Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
27
"ජයන්ත අයියව විතරයි මොහොතකට හරි අපේ තාත්ත වඩාගෙන තියෙන්නෙ.." - ලෙලුම් රත්නායක

- "ජයන්ත අයියව විතරයි මොහොතකට හරි අපේ තාත්ත වඩාගෙන තියෙන්නෙ.." - ලෙලුම් රත්නායකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

119 Views
" එයා අත දරුව කාලෙ තාත්තගෙ ඇඟේ චූ කරාම තාත්ත කෑගහල දුන්නලු..."

"එදා ඉඳන් අපි කාවවත් වඩාගත්තෙ නෑ කියල තමයි අම්ම කිව්වේ ..."

"අම්ම ඉන්න කාලෙදිත් එයාට වෙන වෙන ඒව නොතිබුණා නෙමෙයි.."

අයියගේ මළගෙදරට පියා සහභාගි වුණේ නෑ. අපි අතර ඇතිවෙච්ච පොඩි ප්‍රශ්නයක් නිසා තමයි පියා ඒකට සහභාගි නොවෙන්න තීරණය කරල ඇත්තෙ. මගේ සහෝදරය අවුරුදු දෙකක් විතර අසනීපෙන් හිටිය. අසනීපෙන් හිටිය කාලෙ නොබලන්න ආපු කෙනා මරණින් පස්සෙ ඇවිල්ල වැඩක් නෑනෙ. එතුමට හිතෙන්න ඇති දැන් මම ගිහිල්ල වැඩක් නෑ කියල.

ඒ වගේ දෙයක් අහන්න ලැබීමම ලොකු වේදනාවක් නේද?
මමත් පියෙක්. මමත් ඇත්තටම දරුවා කියන කෙනා ගැන බලන විදිය හරිම වෙනස්. වෙන වෙන මොන සම්බන්ධතා තිබුණත් අපිට දරුවත් එක්ක තියෙන බැඳීම ගොඩක් දැඩියි කියලයි මමත් විශ්වාස කරන්නෙ. වෙනත් බන්ධනයක් ඊට වැඩිය ශක්තිමත් වෙන්න ඒක කොයි තරම් පවර්ෆුල්ද කියල තමයි මට දැන් අහන්න තියෙන්නෙ.

ජයන්තට ඒක කොයි වගේද දැනුණෙ?
මම ඒකට ජයන්ත අයියත් එක්ක එකඟ වෙන්නෙ නෑ. මොකද මම නම් පොඩි කාලෙ ඉඳලම ඉන්ඩිපෙන්ඩන්ට්. මම ඇත්තටම දන්නෙ නෑ ඇයි ජයන්ත අයිය ඔච්චරටම තාත්ත මත්තෙ නැහීගෙනම හිටියෙ කියල. ප්‍රශ්නයක් අපු වෙලාවකදි තාත්ත අපිට කියල දුන්න එක්කෙනක් මත්තෙ නැහෙන එකේ ප්‍රයෝජනයක් නෑ කියන කාරණය. ඒක අයිය ගත්තෙ නෑ. හැබැයි මම ගත්ත.

තාත්තට බැරි වෙච්ච යම් දවසක ඔයා ළඟට ආවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද?
ඒ මගේ තාත්ත. තාත්ත මගේ ළඟට ආවොත් මම කිසිම පැකිලීමකින් තොරව භාරගන්නව. මොකද තාත්ත අපිට දීල තියෙන දේවල් බොහෝමයි. ඇත්තටම කියනව නම් අක්කල දෙන්නට තමයි තාත්ත අඩුවෙන් කරල තියෙන්නෙ. අයියට, මට තාත්ත ගොඩක් දේවල් කරල තියෙනව. තාත්ත අපිට දුන්න කියන එක මම ඕන තැනක බය නැතුව කියනව. ඒ දීපු තාත්ත නැතිවීම සම්බන්ධයෙන් තමයි අපිට ප්‍රශ්නය තියෙන්නෙ

ජයන්ත කියල තිබ්බ ඔබටත්, ජයන්තටත් ඉදිරියට එන්න තාත්තා කිසිදෙයක් කළේ නෑ කියලා?
වික්ටර් රත්නායක මට දීපු දේවල් මට මතකයි. හැබැයි මගේ සහෝදරය කොහොමත් වෙන මිනිසුන්ව අගයන්න කැමති නෑ. මම ඒක බය නැතුව කියනව. ජයන්ත අයිය ස්තුති කරන්න දන්නෙ නෑ මිනිසුන්ට.

