝමයක් සාමාන්‍ය ක්‍රමවේදයට හුරුවී සිටී. සාම්ප්‍රදායානුකූලව නෑනා මස්සිනාලා විවාහ වීම තෙලිඟු සම්ප්‍රදාය ලෙස පැවැතිය ද මේ වන විට එය වෙනස් වී ගොස් ඇති අතර අද වන විට සිංහල සහ දෙමළ ජනතාවද ආදර සම්බන්ධතාවලින් තෙලිඟු පවුල්වලට සම්බන්ධ වී සිටිනවා.
 

සාමාන්‍යයෙන් තෙලිඟු විවාහවලදී නළා පිඹිමින් කුඩා උත්සවයක් පවත්වන අතර දෑවැද්දට දෙන්නේ සාම්ප්‍රදායික රැකියාවක් කරගෙන යෑමට අවශ්‍ය කරන දේවල් පමණයි. නයි, රිලව්, නළා ආදිය ඒ අතර වනවා. සාම්ප්‍රදායික තෙලිඟුපවුල්වල තවමත් මෙය සිදුවෙනවා. එමෙන්ම විවාහ වන කාන්තාව සාත්තර කීම වැනි සාම්ප්‍රදායික ක්‍රියා දැන සිටීම පුරුෂයාගේ පැත්තෙන් විශේෂයක් සේ සලකනවා.   තෙළිඟු උත්සවද හරි අපූරුයි. ඔවුන් උත්සවයේ ප්‍රධානීන් පිළිගන්නේ බොහෝ විට පිඹුරකු හෝ නයකු කරට දමාය. ඒ හරියට සාමාන්‍ය සමාජයේ පිරිස් මල්මාලා පළන්දන අයුරින්. නළාව යනු සෑම අවස්ථාවකම ඔවුන් භාවිත කරන උපකරණයක්. 
 
තඹුත්තේගම කුඩාගම තෙලිඟු පවුල් 400කට අසන්න ප්‍රමාණයක් ජීවත් වෙන අතර ඔවුන් කණ්ඩායම් වශයෙන් විවිධ ප්‍රදේශ වෙත ගොස් කුඩාරම් සාදාගෙන ජීවිකාව සිදු කර නැවත දින සති මාස ගණනකින් සිය ස්ථීර වාසස්ථානය වෙත පැමිණෙනවා.මේ දින වල එසේ ගම්මාන වල සැරිසැරීමට නොහැකි වීම හේතුවෙන් තෙළිගු ජනතාව ඉතා අසරණ තත්වයට පත්වී සිටිනවා.
 
"අපි තෙළිගු ජනතාව, සමහර අය අපිට අහිකුන්ඨික කියනවා,නයි දෙමළා කියනවා, නයි පනික්කයා කියනවා.එක එක පැතිවල අය එක එක විදිහට කියනවා.අපි පොට්ටනිය කරේ ගහගෙන යනවා, මේ රස්සාව කරන අපිව මේ දවස් වල ගමට එනවාට මිනිස්සු කැමති නෑ, පරම්පරාවෙන් හුරු වුණ විදිහට අත බලලා සාස්තර කියන අපිට මනුස්සයක් සාස්තරයක් බලන්න අත දික් කරන්න බයයි මේ දවස් වල.සමහර අයට හරියට කන්න බොන්නවත් නෑ, අපිට දැන් ජීවත් වෙන්න විදිහක් නැතිව ඉන්නේ.අපිට වෙන ජීවත් වෙන්න ක්‍රමයකුත් නෑ, අපි ගැන බලන්න කියන්න" යැයි කුඩාගම ගම්මානයේ ගම්වාසීන් පවසනවා.
 
තමන් පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ  කුඩාගම ගම්මානයේ ආරච්චිල මහතා වන පොඩි මහත්තයා  කියා සිටියේ,
 
"කුඩාකුඹුක්වැවේ තමයි අපේ මුල් පදිංචිය ඒ කාලේ පවුල් 28 ක් තමා ඉඳලා තියෙන්නේ, එතනින් පස්සේ තමයි තඹුත්තේගම කුඩාගමට ආවේ.ප්‍රේමදාස මහත්තයා තමයි අපේ පුරවැසිභාවයක් දුන්නේ.ඒ 28 දෙනාට කුඹුරු ඉඩම් තියෙනවා.ඊට පස්සේ අපේ අනෙක් අයත් මේ ගම්වල පදිංචි වෙලා,දැන්  පවුල් හාරසියකකට වැඩි ප්‍රමාණයක් මේ ගමේ පදිංචි වෙලා ඉන්නවා.කාළයක් යද්දී විදුලිය ලැබුණා, පාරවල් හැදුනා.දැන් ගම ටිකක් දියුණු වෙලා.අපේ හුගක් ළමයි දැන් ‍අපේ සංස්කෘතිය කරන්‍නේ නෑ, වෙන වෙන රස්සා තමයි කරන්නේ.ළමයි දැන් ගොඩක් ඉගෙන ගන්නවා.අපි අහිකුන්ඨික කියන්නේ නෑ, තෙළිගු අපි, අපේ ගම් හතක් තියෙනවා.කළාවැව තමයි අපේ නායකතුමා ඉන්නේ මසන්නා කියලා.ගම් 07 ම විසි තිස් දාහක් ඉන්නවා.තඹුත්තේගම කුඩාගම තමයි ලොකුම ගම.
 
