Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
කාන්තාවන් තුන් දෙනෙක් කරකාර බැන්ඳ, ලිංගික අපචාර සහ අඩම්තේට්ටම් චෝදනා ලැබූ ලෝක බලවතාගේ කවුරුත් නොදන්න රහස් කතන්දරේ මෙන්න - Photos

- කාන්තාවන් තුන් දෙනෙක් කරකාර බැන්ඳ, ලිංගික අපචාර සහ අඩම්තේට්ටම් චෝදනා ලැබූ ලෝක බලවතාගේ කවුරුත් නොදන්න රහස් කතන්දරේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,898 Views
2016 ඔක්තෝම්බර් මාසයේදී මුදා හැරුණු ආන්දෝලනාත්මක වීඩියෝව..
 
"සියවසේ හාස්‍යජනකම ප්‍රකාශය කළ පුද්ගලයා" වන්නේ ද ඔහුයි...
 
"තාපය හා අලෝකයෙන් කොරෝනා අයින් කරලා දාන්න පුළුවන්.."
 
ලොව බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඞ් ට්‍රම්ප් හිතුවක්කාර ක්‍රියාවලින් සහ හාස්‍යජනක ප්‍රකාශවලින් ලෝකය ඉදිරියේ සරදමට ලක්වෙමින් සිටින අතර චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බලවත් මතභේද ඇතිකර ගනිමින් සිටී.
 
කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිරගිය පසුගිය මාස 4 කපමණ කාලය පුරා කටයුතු කල ආකාරයත්, කරන ලද ප්‍රකාශත් හේතුවෙන් එක්සත් ජනපදයේ මෙන්ම ලෝකය පුරාද දැඩි ලෙස අප්‍රසාදයට පත්වෙමින් සිටින ඔහුගේ කියුම් කෙරුම් සම්බන්ධ කෙටි විමසා බැලීමකි මේ...............

1946 ජුනි 14 වන දින නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස්හිදී දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක සිව්වැන්නා ලෙස උපත ලද ඩොනල්ඞ් ජෝන් ට්‍රම්ප්ගේ පියා ජර්මානු සංක්‍රමණිකයෙක් වූ ”ෆ්‍රෙඞ්රික් ක්‍රිස්ට් ට්‍රම්ප්” වන අතර මව ස්කොට්ලන්ත ජාතික ”මේරි මෙලන් මැක්ලියොඞ්” ට්‍රම්ප්ය.
 
ෆ්‍රෙඞ්රික් ට්‍රම්ප් දේපල සංවර්ධන ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කල අතර මව රැකියාවක් කලේ නැත.පළමු ශ්‍රේණියේ සිට 7 වන ශ්‍රේණිය දක්වා ”කියෙව් ෆොරස්ට් පාසැලේ” අධ්‍යාපනය ලද ට්‍රම්ප් වයස අවුරුදු 13 දී එනම් 1959 දී ”නිව්යෝර්ක් මිලිටරි ඇකඩමිය”ට ඇතුලත් විය.
 
1964 වසරේදී ”පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය”ට අනුබද්ධ ”වෝල්ටන් මූල්‍ය හා වාණිජ පාසැල”ට ඇතුලත් වූ ඔහු 1968 වර්ෂයේදී ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය ලබාගත්තේය.
 
1968 වසරේදී තරුණ ට්‍රම්ප් අස්ථි ආබාධ තත්ත්වයක් සම්බන්ධ රෝග විනිශ්චයක් ලබා ගත් අතර ඒ හේතුවෙන් වියට්නාම් යුද්ධය සදහා වූ අනිවාර්ය කැදවීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාව ලැබුනි.
 
1971 වසරේදී ඔහු සිය පියාගේ දේපල සංවර්ධන ව්‍යාපාරය සදහා සහාය වෙමින් පූර්ණකාලීනව සේවයට එක්විය.ඒ කාලයේ ට්‍රම්ප්ගේ පියාගේ ව්‍යාපාරය කුලී නිවාස ඒකක 10000 ක් පමණ කළමනාකරණය කල අතර තරුණ ට්‍රම්ප් එම ප්‍රමාණය 22000 දක්වා වර්ධනය කිරීමට සමත්වූ බව කියැවේ.
 
1974 ඩොනල්ඞ් ට්‍රම්ප් පියාගේ ව්‍යාපාර සමූහයේ සභාපති ධූරයට පත්වන අතර අනතුරුව ඔහු ව්‍යාපාරය ”ට්‍රම්ප් සංවිධානය” ලෙස නම් කිරීමට කටයුතු කලේය.
 