ඔබගේ විවේචනයක් තියෙනව අයිය ගැන?
අනිවාර්යෙන්. ඒක මිනිසුන්ට එන වැරැද්දක්. මම කියන්න තියෙන දේ කියනව. ජයන්ත අයිය තවත් කෙනෙක්ට හොඳයි කියල කියන්න මැළිකමක් දක්වනව.

ජයන්තගෙ දැඩි චෝදනාවක් තියෙනව තාත්ත ගැන. අඩුගානෙ වඩාගෙනවත් නෑ කියල?
ඒක ඇත්ත. ජයන්ත අයියව විතරයි මොහොතකට හරි අපේ තාත්ත වඩාගෙන තියෙන්නෙ. අපේ අම්ම කියන ජයන්ත අයිය අත දරුව කාලෙ තාත්තගෙ ඇඟේ චූ කරාම තාත්ත කෑගහල දුන්නලු. එදා ඉඳන් අපි කාවවත් වඩාගත්තෙ නෑ කියල තමයි අම්ම කියන්නෙ.

තාත්ත කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්ද?
ඒක එක එක්කෙනාගෙ හැටි වෙන්න ඇති. වික්ටර් රත්නායකට චරිත තුනක් තියෙනව. වික්ටර් රත්නායක කියන මහා ගාන්ධර්වය රසික රසිකාවියන්ට එක චරිතයක්. වික්ටර් රත්නායක කියන මහා පුරුෂයා ගේ ඇතුළෙදි එක චරිතයක්. තමන්ගෙ දරුවන්ට, බිරිඳට එක චරිතයක්. වික්ටර් රත්නායකගෙ මිත්‍ර සමාගම ඇතුළෙ තව චරිතයක්. ඔය විදිහට වික්ටර් රත්නායක චරිත තුනක්.

තාත්ත ඔය දෙන්නටම ගීත ගායනා කරන්න එපා කියල ලියුම් එව්ව නේද?
ඔව්. මේ ප්‍රශ්නෙන් පස්සෙ ලියුම් එව්ව.

තාත්ත වෙන කාන්තාවක් විවාහ කර ගැනීම ගැන ඔයාට ඉරිසියයිද?
අම්ම ඉන්න කාලෙදිත් එයාට වෙන වෙන ඒව නොතිබුණා නෙමෙයි. ඒවට අපි මුකුත් කියන්නෙ නෑ. හැබැයි දැන් මේ වුණ දේ එයාගෙ වයසට ගැළපෙන, එයාගෙ සමාජ තත්ත්වයට ගැළපෙන දේකුත් නෙමෙයිනෙ.

ඔබගේ පියාගෙ ගීත ඇත්තටම බණක් වගේනෙ. එහෙම කෙනෙක් මෙහෙම කරපු එකේ නේද අවුල තියෙන්නෙ?
එයාගෙ සින්දුවලට මිනිස්සු ආදරෙයි. හාමුදුරුවන්ගෙ බණවලට වැඩිය වික්ටර් රත්නායකගෙ සින්දුවලට මිනිස්සු ආදරෙයි. හැබැයි මේ ප්‍රශ්නය තේරුම් ගැනීමේදී වික්ටර් රත්නායක කියන ගායකයා අයින් කරන්න. මේක බලන්න තාත්ත කෙනෙක් පුතෙක් අතර පවුලක් අතර වෙන ප්‍රශ්නයක් විදිහට. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මට යන්නෙ සාධාරණ කේන්තියක් කියල. මම තාත්ත කියන විදිහට තමයි පොඩි කාලෙ ඉඳල වැඩ කරල තියෙන්නෙ. මම තාත්තගෙ පුතා. මම අම්මගෙ පුතා නෙමෙයි. ජයන්තයි අම්මගෙ පුතා. මම ජීවත් වෙන්නෙත් තාත්ත මට දීල තියෙන උපදෙස් එක්ක. කියන්න තියෙන දේ කෙළින් කියන එක. මේ ඔක්කොම තාත්තගෙන් ආපු දේවල්. මට තාත්තට කියන්න තියෙන්නෙ ඔයා කියපු විදිහට තමයි මම වැඩ කරල තියෙන්නෙ.

වික්ටර් රත්නායක මියගියොත් ඒ මළගෙදර ඔබ යනවද?
නෑ. මම යන්නෙ නෑ. මම යන්නෙ නැත්තෙ එයා මට එන්න එපා කියල තියෙන හින්ද. එයා කියල තියෙන විදිහට තමයි මම මෙච්චර කල් වැඩ කරල තියෙන්නෙ. ඒ හින්ද ඒ වැඩෙත් මං කරන්නෙ ඒ විදිහට. මම යන්නෙ නෑ මරණෙට

සුදත්ත තිලකසිරි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top