Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
"මම නිරෝධායනය ගැන රටටම උපදෙස් දුන්නට, මම ඒවා පිළිපදින්නේ නැති බව කියන්න ඒ අයට ඕනි වුණා.." - දියණිය ගැන පැතිරුණු කතාවට, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පළමු වරට පිළිතුරු දෙයි - Video

- "මම නිරෝධායනය ගැන රටටම උපදෙස් දුන්නට, මම ඒවා පිළිපදින්නේ නැති බව කියන්න ඒ අයට ඕනි වුණා.." - දියණිය ගැන පැතිරුණු කතාවට, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පළමු වරට පිළිතුරු දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,145 Views
"මිනිස්සු මම කියන විදිහට වැඩ කලා, ඒදේවල් පිළිපැද්දා..."
 
"වාහනයක් චෙක්කරනකොට පවා කියන්න ගත්තා අජිත් රෝහන මහත්මයා කීවේ මේකයි කියල..."
 
"සමාජ මාධ්‍ය දිහා බැලුවම සිය දහස් ගණනක් පොස්ට් නිර්මානය වුනා.."
 
කොවිඩ් 19 වසංගතය අපේ රට බිළි ගැනීමට මාන බලමින් සිටියදී වසංගතය පාලනය කර රටක් ලෙස ලද ජයග්‍රාහණයේදී ශ්‍රී ලංකා පොලීසිය ද දැවැන්ත කාර්ය භාර්යක් ඉටුකරනු ලැබීය.
 
එහිද මහජනතාව දැනුවත් කිරීමේ පොලීසිය පැත්තෙන් වගකීම දැරුවේ පොලීසියේ නීති අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාය.

සමාජ දුරස්ථභාවය වෙනුවෙන් ජනතාව දැනුවත් කර හැකිතාක් ඒ අය නිවෙස්වලම කොටුකිරීමට අජිත් රෝහණ ලොකු වැඩ කොටසක් කළේය. ඒ ජනතාවට කටින්ගසා යැයි සදහන් කළහොත් වරදක් නැති තරම්ය.
 
එසේ කටින් ගසා ජනතාව කොවිඩ් 19 වෛරසයෙන් මුදා ගැනීමට දිවා රෑ නොබලා වෙහෙසුණු අජිත් රෝහණ මහතා සමග මෙම කතා බහ ඇති වන්නේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුත්තේදී පොලීසිය පැත්තෙන් කළ කාර්ය භාරය විමසීමටය.
 
කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමට පොලීසියේ සූදානම ඇති වුණේ කෙසේද?
මුලින්ම කොවිඩ් 19 රෝගීන් වාර්තා වුනේ චීනයෙන්. නොවැම්ර් මාසයේදී චීනයෙන් කොව්ඩ් 19 රෝගීන් වාර්තා වෙනකොටම අපි ඒ ගැන අවධානයෙන් හිටියා. සෑම සදුදා දිනකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙනවා බුද්ධි කමිටු රැස්වීමක්. ඒ රැස්වීමේදී මේ ගැන නිරන්තරයෙන් සාකච්ඡා වුනා. ඒ සාකච්ඡාවලදී මෙම ‍ෙවෙරසය ලංකාවට ව්‍යාප්තවුනොත් අපි කොහොමද කටයුතු කරන්නේ කියල පොලිස්පති තුමා කරුණු දැක්වුවා. එම කමිටු රැස්වීමේදී තීරණය වුනා සෑම පොලිස් ස්ථානයකම කොවිඩ් 19 සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නිලධාරීන් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හදන්න ඕනේ කියල. ඒ තමයි කොවිඩ් 19 සම්බන්ධයෙන් පොලිසිය පැත්තෙන් ගත්තු මුල්ම පියවර. ඊට පස්සේ අපි පොලීසිය ඇතුලෙන් කොහොමද කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීමට පියවර ගන්නේ කියල සාකච්ඡා කළා.
 
