Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
"අනේ මහත්තයෝ මගේ අහිංසක කොල්ලා, අම්මාගේ මුවින් පිට වූයේ එපමණයි, ඇය සිහිනැතුව ඇද වැටුණා.." - යුද බිමේදී දෙපා අහිමි වූ රණවිරුවෙකු සිය මව ගැන ලියූ සංවේදී සටහන - Photos

- "අනේ මහත්තයෝ මගේ අහිංසක කොල්ලා, අම්මාගේ මුවින් පිට වූයේ එපමණයි, ඇය සිහිනැතුව ඇද වැටුණා.." - යුද බිමේදී දෙපා අහිමි වූ රණවිරුවෙකු සිය මව ගැන ලියූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,798 Views
ඇය කිසිදිනෙක මා පිළිකුල් කළේ නෑ, ආදරේ අංශුමාත්‍රයක් අඩු කළේ ද නැහැ..
 
"මෝටාර් ප්‍රහාරයෙන් මාගේ සුසුම්නාවට දැඩි ලෙස හානි වී තිබුණා.."
 
"බය වෙන්න දෙයක් නෑ අම්මේ පුතාට වෙඩි වැදිල පොඩි තුවාලයක් වෙලා.."
 
තිස් වසක් මුළුල්ලේ අපේ මව් රට වෙළා ගත් යුධ භීතිය මැද, අභීත රණවිරුවන් කළ කැපකිරීම මෙපමණකැයි කිසිදාක කිව නොහැකියි......
 
බැඳීම් ඉදිරියේ ආත්මාර්ථකාමී නොවූ ඔවුන් සිය මව්බිම කුරිරු ත්‍රස්තයින්ගෙන් මුදා ගැනීම සඳහා සටන් බිමට පිවිසුණේ මරණය ද අතැතිවයි. ඒ යුද ගින්නෙන් බොහෝ විරුවන් අන්තිම ගමන යද්දි තවත් විරුවන් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වූවා...

මේ එලෙස.. යුද පිටියේදී දෙපා අහිමි වූ රණවිරුවෙකු වන කැළුම් ද සිල්වා විසින් තම මව ගැන ලියූ සංවේදී සටහනක්..
 
මේ මගේ අම්මාගේ කතාවයි..
 
එදා මහ මූසල දවසක් . අම්ම මිදුලේ කොහු නෙලමින් සිටියේය. ලොකු මල්ලිද කාමරයේ පාඩම් කරමින් සිටි නිසා ගෙදරප පාලු බවකින් පිරී ගියේය.. නිහඩ බව බිද දමමින් අම්මාගේ හඩ අවදි විය..
 
පොඩි පුතේ පොලිසියෙ ජීප් එක මේ පැත්තට හැරෙව්ව මොකද දන්නෙ නෑ.. අම්ම වෙව්ලන වස්වරයකින් මල්ලීට ඇමතුවේය. පොලිසියට නිවසට පැමිනෙන්න කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අම්මා දනී.. ඊයේ රේඩියෝ එකෙත් කිව්ව් කොල්ල ඉන්න පැත්තෙ යුද්දෙ දරුනුයි කියල.. තාත්ත ඊයේ කිව් කතාවද අම්මාට මතක් වෙන්නට ඇත.
 
ඈතින් ජීප් රිය නැවතා නිවස දෙසට එන රාලහාමි දෙසට දුවගිය අම්මා කදුලු සලමින් ඇයි මහත්තයෝ කියා ඉතා අමාරුවෙන් ඇසීය.. ගුවන් හමුදාවෙ ඉන්න කැලුම් ද සිල්ව අම්මගෙ පුතා නේද.. පොලිස් නිලදාරියාට අසන්න ලැබුනේ එපමනකි.
 
අම්මා මහ හයියෙන් වැලපෙන්නට ගත්තේය.. වට පිට සියලු දෙනා ඒ අදෝනාවෙන් කම්පිත වී අපේ නිවසට දිව ආවේය.. පණිවිඩය රැගෙන ආ නිලදාරියාද පනිවිඩය කියා හැනීමට නොහැකිව අම්මා දෙස බලා සිටියේය.. අම්මාගේ හැඩීම නැවැත් වීමට උත්සහ දැරූ නිලදාරියා අම්මාට කියා සිටියේ..
 
