Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
මෝටර් රථවල කොටස් යොදාගෙන ඇෆ්ගන් තරුණියෝ වෙන්ටිලේටර් නිපදවයි

- මෝටර් රථවල කොටස් යොදාගෙන ඇෆ්ගන් තරුණියෝ වෙන්ටිලේටර් නිපදවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,639 Views
කොවිඩ් වයිරස් රෝගීන් සඳහා අවශ්‍ය වෙන්ටිලේටර් ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට සහනයක් ලබාදීමට යොදාගන්නා කෘත්‍රිම ශ්වසන උපකරණ දැරිය හැකි මිලකට නිපදවා අලෙවි කිරීමට කටයුතු කරන බාලිකා රොබෝටික්ස් කණ්ඩායමක් පිළිබඳව ඇෆ්ගනිස්තානයෙන් වාර්තා විය. ඔවුන් මේ සඳහා යොදාගනු ලැබ ඇත්තේ මෝටර් රථවල කොටස්ය.

වයස අවුරුදු 14ත් 17ත් අතර වයස්වල පසුවන මෙම තරුණියන් පාවිච්චි කරන ලද ටොයෝටා කොරොල්ලා මෝටර් රථවල මෝටරයක් සහ හොන්ඩා යතුරුපැදියක දම්වැලක් (chain) භාවිත කර වෙන්ටිලේටරයක මූලාකෘතියක් නිර්මාණය කර තිබේ.

මැයි මාසය අවසන් වීමට පෙර වෙළෙඳපොළේ පවතින මිලට වඩා ඉතාම අඩු මිලකට වෙන්ටිලේටර් ඉදිරිපත් කිරීම මෙම බාලිකා පිරිසේ අරමුණ වී ඇත. 2017 වසරේදී ඇමෙරිකාවේ පැවැති නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර තරගයකදී විශේෂ ත්‍යාගයක් දිනාගැනීමටද මෙම පිරිස සමත් වී තිබේ. ඇෆ්ගනිස්තානයේ මිලියන 389ක පමණ ජනගහනයක් වෙසෙන නමුත් එම සමස්තයටම ඇත්තේ වෙන්ටිලේටර් 400ක් පමණය. එවැනි තත්ත්වයක් පවතින අතර අත්‍යවශ්‍ය උපකරණයක් වන වෙන්ටිලේටර් උපකරණයක් ඇමෙරිකානු ඩොලර් 600ක් වැනි අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි බව එම කණ්ඩායම පවසයි. මේ වන විට ඇෆ්ගනිස්තානය තුළ කොවිඩ් වයිරස ආසාදිතයන් 10,500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර 200කට අධික මරණ සංඛ්‍යාවක් සිදුව තිබේ. දිගු කාලයක් පුරා පවතින යුද තත්ත්වය හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී ඇති වාතාවරණය යටතේ මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවට බලධාරීහු බිය පළ කරති.

“අපගේ උත්සාහය තුළින් එක ජීවිතයක් හරි ආරක්ෂා කර ගන්න පුළුවන් නම් ඒක වැදගත්” යැයි කණ්ඩායම වෙනුවෙන් බීබීසී පුවත් සේවයට අදහස් දැක්වූ එහි සාමාජිකාවක වන 17 හැවිරිදි නහී රහම් පවසා ඇත. ඇය ඇෆ්ගනිස්තානයේ පළමු කොවිඩ්- 19 රෝගියා වාර්තා වූ හෙරාට් ප්‍රදේශයේ වාසය කරන්නියකි.

හෙරාට් යනු කලාපය තුළ වසංගතයේ කේන්ද්‍රය වන ඉරානය ආසන්නයේම පිහිටා ඇති ප්‍රදේශයක් හෙයින් කොවිඩ් - 19 රෝගය ව්‍යාප්ත වීමේ වැඩිම අවදානමක් සහිත කලාපයකි.

“අපේ වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට සහාය විය හැකි අර්ථාන්විත යමක් කරන කණ්ඩායමක සාමාජිකාවක වීම ගැන මම ආඩම්බර වෙනවා. මේ වෙලාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තමයි අපේ වීරයෝ” යැයි බාලිකා රොබෝටික්ස් කණ්ඩායමේ නායිකා සොමායා ෆාරුකී පවසයි. වර්තමානයේ ගෝලීය වෙළෙඳපොළේ වෙන්ටිලේටර් හිඟයක් පවතින අතර ඒවායෙහි මිල ගණන් ඇමෙරිකානු ඩොලර් 30,000ත් 50,000ත් අතර අගයක් ගන්නා හෙයින් දිළිදු රටවලට එම මිල ගණන් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී.
ස්ත්‍රී සාක්ෂරතාව 30ක් වැනි පහළ අගයක පවතින ඇෆ්ගනිස්තානයේ ඉන්ජිනේරු කර්මාන්තය පිළිබඳව කාන්තාවන් තුළ ඇති ආකල්පය වෙනස් කිරීමට මෙම ව්‍යාපෘතිය හේතු වනු ඇතැයිද කණ්ඩායමේ සාමාජිකාවෝ පවසති.

මෙම ක්‍රියාන්විතය ඇෆ්ගනිස්තාන ආණ්ඩුවද අගය කර ඇත. “මට ගොඩක් සතුටුයි ජනාධිපති අෂ්රෆ් ඝානි පෞද්ගලිකව නියෝග කරල තියෙනවා අපේ ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කරලා හැකි හැම ආකාරයකින් අපට සහාය දෙන්න කියලා” රෝයා මහ්බූබ් පවසයි.
හෙරාට් ප්‍රදේශය ලොක්ඩවුන් කර ඇති හෙයින් කඩසාප්පු වසා ඇති නිසා උපකරණ සැකසීමට අවශ්‍ය උපාංග සපයා ගැනීම ඔවුන්ට දුෂ්කර වී තිබූ නමුත් ඇෆ්ගනිස්තානයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය දැන් තමන්ට ලැබෙන බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top