පොලීසියේ තිබෙන එක පොතක් දවසකට නිලධාරීන් 50 ක් විතර අල්ලනවා. රාජකාරි කටයුතු වෙනුවෙන්. ඒක සීමා කරන්න පියවර ගත්තා. පොලීසියේ සේවා ලබාගැනීමට දිනකට සිය දහස් ගණනක් ජනතාව පොලීසියට එනවා. ඒ අය එකවරම පොලිස් ස්ථානය ඇතුළට නොගෙන පොලිස් ස්ථානය ඉදිරිපිට කූඩාරමක් ගහල සෞඛ්‍යාරක්ෂිතව පොලිස් ස්ථානය ඇතුලට ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළා. ඊළගට අපි අවධානය යොමු කලා මහා මාර්ගවල රැදී රාජකාරියේ නිරතවන නිලධාරීන් සම්බන්ධයෙන්. රියදුරු බලපත්‍ර හැදුණුම්පත් පරීක්ෂා කිරීමේදී එය ආරක්ෂිත ආකාරයෙන් කරන්නේ කොහොද කියල ක්‍රමවේදයකුත් සකස් කෙරුණා. පොලීසිය ඇතුලෙන් මේ විධිහට මුලින්ම සංවිධානය වුනේ මහජනතාව සමග නිරන්තරයෙන් ගැටෙන අපේ නිලධාරීන් මුලින්ම ආරක්ෂා විය යුතු නිසා. එසේ නොවී අපේ නිලධාරීන්ට කොවිඩ් 19 වෛරසය ආසාධනය වෙලා පැතිර ගියොත් සිදුවන්නේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ කටයුත්ත බිද වැටෙන්න පුළුවන්. අපි ඒ ගැන කල්පනා කළා.
 
නිරෝධායන ක්‍රියාවලියට පොලීසිය සෘජුව මැදිහත් වුණේ කෙසේ ද?
පොලීසිය කළ ප්‍රධානතම කටයුත්තක් තමයි ස්වයං නිරෝධායන ක්‍රියාවලිය. ඒ සදහා පොලීසිය ඝෘජුවම සම්බන්ධ වුණා. නිරෝධායන කඳවුරුවලට යම් පිරිසක් රැගෙන ගියත් ඊට අමතරව එක්ලක්ෂ විසි විසිපන්දහසක පමණ පිරිසක් සෞඛ්‍ය අංශ සමග එකතු වෙලා පොලීසිය විසින් ස්යං නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරෙව්වා. කොවිඩ් 19 පාලන කටයුත්තේදී පොලීසියේ ප්‍රධාන කාර්ය භාරයක් වුනේ මෙම ස්යං නිරෝදායන ක්‍රියාවලියයි.
 
ඔබ ඔය සදහන් කරන ආකාරයට අනුව කොවිඩ් 19 වෛරසයට එරෙහිව පොලීසියේ සටන සැළසුම් කරන්නේ කොවිඩ් 19 වසංගතය මෙරටට එන්නටත් පෙර ?.
ඔව් අප පෙර සූදානමක හිටියේ එය නිවැරදියි.
 
අපි දැක්ක කොව්ඩ් 19 රෝගියෙක් හමුවූ සැණින් එම රෝගියා ආගිය තැන් සහ ඇසුරුකළ පුද්ගලයින් හඹා යමයි වෛරස ව්‍යාප්තියට ඉඩ නොදී පාලනය කිරීමේ ක්‍රමවේදයක්. මෙතරම් ඉක්මනින්ම අපේ රටේ කොවිඩ් පාලනයට හැකියාව ලැබෙන්නේද මෙම හඹායාමයි. එයත් ඔබ සදහන් කළ බුද්ධි කමිටුවේදී මුලින්ම කළ සැළසුමක්ද?
ලංකාවේ පළමු කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සංචාරක මග පෙන්වන්නෙක් වූ පළමු රෝගියා මාර්තු මාසේ 11 වෙනිදා හමුවුනාමයි අපි හඹායාමේ කටයුත්ත ආරම්භ කළේ. එයාගේ සම්බන්ධකම් අනාවරණය කරගනිමින් එයා වටේ හිටපු 64 දෙනෙක් හදුනා ගත්තා. ඒ අයව නිරෝධායනය කළා. . ඒ කටයුත්තට රාජ්‍ය බුද්ධි සේවය සහ පොලීස් විශේෂ කාර්යාංශය තමයි වැඩිපුර දායකත්වය දැක්වූයේ. ඒකට අනෙකුත් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශත් දායක වුනා.
 
