Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
"මම හිතනවා මම ටිකක් අන්ලකීදෝ කියලා, සහරාන්ගේ බෝම්බය නිසා වැඩ කඩාකප්පල් වුණා මේ වසරේ කොරෝනා" - මධුශානි වික්‍රමසිංහ - Photos

- "මම හිතනවා මම ටිකක් අන්ලකීදෝ කියලා, සහරාන්ගේ බෝම්බය නිසා වැඩ කඩාකප්පල් වුණා මේ වසරේ කොරෝනා" - මධුශානි වික්‍රමසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,404 Views
හැමදේම කාලයාට බාර දීලා ඉන්නවා...
මම ඒකේ ජානු. ඩබල් ඇක්ටිං කිව්වොත් හරි...
 
වසර දෙකක් තුළ එකම ඉරණමකට ගොදුරුවූ නව පරපුරේ සිනමා නිළියක් අපට හමුවුණා. ඇය තමයි මධුශානි වික්‍රමසිංහ. ඉකුත් වසරේ තිරගතවූ ප්‍රීතිරාජ් වීරරත්නගේ තිත්ත ඇත්ත සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඇයයි.
 
දෙදහස් දහනවයේ අප්‍රේල් විස්ස තිත්ත ඇත්ත තිරගත වුණුදාට පහුවෙනිදා පාස්කු ප්‍රහාරය සිදුවුණා. ඒ නිසා සමාජයේ අවධානය සිනමාවෙන් ඈත් වී ගියා. මේ වසරේදිත් මධූ ප්‍රධාන චරිතය නිරූපණය කරන එදත් දිනුම් අදත් දිනුම් සිනමාපටය තිරගත කරන්නට සියලූ‍ කටයුතු සූදානම් කොට තිබුණත් කොරෝනා වසංගතය නිසා ඒකත් කල් ගියා. මේ ඇය ගැනයි.

මම හිතනවා මම ටිකක් අන්ලකීදෝ කියලා. දහසකුත් බලාපොරොත්තු මැද තමයි තිත්ත ඇත්ත තිරගත වුණේ. සහරාන්ගේ බෝම්බය නිසා ඒකෙත් වැඩ කඩාකප්පල් වුණා. මේ වසරේ කොරෝනා. කවදා ආයේ සිනමාව ගොඩ ඒවිද කියලා හිතාගන්න බැහැ.
 
ඔබ ටෙලි රංගනයට කැමති නැද්ද?
මම ගොඩක් ආස ෆිල්ම්ස් කරන්න. සිනමා නිළියක් විදිහට නමක් හදා ගන්නයි මේ උත්සහ කරන්නේ. ටෙලි නාට්‍යවලට ගොඩක් ඇරයුම් ලැබුණා. ඒත් මම ආස නැහැ මෙගාවල හිර වෙන්න. නමුත් මම හැම ටෙලියක්ම ප්‍රතික්ෂේප කරනවා කියලා නෙවෙයි මේ කියන්නේ. ටෙලි නාට්‍යක වැඩ බාර අරගෙනත් හිටියේ. මේ අප්‍රේල්වල ෂූටිං පටන් ගන්නත් හිටියා. හැමදේටම කොරෝනා එරෙහි වුණා.
 
අප රටේ සිනමාව හැදිලා එන්න මේ තත්ත්වෙත් එක්ක තව කාලයක් යනවා, එහෙම බලනකොට ඔබටත් තැනක් හදාගන්න කාලයක් යාවි. අපරාදේ නොවෙද මේ ගෙවන කාලේ?
අපරාදේ තමයි.ඒත් මොනවා කරන්නද.හැමදේම කාලයාට බාර දීලා ඉන්නවා.
 
කොරෝනා එන්න පෙර ඔබ සිනමාපටයකට එකතුවෙලා හිටියා. ඒ ගැනත් විස්තර කියමු?
එරංග සේනාරත්න මහත්මයාගේ ආදරෙයි ජානු තමයි ඒ චිත්‍රපටය. මම ඒකේ ජානු. ඩබල් ඇක්ටිං කිව්වොත් හරි. එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒක මට අභියෝගයක් වුණා. ඒකත් එක්ක තව විශේෂම දෙයක් කියන්න ඕනේ. මට ඒ චිත්‍රපටය ලැබුණේ සරසවිය පත්තරේ නිසා. තිත්ත ඇත්ත තිරගත වන කාලේ ඔයාලා මගේ ආර්ටිකල් එකක් කරලා දුන්නා. ඒක දැකලා තමයි අධ්‍යක්ෂවරයා මට කතා කළේ. ඒකට විතරක් නෙවේ තව නිර්මාණ දෙකතුනකටම කතා කළා ආර්ටිකල් එක දැකලා.
 
ප්‍රසාද් සමරතුංග - සරසවිය


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top