බය වෙන්න දෙයක් නෑ අම්මේ පුතාට වෙඩි වැදිල පොඩි තුවාලයක් වෙලා ඊයේ රෑ කොළබ මහ රෝහලට ගෙනැත් තියෙනව අම්මලට ගිහින් බලන්න පුලුවන්.. ඒ වදන් සමගම අම්මාගේ හැඩීම තවත් වැඩි විය..
 
අනේ මහත්තයො මගෙ අහිංසක කොල්ල .. අම්මාගේ මුවින් පිට වූයේ එපමනකි.. අම්මා සිහිසුන්ව ඇද වැටුනාය.. මැණික නැන්දා දිවගොස් වතුර කෝප්පයක් ගෙන අම්මාගේ මුහුනට ඉසිනවාත් සමග අම්මා නැවත පියවි සිහියට පැමිනියේ අනේ මගේ ලොකු එකා ..කියමිනි.
 
සිහිය ලැබුනු අම්මා කඩමලු වූ ගවුම පිටින් දිව ගියේ ආච්චීගේ නිවසටය.. ආච්චී මගේ අම්මාගේ අම්මාගේ අම්මාය. මගේ බාලකාලය ගෙවුනේ ආච්චීගේ නිවසේය.. මාගේ අම්මාට මල්ලිලා හතර දෙනෙකි.
 
ඔව්න් සියල්ලෝම සේවය කලේ යුද හමුදාවේ වීම. මට ගෙන දුන්නේ ආඩම්බරයකි.. පසුව මාගේ සහෝදරයින් තුන් දෙනාගෙන් දෙදෙනෙකුත් හමුදාවට බැදුනේ මාගේද ආශිර්වාදය ඇතිවය.. අපේ ආච්චී මට සැලකුවේ ඇයගේම දරුවෙක් පරිද්දෙනි. මගේ ලොකු මල්ලී ලැබෙනවාත් සමගම සීයා විසින් මාව ආච්චිලාගේ ගෙදරට රැගෙන එන්නට ඇත්තේ මං අපේ පව්ලේ කුලුදුල් දරුවා නිසාත් ඒ හුරතලයට ඔවුන් හුරුවී සිටි නිසාත් විය හැක. එතැත් සිට අවුරුදු 17 ක කාලයක් මා හැදුනේ සීයාගේ ආච්චීගේ සෙවනේ ය.
 
අම්මා හඩමින් දිව එන විට මාගේ පුංචි මාමාද නිවාඩු ලබා ගෙදර පැමින සිටියේ අම්මාගේ වෙලාවටය.. විලාප තබමිනින් පැමිනෙන අම්ම දිටු. ආච්චී ද විලප තබන්නට ගත්තෙ කුමක් හෝ සිදුවී ඇති බව ඉවෙන් මෙන් දැනීමෙනි.. අනේ අම්මේ රං මහත්තය. අම්මට කීමට ලැබුනේ එපමනකි.. ආච්චී බිම ඇද වැටිනි.
 
රං මහත්තයා යනු මාගේ පව්ලේ අය මා හට කියූ ආදරනීය නාමයයි.. ආච්චීට මගෙන් තොර ලොක්කයක් තිබුනේ නැත.. අම්මාගෙන් සිදුවිය යුතු සියලු දේ සිදුවූයේ ආච්චිගේ අතිනි.. පෙර පාසලේ සිට උසස්පෙල දක්වාම.. මගේ පසු පසින් සිටියේ මගේ අම්මා වගේ මගේ ආච්චීය..මාගේ දඩබ්බරකම් දගකාරකම් සීයාගෙන් සගවා ගැනීමට මහත් ආයාසක් දැරීමටද ආච්චීට සිදුවිය.. හමුදා නිලදාරියෙකු වීමට පෙර පිරිපුන් මිනිසෙකු කිරීමට මට මග පෙන්වූයේ ඇයයි..
 