1970 දශකයේ අග භාගයේදී ට්‍රම්ප් සිය සංවිධානයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට කටයුතු කල අතර එමගින් අධික ලාභ ලබමින් ව්‍යාපාරය දැවැන්ත තත්ත්වයෙන් නගා සිටුවීමට සමත් විය.
 
මෑන් හැටන්,අත්ලාන්තික් සහ නිව් ජර්සි නගර කේන්ද්‍රකර ගනිමින් සුඛෝපභෝගි මහල් නිවාස සහ හෝටල් ව්‍යාපෘති සදහා ආයෝජනය කිරීමට ඔහු කටයුතු කලේය.1976 වසරේදී ට්‍රම්ප් නිව්යෝර්ක්හි ප්‍රධාන දුම්රිය පර්යන්තයට යාබද පැවැති අබලන් ”කොමදෝරු හෝටලය””හයට්” සමූහයේ සහයෝගීතාවයෙන් මිලදී ගත් අතර මෙම අති විශාල ගණුදෙණුව සදහා නිව්යෝර්ක්හි තම පියාගේ දේශපාලන සම්බන්ධතා උපයෝගී කර ගනිමින් විශාල බදු සහන ලබා ගැනීමටද ක්‍රියා කලේය.නවීකරණය කල හෝටලය 1980 වසරේදී ”ග්‍රෑන්ඞ් හයට්” නමින් විවෘත කල අතර එය කාමර 1400 කින් යුතු සුඛෝපභෝගී හෝටලයක් විය.
 
මෑන් හැටන්හි 56 වන වීදියේ පස්වන පටුමගෙහි ”ට්‍රම්ප් ටවර්” නමින් සුභෝපභොගී මහල් නිවාස සංකීර්ණයක්, කාර්යාල හා වෙළදසැල් ඇතුලත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් 1983 වසරේදී ට්‍රම්ප් සමූහය විසින් විවෘත කල අතර එය මීටර් 202 ක් උස මහල් 58 කින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් විය.
 
ට්‍රම්ප් සමූහයේ මූලස්ථානය පිහිටුවා ඇති මෙම ගොඩනැගිල්ල ට්‍රම්ප්ගේ දරුවන් විසින් කළමනාකරණය කරනු ලැබේ.”ෆෝබ්ස්” සගරාවට අනුව මෙම ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු කොට ට්‍රම්ප් ටවර් යනුවෙන් නම් කෙරුණ කොන්ඩෝ හෝටල් 7 ක් සහ තවත් ව්‍යාපෘති 33 ක් පමණ ඇමෙරිකාව පුරා ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.
 
ට්‍රම්ප් අත්ලාන්තික් නගරයේ කැසිනෝ ව්‍යාපාරය සදහා විශාල වශයෙන් ආයෝජනය කරන ලදි.”ට්‍රම්ප් ප්ලාසා””ට්‍රම්ප් කාසල් කැසිනෝ රිසෝට්” සහ ”ට්‍රම්ප් ටජ් මහල්” යනුවෙන් නම් කරන ලද ලොව විශාලතම කැසිනෝ සංකීර්ණයද මේ අතරට ඇතුලත් විය. ට්‍රම්ප් ටජ් මහල ආරම්භයේදී ඔවුන්ගේ වෙළද දැන්වීම්වල හදුන්වාදී තිබුනේ ලොව අටවන පුදුමය ලෙස වන අතර එය පාඩු ලබන තත්ත්වයට පත්වීමෙන් පසුව 2016 වසා දමන ලදි. පසුව ”හාර්ඞ්රොක් ඉන්ටර්නැෂනල්” සමාගමට විකුණා දමනු ලදුව 2018 දී ”හාර්ඞ්රොක්” සන්නාමය යටතේ නැවත විවෘත වී ඇත.
 
ඉක්මනින්ම ඇමෙරිකාවේ ප්‍රසිද්ධ බිලියනපතියෙකු වූ ට්‍රම්ප් මෙම කාලයේ ”නිව් ජර්සි ජෙනරල්ස්” පාපන්දු කණ්ඩායම මිලට ගත් අතර ෆ්ලොරිඩාවේ ෆාම් බීච් හි කාමර 118 කින් යුතු ”මාර්-එ- ලාගෝ” නම් මන්දිරයද මිලට ගත්තේය.
 
සිය විශේෂ අමුත්තන් සමග හමුවීම් සදහා ට්‍රම්ප් දැනටද භාවිතා කරන්නේ මෙම මන්දිරයයි. අඩි 282 දිගකින් යුත් සුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් මිලට ගත් ඔහු එය ”ට්‍රම්ප් කුමරිය” ලෙස නම් කල අතර ඊස්ට් කෝස්ට් ගුවන් ෂට්ල් සේවාව මිලට ගත් ඔහු එය ”ට්‍රම්ප් ෂට්ල්” ලෙස නම් කලේය.
 
