Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
27
"පේන්න නැති නිසා පිටුපස කාමරයට ආවා. එතකොට දැක්කා සාරියකින් බාල්කයේ එල්ලීලා ඉන්නවා.." - සියල්ලන්ටම අභිරහසක් ඉතිරි කරමින්, සාරි පොටක එල්ලී අන්තිම ගමන ගිය කමනී

- "පේන්න නැති නිසා පිටුපස කාමරයට ආවා. එතකොට දැක්කා සාරියකින් බාල්කයේ එල්ලීලා ඉන්නවා.." - සියල්ලන්ටම අභිරහසක් ඉතිරි කරමින්, සාරි පොටක එල්ලී අන්තිම ගමන ගිය කමනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views
"මගේ මිනිය එක දවසක් ඔයාලගේ ගෙදර තියලා අවසාන කටයුතු කරන්න.."
 
ඇගේ ඇඳුම් දිය යුතු අය ගැන, සැමියාට ලියූ ලිපියක සඳහන් කරලා..
 
"මම බිරිඳට කිව්වා ඕවා ප්‍රශ්නයක් කරගන්න එපා කියලා.."
 
"අක්කේ ඔයා අකමැත්තක් නැත්නම් මගේ මිනිය එක දවසක් ඔයාලගේ ගෙදර තියලා අවසාන කටයුතු කරන්න... එහෙම නැත්නම් කෙළින්ම ආදාහනාගාරයේ පුළුස්සා දමන්න.." යැයි අවසාන ඉල්ලීමට ලිපි කීපයක් ලියා තබා සිව් දරු මවක් ඉකුත් 20 වනදා ජීවිතක්ෂයට පත්වූවා.
 
මෙසේ මරණයට පත් වූයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවය කළ වෙඩිසිංහ ආරච්චිගේ දෝන කමනි ප්‍රියදර්ශනී නම් 51 හැවිරිදි කාන්තාවක්.

ඇයට ප්‍රථම විවාහයෙන් දරුවන් 4 දෙනෙකු සිටි අතර, දෙවන විවාහයෙන් දරුවන් සිට නැහැ. ඔවුන් මට්ටකොටුව, මහවැව ප්‍රදේශයේ පදිංචිව සිටියා.
 
මියගිය තැනැත්තියගේ සැමියා එස්.ඒ. සුරංග සම්පත් මරණ පරීක්ෂණයේදී මෙසේ සඳහන් කළා,
 
"මියගොස් ඇත්තේ මගේ බිරිඳ. මම රියදුරෙකු වශයෙන් සේවය කරනවා. බිරිඳ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලිපිකාරිණියක්. එදා උදේ 6.30 ට විතර මම නැගිටලා මල්වලට, එළවළුවලට වතුර දැම්මා. බිරිඳ ඇවිත් ඇහුවා අද තියෙන වෙඩින් එකට අඳින්නේ මොකක්ද කියලා. අත්කොට කමිසය අයන් කරන්න කිව්වා. මම එයාට කිව්වා වැඩට යන්න ලෑස්ති වෙන්න කියලා..."
 
"පස්සේ මම තේ හැදුවද කියලා ඇහුවා. ශබ්දයක් නැති නිසා මම ගේ ඇතුළට ගිහින් කාමරවල හෙව්වා. පේන්න නැති නිසා පිටුපස කාමරයට ආවා. එතකොට දැක්කා සාරියකින් බාල්කයේ එල්ලී සිටින බව. මම කෑගැහුවා. ශබ්දයක් කළේ නැහැ. අසල්වැසි ලාල්ට කථා කරලා ඒ ගමන්ම 1990 සුවසැරියට කථා කළා. ලාල් ගේට්ටුවෙන් එනවිට මම සාරිය කපලා බිමට ගත්තා. සුවසැරිය ආවට මියගිහින් නිසා භාරගන්න බැහැ කිව්වා. පසුව පොලිසියට කථා කළා. කමනි මුදල් ප්‍රශ්නයක් නිසා ලොකු සිත්තැවුලෙන් හිටියේ. එයා මට කලින් දවසේ කිව්වා මුදල් ප්‍රශ්ණයක් තියෙනවා කියලා. ලොකු මුදලක් පුද්ගලයින්ගෙන් ණයට අරන් තියෙනවා කිව්වා. ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ කියලා කිව්වා. මම බිරිඳට කිව්වා ඕවා ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. උසාවි ගිහින් හරි ටික ටික ගෙවමු කියලා. ඒත් එයා මේ ගැන නිතර කල්පනා කරමින් හිටියේ..."
 
අසල්වැසියෙකු මෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු වූ ටෙරන්ස් ලාල් සාක්ෂි දෙමින්,
 
"සුරංග මහත්තයා කෑ ගහන විට මම මගේ බිරිඳවත් අඬගහගෙන ගියා. යනවිට තමයි දැක්කේ නෝනගේ මිනිය ගෙදර සාලය කිට්ටුව බිම තිබුණු බව.." යැයි පැවසීය.
 
ඇය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාටද ලිපියක් ලියා තිබූ අතර, තම රාජකාරී නිසි පරිදි ඉටු කර ඇති බවත්, ඇයගේ විශ්‍රාම වැටුප සැමියාට ලබාදීම සඳහා කටයුතු සලසා දෙන ලෙසත් ඉල්ලා තිබුණා.
 
සැමියාට ලියූ ලිපියක ඇයගේ ඇඳුම් දිය යුතු අය ගැනද සඳහන් කර තිබුණා. ඇය සතුව විශාල සාරි ඇතුළු ඇඳුම් තොගයක් තිබූ බවද මෙහිදී කියැවුණා.
 
මරණ පරීක්ෂණය මාරවිල හදිසි මරණ පරීක්ෂක ජී.ඞී. නිහාල් පත්මසිරි ගරුසිංහ, මාරවිල අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එච්.ජේ.එන්. කුලරත්න, මාරවිල පොලිස් සැරයන් 32404 රස්නායක යන මහත්වරු ඉදිරියේ පැවැත්වුණා.
 
මෙම මරණය මුදල් ගනුදෙනුවක් මත කලකිරීමට පත්ව සිය ජීවිතය හානි කරගත් මරණයක් බවට තීරණය කළ හදිසි මරණ පරීක්ෂක නිහාල් ගරුසිංහ මහතා එම මළ සිරුර නාත්තන්ඩිය වීරහේන සුසාන භූමියේ අඩි 08 ක් ගැඹුරු වළක මිහිදන් කරන ලෙස නියෝග කෙරුණා.
 
නාත්තන්ඩිය රෙක්ස් හැරිසන්
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top