Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
27
කඩා වැටුණු පාකිස්ථානු ගුවන් යානයේ සිටි, සුරූපී නිරූපිකා සාරා ආබිඩ්ව සමාජ මාධ්‍යයේ පතුරු ගසයි - ඇගේ සියලු ගිණුම් අත්හිටුවයි - Photos

- කඩා වැටුණු පාකිස්ථානු ගුවන් යානයේ සිටි, සුරූපී නිරූපිකා සාරා ආබිඩ්ව සමාජ මාධ්‍යයේ පතුරු ගසයි - ඇගේ සියලු ගිණුම් අත්හිටුවයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
"ඒකී මහා පව්කාර කෙල්ලක්.. මේ තමයි ඇයට ලැබුණු තෑග්ග.."
 
"මගේ සොයුරිය ගැන එහෙම දේවල් කියන්න එපා.." - සොයුරාගෙන් ආයාචනා..
 
පසුගිය සතියේ පාකිස්තානයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය බවට අනුමාන කෙරුණ ඉහළ පෙළේ නිරූපිකාවක දුරාචාර ජීවිතයක් ගත කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ඇයගේ ඇඳුම් සහ ජීවන රටාව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් විශාල වශයෙන් පළ වීමත් සමග සාරා ආබිඩ් නමැති අදාළ නිරූපිකාවගේ සමාජ මාධ්‍ය වෙබ් පිටු අක්‍රිය කර ඇත.
 
ගුවන් යානයේ දත්ත වාර්තාව සහ ඇයගේ මිතුරියන් පවසන පරිදි 28 හැවිරිදි සාරා ආබිඩ් කරාචිහිදී කඩා වැටුණු පාකිස්තාන ගුවන් සේවයට අයත් යානයේ සිට ඇත.
 
මෙම ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් කවුරුන් ද යන්න නම් වශයෙන් ඉදිරිපත් කර නැතත් බලධාරීන් පැවසුවේ, පිරිමින් දෙදෙනෙකුගේ පමණක් දිවි බේරුණු බවය.
 
මූලික වාර්තා මගින් ඇයගේ ජීවිතය බේරුණු බව පැවසුණු අතර ඇය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීම නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමට ඇයගේ සොහොයුරාට සිදුවූ බවට මාධ්‍ය වාර්තා පළ විය.
 
ඇයගේ ඉන්ටග්‍රෑම්, ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් අක්‍රියව පවතින අතර, ඒවා අදාළ ආයතන මගින් හෝ පවුලේ ඥාතීන් විසින් අක්‍රිය කරනු ලැබුවේ ද යන්න පැහැදිලි නැත.
 
ගතානුගතික පාකිස්තාන සමාජයේ කාන්තාවන් පසුගාමීව ක්‍රියාකිරීම අපේක්ෂා කරන අතර මහජනතාවගේ අවධානයට ලක්වන බොහෝ දෙනෙකු සමාජ මාධ්‍යවල 'සදාචාරත්මක පරීක්ෂාවන්ට' ලක්වේ.
 
පාකිස්තානයේ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයක් සමග එක්ව කටයුතු කළ සාරා ආබිඩ්, මෙම වසරේ ජනවාරි මාසයේදී හම් ස්ටයිල් සම්මාන උළෙලේ (Hum Style Awards) හොඳ ම නිරූපිකාව ලෙස සම්මාන ලැබීය.
 
ප්‍රමුඛ පෙළේ මෝස්තර නිර්මාණකරුවෝ ඇයගේ වෘත්තීයභාවයට සහ නිරූපණ හැකියාවට ගෞරව දැක්වූහ. ඇය මෙම වසරේ අග භාගයේදී පළමු වරට රංගනයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් පසුවූවාය.
 
අනතුරට ලක්වූ ගුවන් යානයේ ඇය සිටි බවට ප්‍රවෘත්ති පළ වීමත් සමග, ආගමික රැඩිකල් මතධාරීහු ඇය ඉස්ලාම් ආගම කෙරෙහි දැක්වූ විශ්වාසය සහ ආගම ඇදහූ ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නට වූහ.
 
එසේ පළවූ බොහෝ අදහස් අතර සඳහන් වූයේ, ඇය ගත කළ ජීවිතය අනුව මරණින් පසු දඬුවම් ලැබෙනු ඇති බවය.
 
ඇය පෙනී සිටි ඡායාරූපවල ඇය සැරසී සිටි ඇදුම් පිළිබඳව අදහස් දක්වමින් ඇතැමුන් සඳහන් කර තිබුණේ, ඒවා ඇයගේ "පව්කාර" හැසිරීමට උදාහරණ බවය.
 
සදාචාරය හෝ ආගමික භක්තිය යන නාමයෙන් ප්‍රසිද්ධ කාන්තාවන්ට පාකිස්තානයේදී අන්තර්ජාලය හරහා අපයෝජන හා ස්ත්‍රී දූෂණ හෝ මරණ තර්ජන පවා එල්ල විය හැකිය.
 
ඇයගේ අභාවය "විලාසිතා කර්මාන්තයට ඛේදවාචකයක්" ලෙස හඳුන්වමින් සෙසු නිරූපිකාවෝ, නිර්මාණකරුවන් සහ නළු නිළියෝ ඇයට උපහාර පුදා තිබිණ.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම BBC සිංහල


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top