අපි කැලේ යනකොට හම්බෙන නයෙක් අල්ලාගෙන අපේ ගාව තියෙනවා බෙහෙත් කෑල්ලක්, ඒකෙන් මෙල්ල කර ගෙන අල්ලාගෙන විෂ දළ අයින් කරගෙන නටවන්න හුරු කර ගන්නවා.රිලවෙක් අල්ලාගෙන ඌට සෙල්ලම් පුරුදු කරනවා.පිඹුරාවත් අරන් අපි ඇවිදිනවා, ඒ සතා බලන අය සල්ලි දෙනවා.පිඹුරා අරන් යන්න දෙන්නේ නෑ වනජීවී එකෙන්, දැන් පිඹුරෝ තියාගෙන ඉද්දී අල්ලලා පොලීසි දාලා දඩ ගහනවා.දැන් පිඹුරා පෙන්නලා සල්ලි ගන්න එපා කියලා තියෙනවා.ඒ නිසා තරුණයෝ ගොඩක් අසරණ වෙලා ඉන්නවා.සමහර අයට නඩු දාලා තියෙනවා.අපිට ඒ සදහා සහනයක් ඉල්ලනවා.
 
ඉස්සර නම් රැහෙන් පිට බැන්දොත් භාර ගන්නේ නෑ, දැන් නම් සිංහල ලමයි අපේ ලමයි බඳිනවා, අපේ ළමයි සිංහල ළමයි බඳිනවා,ඒ අය මෙහේ ඇවිත් පදිංචි වෙලා ඉන්නවා.අපි දැන් සිංහල එක්ක ඉගෙන ගන්නේ.අපේ ළමයි දැන් හොඳට ඉගෙන ගන්නවා.විශ්ව විද්‍යාල දක්වා යනවා.
 
දැන් කොරෝනා නිසා මාස 03 ක් විතරම අපේ ගමේ අය ගමෙන් පිටට යන්නේ නෑ, අපි සමිතිය මගින් තීන්දුවක් ගත්තා සාමාන්‍යය ජීවිකාව කරන එක මේ කාළයේ නවත්තමු කියලා මේ වසංගතය නිසා.වැවකට ගිහින් මාලු අල්ලගෙන තමයි මේ මාස 03 ජීවත් වෙන්නේ.අපි පුරුදු වෙලා ඉන්නේ ගම්මාන ගානේ ඇවිදලා නයි නටවලා, සාස්තර කියලා තමයි ජීවත් වෙන්නේ දැන් ඒවා කරගන්න බැරිව ඉන්නේ.අපිට උදව් කලොත් තමයි ජීවත් වෙන්න වෙන්නේ.මේ තත්වය කොච්චර කාලයක් තියෙයිද කියලා අපි දන්නේ නෑ.ඒ නිසා අපිට උදව් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
 
දැන් සත්තු අරන් අපිට පිට යන්න බැරි එක ලොකු ප්‍රශ්නයක්, ගම්ගානේ ඇවිදිනවා කියලා අපිට රස්සාව කරන්න බෑ, අපිට වෙන රස්සාවක් නෑ, බස් වල පොත් විකුණන ළමයි ඉන්නවා.ඒ අයටත් රස්සාව කරන්න විදිහක් නෑ, ගොඩක් අසරණ වෙලා ඉන්නේ.
 
අපේ පරම්පරාවේ ටික දෙනෙක් ඉන්නවා අර නයි, රිලව් නටවන සාස්තර කියන අය, එතනින් එහාට ඉන්න පරපුර ඉගෙන ගෙන වෙන වෙන රස්සා වලට යනවා, ගාමන්ට් යනවා, කඩවල වැඩට යනවා, බාස්ලා ඉන්නවා පරණ රස්සාව කරන්න කෙනෙක් නැති වෙනවා තව අවුරුදු 10 කින්.එතකොට අපේ සංස්කෘතියත් නැති වෙනවා.අපිට ඒ ගැන දුකක් තියෙනවා.මේ පරණ සංස්කෘතිය රැක ගන්න අපිට රජයෙන් උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ"
 
තිසර සමල් - අනුරාධපුර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top