කොවිඩ් 19 පාලන කටයුතු එසේ සිදුවෙමින් තිබියදී පොලීසියේ සාමාන්‍ය රාජකාරි කටයුතු බිද වැටීමකට ලක්වුණා ද ?
පොලීසියේ සාමාන්‍ය රාජකාරි කටයුතු කෙරුණා. වෙනදා මෙන්ම ජනතාව විවිධ පැමිණිලි සදහා මෙන්ම ඇදිරි නීති බලපත්‍ර ලබා ගැනීමට පොලිස් ස්ථාන වෙත පැමිණියා. වෙනදාට වඩා මහජනතාව සමග පොලීසියට මේ කාලය තුළ ගැටෙන්නට සිදුවුනා. ඒ වගේම තමයි මේකාලය තුළ රිය අනතුරු මෙන්ම අපරාධවල අඩුවක් සිදුවුණා. නමුත් නීති විරෝධි මත්පැන් වැඩිවීමක් දකින්නට ලැබුනා. පොලීසිය කොවිඩ් කියල නිකන් හිටියේ නැහැ. නීති විරෝධි මත්පැන් පෙරන තැන් විකුණන තැන් වැටලුවා. ඒවාට සම්බන්ධ පුද්ගලයින්පන් පවා අත්අඩංගුවට ගත්තා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුනා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විතරක් මේ කාලය තුළ තිස් හතලිස් දාහක් අත්අඩංගුවට අරගෙන තිබෙනව. මෙයට අමතරව පොලීසියේ සාමාන්‍ය රාජකාරි 7ඒ අකාරයටම ක්‍රියාත්මක වුනා.
 
මේ අතරේ පොලීසිය ජනතාවට සහන සැළසීමේ කටයුතුවලත් මැදිහත් වීමක් වුනේ නැද්ද?
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ කටයුතු වලදී පොලීසිය මැදිහත් වුනා. ඇතුම් පොලිස් ස්ථාන මට්ටමින් ස්ථානාධිපතිවරු ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය මෙන්ම පිසූ ආහාරද බෙදා දීල තිබුනා. ඊට අමතරව එවැනි කටයුතු වල නිරතව සිටි සිවිල් සංවිධාන සහපුද්ගලයින්ට ඒ කටයුත්ත කරන්නට පොලීසිය පහසුකම් සැපයුවා. ඊට අමතරව විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කටයුත්තේද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් සපයා දුන්නා. බෙහෙතේ හේත් ගැනීමට පහසුකම් ලබාදුන්නා. පොලීසිය මේ කාලය පුරාම කලේ ජනතාවට පහසුකම් ලබාදීමම තමයි.
 
මෙතරම් විශාල වැඩකොටසක් කිරීමේදී ඒ සදහා පොලීසියේ සංයුතිය කොයි ආකාරයටද සකස් වුණේ?.
කාරණා දෙකක් මෙහිදී සිදුවුනා. එකක් තමයි පොලිස් මූලස්ථානය පැත්තෙන් වෙච්ච මෙහෙයුම, ඒ මෙහෙයුමේදී විශේෂයෙන් පොලිස්පති තුමා එක පැත්තකින් මම වගේ අය මාධ්‍යට කතා කරන්න දාල ජනතාව දැනුවත් කිරීමේ කටයුත්තට දැම්මා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පත්කලා කොව්ඩි 19 සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පැත්තෙන් පොලිස් නිලධාරීන්ට පහසුකම් සැපයීම සදහා. ඒ කණ්ඩායමට රුවන් ගුණසේකර වැනි නිලධාරීන් පත්කරල පොලිස් මූලස්ථානය පැත්තෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කලා. ඊට අමතරව හැම කටයුත්තකටම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කළා. ඒ පොලිස් මුළස්ථානය පැත්තෙන් කළ යුතු දේවල් කරන්න. අනිත්පැත්තෙන් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දුන්නා ඒ ඒ පළාත්වල කටයුතු කළ යුතු ආකාරය ගැන. ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරන විදිහ,ඇදිරි නීතිය පවත්වාගෙන යන අතර තුර කර්මාන්ත සහ කෘෂි කාර්මික කටයුතු පවත්වාගෙන යාම් ආදිය සම්බන්ධිකරණය ඒ අයට පැවරුණා.
 
