බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 5.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ඇහැලියගොඩ ප්‍රදේශයට ලැබී ඇති අතර එය මිලිමීටර් 180ක්.
හංවැල්ලට මිලිමීටර් 157.5ක සහ පාලින්ද නුවරට මිලිමීටර් 148.5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඊට අමතරව ඉංගිරිය, කිරිඇල්ල, පාදුක්ක, අරකාවිල, වතුපිටිවල සහ වේයන්ගොඩ ප්‍රදේශවලට ද වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.