ආච්චීද අම්මාද හඩන අතරේ මාමා අම්මා ලගට පැමින ආදරයෙන් කියා සිටියේ.. අක්කේ අපි රං මහත්තය බලන්න යමු කියාය. අම්මා ආයාසයෙන් නැගිට නැවතත් නිවස දෙසට පිය නැගුවේ මාමාත් සමග මා බලන්නට පැමිනෙන චේතනාවෙනි. මේ අවස්ථාවේ තාත්තා ගෙදර සිටියේ නැත. මාමා ගෙදර සිටීමද අම්මාට අස්වැසිල්ලක් වෙන්නට ඇත.
 
ලොකු මල්ලී තවමත් කාමරයේ මුල්ලකට වී හඩමින් සිටී. අනිත් මල්ලිලා දෙදෙනාටද නංගීටද බරපතලක් නොදැනුනාට අම්මාගේ හැඩීම කුමක් හෝ වේදනාවක් ගෙන දෙන්නට ඇති.. ඒනිසා ඔවුනුත් තැනින් තැනට වී හැඩුවේ තමන්ගේ ලොකු අයියා කුමක් හෝ සිදුවී ඇති බව වැටහුනු නිසාය. ඔවුන් වෙනදාට මා නිවාඩු එනතුරු බලා සිටින්නේ මං ගෙන එන රස කැවිලි ගිල දැමීමටයි.
 
අම්මාද මාමාද එදිනම සවස මා බැලීමට රෝහල පැමිනියේය. එහෙත් ඔපරේෂන් දෙකක් කරතිබූ මා හට සිහියක් තිබුනේ නැත..
 
මා දුටු අම්මා මගේ ලග වැටපෙන දෙස බලා සිටි මාමා අම්මා සනසන්නට කීවේ මොනව උනත් අපිට කොල්ල ඉන්නව අක්කෙ කියාය.. ඒවන විටත් මාමාට දොස්තර මහතා විසිනි සියලු දේ පවසා තිබිනි.මෝටාර් ප්‍රහරයෙන් මාගේ සුසුම්නාවට දැඩි ලෙස හානි වී තිබිනි වෙඩි ප්‍රහාරයෙන් කලව ප්‍රදේශයට හානි වී තිබී අත. තවමත් බෝම්බ කැබලි කිහිපයක් මාගේ සිරුරේ තැනින් තැන ඇත.. ඉද හිට තවමත් වේදනා ගෙන දෙමිනින් යුදදයේ කටුක බව මට පසක් කර දේ.
 
මාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ එතැන සිටයි. අම්මාට නැවතත් මා අත දරුවෙක් ගානට වැටුනේ නැවත්තත් මව් සෙනෙහස මා හට පසක් කරමිනි. එදා සිට අම්මා මට පේන්න හැඩුවේ නැත. අදටත් ඇය වේදනාව සගවමින් මාගේ සියලු ඕනෑ එපාකම් ඉටු කරනීය ඇය කිසිදිනෙක මා පිලිකුකුල් නොකලේය ආදරේ අංශුමාත්‍රයක් අඩු කලේද නැත. මා කියන කරන දේද දයානුකම්පාවෙන් දරාගෙන සිටින්නීය.. ඒ සැබෑ මවකගේ ආදරයයි.. දෙපා අප්‍රාණික පුතෙකු සමග වයොවෘර්ද මවක් ගෙවන ජීවිතය සොදුරු නැත.. එහෙත් එහි මහාමෙරක් තමම් ආදරයක් ඇත.බුදු වෙන්න නියත වුවරණ එහි ඇත.. සෑම ගැහැනියක් මවක් නොවේ.. එහෙත් සෑම මවක්ම ගැහැනියකි. බිරිදගෙන් නොලැබෙන ආදරය සෙනෙහස කැපකිරීම් මව් ගුණය තුල ඇත..තරහව නොහැලපීම් වේදනා ඇය සගවාගන්නේ මව් සෙනෙහසේ ඇති උතුම් ගුනය නිසාය.. අදත් මම සතුටින් රෝදපුටුවක් උඩ ජීවත් වනවනාම් ඒ මගේ අම්මා නිසාමයි..
 
ආදරෙයි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මේ...!!!


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top