මේ කාලය තුළ ඔබ රටේ ජනප්‍රියතම චරිතයක් බවට පත්වුණා. ඒත් එක්කම ඔබ තරුවක් බවට පත්වෙනකොටම එකපාරම අතුරුදන් වෙනවා. ජනතාව තුළ පවා යම් කුකුසක් ඇති කරමින්. ඒ අතර සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවෙන්න ගත්ත ඔබ නිරෝධායනයට යොමු වෙලා කියල.?
නිරෝධායනය වන්නට දෙයක් සිදුවුනේ නැහැ. ඒ දින කිහිපය තුළ මම පොලිස් මූලස්ථානයේ දෛනික රාජකාරිකටයුතුවල නිරතව සිටියා. නිහඩව සිටියේ කාලයේ අවශ්‍යතා මතයි. පොඩි කාලයයි නිහඩව සිටියේ දින පහ හයකින් නැවතත් සුපුරුදු ලෙස වැඩ කෙරුණා.
 
ජනප්‍රියත්වයත් සමග දියණියව මුල්කරගෙන ඔබට චෝදනාවකුත් එල්ලවුනා නේද?
ඒ චෝදනාව මුළුමනින්ම අසත්‍ය එකක්. පොලිස්පතිවරයා විසින් මට පවරපු කාර්යට අනුව මම ජනගත කිරීමට උත්සහ ගත්තේ මිනිස්සුන්ට මේ රෝගයෙන් වැලකිලා ඉන්න විදිහහක් ගැනයි. දුරස්ථ භාවය තියාගන්න. පාටි දාන්න එපා, සමූහ වශයෙන් රැස්වෙන්න එපා, වගේ දේවල්. මට එරෙහිව මවල තිබ්බ ව්‍යාජ කථාවේ කියැවුනේ අධ්‍යාපන කටයුතු සදහා විදේශයක රැදී සිටින මගේ දුව මෙරටට පැමිණියාම නිරෝධායනයට ඉදිරිපත් නොකර මම ගෙදර අරන්ගියා කියලනේ. අනික තාම දුව ලංකාවට ඇවිල්ලත් නැහැ. සමහරවිට මේ කතාව ගොඩනගපු අය කියන්න උත්තහයක් ගන්න ඇත්තේ මම නිරෝධායනය ගැන රටටම උපදෙස් දුන්නට ඒවා මම පිළිපදින අයෙක් නොවන බවත් මම බොරු කාරයෙක් බවටත් ජනතාවට පෙන්නන් වෙන්න පුළුවන්. එයාලට ඇතැම්විට උවමනා වෙලා ඇත්තේ මම කියන දේවල් කරන්න එපා කියල සමාජ ගත කරන්න වෙන්නත් ඇති. ඒ අය සමහරවිට බලා පෙරොත්තු වෙනවා ඇති මේ රෝගය රටේ ව්‍යාප්තකරල මොනව හරි තත්වයක් කරන්න. අනිත් පැත්ත තමයි පුද්ගලිකවම මඩ ප්‍රහාරයක් එල්ල කරන්න පුද්ගලික අරමුණු ඒ අයට ඇති.
 
ඔබ විශ්වාස කරනවද ජනතාව ඔබට ඇහුම්කන්දුන්න කියල ?.
අනිවාර්යෙන්ම මම සියයට 100 ක්ම විශ්වාස කරනවා මේ රටේ සියයට 99 ක් ජනතාව ඒව පිළිපැද්ද කියල. ඒකට හේතුව තමයි ඒ මිනිස්සු මම කියන විදිහට වැඩ කලා, ඒදේවල් පිළිපැද්දා. වාහනයක් චෙක්කරනකොට පවා කියන්න ගත්තා අජිත් රෝහන මහත්මයා කීවේ මේකයි කියල. ඒ වගේම තමයි පොලිස් නිලධාරිනුත් ඒවා පිළිගත්තා. සමාජ මාධ්‍ය දිහා බැලුවම සිය දහස් ගණනක් පොස්ට් නිර්මානය වුනා. ඒකෙන් පේන්නේ මිනිස්සුන්ගේ හිතට මම කියපු ඒවා වැදුනා කියල.
 