විවාහ තුනකට ඇතුලත් ඇති ට්‍රම්ප් දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.ඔහුගේ පළමු විවාහය 1977 වසරේදී චෙක් නිරූපිකාවක් වන ”ඉවානා සෙල්නකොව් වින්ක්ල්මයර්” සමග වූ අතර එයින් ”ඩොනල්ඞ්(කණිෂ්ඨ)”,”ඉවන්කා” සහ ”එරික්” යනුවෙන් දරුවන් තිදෙනෙක් ලැබීය.ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කරන ඉවන්කා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ලොව පුරා ප්‍රසිද්ධ චරිතයක් වේ.
 
1992 දී තම පළමු විවාහයෙන් දික්කසාද වූ ට්‍රම්ප් 1993 වසරේදී ඇමෙරිකානු නිලියක් වන ”මාර්ලා මේපල්ස්” සමග විවාහ විය.
 
එම විවාහයෙන් ”ටිෆනි” නම් දියණියක් ලැබෙන අතර වසර 6 කට පසු ට්‍රම්ප් සිය දෙවන විවාහයෙන්ද දික්කසාද වේ.2005 වසරේදී නැවතත් ස්ලෝවේනියානු නිරූපිකාවක් වන ”මෙලනියා ක්නෝස්” සමග විවාහ වන අතර 2006 වසරේදී ”බැරන්” නම් පුතෙකු ලැබීය.
 
ට්‍රම්ප් 2016 වසරේදී ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු මෙලනියා එක්සත් ජනපද පළමු කාන්තාව වූ අතර විදේශයක උපත ලද දෙවන එක්සත් ජනපද ජනපති ආර්යාව වශයෙන් ඇය සැලකේ.
 
1995 වසරේදී ට්‍රම්ප් ”මිස් යුනිවර්ස්”,”මිස් යූ.එස්” සහ ”මිස් ටීන් යූ.එස්.”තරග සංවිධානය කල ”එන්.බී.සී.රූපවාහිනී ජාලය” සමග අනුග්‍රාහකත්ව ගිවිසුමක් අත්සන් කරමින් එම තරග පැවැත්වීමට කටයුතු කරන ලද අතර 2004 වසරේදී තමාද රගපෑමට එක් වෙමින් ”ආධුනිකයා” නම් රියැලිටි කථා මාලාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කලේය.
 
ට්‍රම්ප්ගේ පළමු විවාහයේ තුන්වන දරුවා වන එරික් ට්‍රම්ප්ද මෙම කථා මාලාවේ කථාංග 23 ක් සදහා රංගනයෙන් දායක වී ඇත.
 
1987 වර්ෂයේදී ට්‍රම්ප් මාධ්‍යවේදී ”ටෝනි ෂ්වාර්ට්ස්” සමග එක්ව ”ට්‍රම්ප්, ද ආර්ට් ඔෆ් ද ඞීල්” යනුවෙන් පොතක් ප්‍රකාශයට පත්කල අතර එය අර්ධ වශයෙන් ට්‍රම්ප්ගේ චරිතාපදානය ලෙසත් අර්ධ වශයෙන් ව්‍යාපාරික උපදෙස් අඩංගු පොතක් ලෙසත් සැලකේ.මෙම පොත අනුසාරයෙන් 2016 වසරේදී ”ද ආර්ට් ඔෆ් ද ඞීල්” නම් ප්‍රහසනාත්මක චිත්‍රපටයක් ”ජෙරමි කෙනර්” නම් අධ්‍යක්‍ෂකවරයා විසින් නිර්මාණය කර ඇත.සිය ව්‍යාපාරික අත්දැකීම් පදනම්කොට තවත් පොත් ගණනාවක් සම කතෘත්වයෙන් නිකුත් කිරීමට ට්‍රම්ප් කටයුතු කර තිබුනි.ඒ අතර 1997 දී ප්‍රකාශයට පත්කල”ට්‍රම්ප්, ද ආර්ට් ඔෆ් කම්බැක්”, 2006 දී ප්‍රකාශයට පත්කල ”වයි වී වෝන්ට් යූ ටූ බී රිච්”, 2006 දී ප්‍රකාශයට පත්කල ”ට්‍රම්ප්,101,ද වේ ටූ සක්සස්” සහ 2008 දී ප්‍රකාශයට පත්කල ”ට්‍රම්ප්, නෙවර් ගිව්අප්ඃ හව් අයි ටර්න් මයි බිගර්ස් චැලේන්ජ් ඉන් ටු සක්සස්”ආදිය වේ.
 
