අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 31 වන ඉරිදා නෝවුඞ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
දේහය හෙට පාර්ලිමේන්තු සංකිර්ණය වෙත රැගෙන එන අතර, රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා එය උදෑසන 10.45 සිට විනාඩි 15 ක කාලයක් එහි තැන්පත් කර තැබෙනු ඇති.
අනතුරුව පස්වරු දෙකට දේහය කොල්ලූපිටියේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිත අතර, අනිද්දා පස්වරු හතට නුවර - ගම්පොල ප්‍රධාන මාර්ගය හරහා දේහය රම්බොඩ - වැවන්ඩන් වතුයායේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.
30 වනදා අමාත්‍යවරයාගේ දේහය හැටන් - කොටගල පිහිටි ඔහුගේ තවත් නිවසකට රැගෙන යන අතර, 31 වනදා නෝවුඩ් ක්‍රීඩාංගනයේදී පස්වරු 3 ට අවසන් කටයුතු සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.
දේහය මේ වනවිට බත්තරමුල්ලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඊයේ රාත්‍රියේ තලංගම රෝහලට ඇතුළත් කරන විටත් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මියගොස් සිටි අතර, ඒ වනවිට ඔහු 55 වන වියේ පසුවුණා.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ආරුමුගම් තොන්ඩමන් තිදරු පියෙක්