කොවිඩ් 19 පාලනයට පොලීසියේ මේ ක්‍රියාදාමය ප්‍රමුඛතම පිටුවහලක් වුණා කියල කීවොත්?
සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය සේවාව පැත්තෙන් ඒවා ක්‍රියාත්මක කරන අතර තුර පොලීසිය මේකට මැදිහත් වන්නේ බුද්ධි අංශවල දායකත්වයෙන්, ස්යං නිරෝදායන ක්‍රියාලිය,යන කටයුතු හරහායි. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවත් සමග එකතුවෙලා ගම්පිටින් ලොක් ඩවුන් කරල නිරෝධායන කදවුරු වලට ජනතාව රැගෙනයාමට සහය දීම ආදී ක්‍රියා මගින් මෙන්ම ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තෙන් පොලීසිය පැත්තෙන් ලොකු දායකත්වයක් ලබාදීල තිබෙනව.
 
යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීම් වාර්තා වී තිබුණත් පොලීසිය වෛරසයෙන් බේරිලයි ඉන්නේ. හැබැයි සිවිල් ජනතාව සමග වැඩිවශයෙන් ගණුදෙනු කරන්නෙත් පොලීසියයි. ඒකට හේතුවක් තිබෙනවද?
මුලසිටම අපි සැළසුමක් ඇතිවයි කටයුතු කළේ. කොවිඩ් 19 සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ ඒ වෙනුවෙන් පොලිස් ස්ථාන මට්ටමින් සකස්කරල තිබුණු කණ්ඩායමයි. ඒ අය ට වෙනම ආරක්ෂක ඇදුම් ඇතුළු සියළුම පහසුකම් සපයන්නට පියවර ගත්තා. පොලීසියේ නිලධාරීන්ටත් උපදෙස් මාලාවක් නිකුත් කලා. සාමාන්‍ය ජනතාවටත් පොලිස් ස්ථානවලට ඕනේ ඕනෙ විදිහට එන්න ඉඩ දුන්නේ නැහැ. ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කලා. කල්තියා සූදානම කොවිඩ් 19 න් පොලීසියට බේරීමට ඉවහල් වුනා.
 
ඇදිරි නීතිය කඩන ජනතාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය උනන්දුවෙන් කටයුතු කළ බවක් පෙන්න තිබුණා.
නිරෝධායන ඇදිරිනීතිය පනවල තියෙන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. පොලීසිය මේ වන විට 64000 ක් විතර අත්අඩංගුවට අරගෙන තියෙනව. ඒ අයට එරෙහිව නඩුත් පවරනවා. මේ දේවල් කලේ ජනතාව එක්ක තියෙන තරහකට නෙමෙයි. නිරෝධායන ඇදිරි නීතිය මේ විදිහට හරි සාර්ථකව ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක් නිසා තමයි අපේ රට මේ තත්වයෙන් හරි අද තියෙන්නේ. ලෝකයේ රටවල් එක්ක බලනකොට සියයකට කොවිඩ් 19 හැදුනොත් ඒ අයගෙන් 14ත් 15 ක් විතර මිය ගිහින් තිබෙනව.අපේ රටේ මරණ අනුපාතය සියයට 0.8 කටත් වඩා අඩුයි. මේ තත්වයෙන් පවත්වාගෙන යන ලෝකයේ තිබෙන එකම රටත් අපියි. ඒකට හේතුවුනේ සෞඛ්‍ය අංශ, පොලීසිය හමුදාව මේ හැමෝගේම කැපවීම හා දායකත්වයයි.
 
ගයාන් කුමාර වීරසිංහ
දිනමිණ
 
(නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ දියණිය මුහුණු පොතේ දැමූ වීඩියෝව පහතින් බලන්න.)


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top