වයස අවුරුදු 62 ක් වන කාන්තාවක 26 හැවිරිදි තරුණයෙකු විවාහ කරගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්තයේ පදිංචිව සිටින ඉසබෙලා නමැති මෙම කාන්තාව මීට පෙර තුන් වතාවක් විවාහවී ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඇයට දරු මුණුබුරන් ද විශාල ප්‍රමාණයක් සිටින බව ද සඳහන්.
ඇයගේ සැමියන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුගිය වසරේ ෆේස්බුක් හරහා තරුණයෙකු සමඟ මිතුරුකම් පවත්වා තිබෙනවා.
පසුකාලයේදී ප්‍රේමයක් දක්වා මෙය වර්ධනය වුණා.
ප්‍රථමයෙන් අදාළ තරුණයා විසින් මෙම යෝජනාව සිදු කර ඇති අතර මුලදී ප්‍රතික්ෂේප කළ ඇය විසින් පසුව එම යෝජනාව පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව දෙපාර්ශවයේ කැමත්ත ඇති පසුගිය ජනවාරි මස මොවුන් දෙදෙනාගේ විවාහය සිදුව ඇති බව ද සඳහන්.
අදාළ තරුණයා ඉන්දුනීසියානු ජාතිකයෙකු වන අතර ඔහු කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ මේ වනවිට තම රටටවී සිටිනවා.
කෙසේ වෙතත්, මෙම වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව තම බිරිඳ හමුවීමට යන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
තමන් ඇයව වයස්ගත කාන්තාවක ලෙස නොදකින බවත්, ඉසබෙලා සතුව ඇති හොඳ පමණක් දකින බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා.
අප දෙදෙනා අතර දැඩි විශ්වාසයක් පවතින බැවින්, ඇය වෙනුවෙන් තවත් බොහෝ කල් බලා සිටින බවයි ඔහු අවධාරණය කළේ.
මේ වනවිට මෙම දෙපළගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.