වසංගත රෝග විද්‍යා අංශය විසින් පැවසූ දේ...
වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 638ක්...
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන ගතවූ පැය 24 තුළදී සටහන් වුණා.
ඒ ඊයේ නව කොවිඩ් 19 ආසාධිතයන් 137ක් හමුවීමත් සමඟ බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඉන් 127 දෙනෙකු කුවේට් සිට පැමිණ මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර තිබෙනවා.
අනෙක් 10 දෙනා නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සෙබලුන් වන අතර ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාධිතයන් ගණන 1319ක්.
වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 638ක් වන අතර ඉන් 332 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර, මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 712ක්.