trump3ට්‍රම්ප් සිය නාමය සන්නාමයක් ලෙස ක්‍ෂේත්‍රයන් ගණනාවක ව්‍යාප්ත කල අතර ”ට්‍රම්ප් ම‍්‍රල්‍ය සමාගම්”,”ට්‍රම්ප් උකස් සමාගම්”,”ට්‍රම්ප් විශ්වවිද්‍යාලය” වශයෙන් හැදින්වෙන අධ්‍යාපනික ආයතනය ඇතුළු සමාගම් රාශියක් ඒ අතර විය.1990 එක්සත් ජනපද ආර්ථිකය අවපාතයට හසුවීම නිසා ට්‍රම්ප්ගේ ව්‍යාපාර ගණනාවක් කඩා වැටුන අතර ට්‍රම්ප් ටජ්මහල බංකොලොත් බව ප්‍රකාශ කලේය.”ප්ලාසා හෝටලය” සහ තවත් කැසිනෝ හල් දෙකක්ද බංකොලොත් වූ අතර ට්‍රම්ප් ෂට්ල් සේවය එක්සත් ජනපද ගුවන් සේවය විසින් පවරාගත් අතර ට්‍රම්ප් කුමරිය නම් වූ නාවික යාත්‍රාව විකුණා දැමීමට සිදුවිය.බොහෝ බැංකු ට්‍රම්ප් සමග ගණුදෙනු කිරීමට මැලිවූ අතර ට්‍රම්ප්ගේ කීර්තිනාමය බිංදුවට වැටුණි.
 
මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් අයකරගත් මුදල් වංචා කිරීමේ චෝදනාව මත සිසුන් පිරිසක් ට්‍රම්ප්ගේ අධ්‍යාපන ආයතනයට එරෙහිව නඩු පැවරූ අතර නිව්යෝර්ක් නීතිපතිවරයා විසින්ද වෙනම නඩුවක් පවරන ලදි.2016 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 25 ක වන්දියක්
 
ගෙවා නඩු කිහිපයක් සමථයකට පත් කරගන්නා ලදි. ”ට්‍රම්ප් පදනමේ” අරමුදල් නීතිවිරෝධි ලෙස ජනාධිපතිවරණ ව්‍යාපාරයට යොදවා ගැනීම හේතුවෙන් නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් පවරන ලද නඩුවක් ජනාධිපතිධූරයට පත්වීමෙන් වසර දෙකකට පසු තවත් මිලියන දෙකක වන්දියක් ගෙවා වරද පිලිගැනීමෙන් අවසන් කර ගැනීමට ට්‍රම්ප්ට සිදුවූ අතර ට්‍රම්ප් පදනම විසුරුවා හැරීමටද සිදුවිය.
 
1980 දශකයේ සිට වරින් වර එක්සත් ජනපද ජනපතිධූරය සදහා තරග වැදීමට ඇති තම කැමැත්ත ට්‍රම්ප් විසින් විටින් විට එලිදක්වා ඇති නමුත් ඔහුට තවත් බොහෝ කාලයක් යන තෙක් ඒ සදහා අවස්ථාව හිමි වූයේ නැත.1999 දී ඔහු රිපබ්ලිකන් පාක්‍ෂිකත්වය අතහැර ප්‍රතිසංස්කරණ පක්‍ෂය වෙත මාරුවූ අතර ජනාධිපතිවරණය සදහා අභිලාෂයෙන් කටයුතු කරන ලදි.
 
2000 වසරේදී ඔහු ”සාමාජීය වශයෙන් ලිබරල් සහ ආර්ථික වශයෙන් අන්තයට නොගිය ඇමෙරිකාවක් අපට සුදුසුයි” යනුවෙන් සිය දේශපාලන දැක්ම සහිත පොතක් ප්‍රකාශයට පත්කරන ලදි.පසුව නැවතත් රිපබ්ලිකන් පක්‍ෂයට එකතු වූ ට්‍රම්ප් 2012 ජනාධිපතිරණය සදහා ඉදිරිපත්වීමට ඉහල සූදානමකින් සිටි නමුත් ඒ සදහා ඉදිරිපත් වූයේ නැත.නමුත් 2015 ජුනි මාසයේදී ඔහු නිවේදනය කලේ තමන් ඊළග ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්‍ෂකයා වනු ඇති බවයි.
 
”ඇමෙරිකානු ශ්‍රේෂ්ඨත්වය නැවත ගොඩනැගීම” සිය තේමා පාඨය කරගත් ට්‍රම්ප් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූයේ ආකර්ශනීය පොරොන්දු රාශියක් ඉදිරිපත් කරමිනි.ඒ අතර මිලියන ගණනාවක නව රැකියා උත්පාදනය, මෙක්සිකෝ ඇමෙරිකා දේශ සීමාව හරහා තාප්පයක් ඉදිකිරීම, දේශගුණ විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීම, එක්සත් ජනපදය හා අසාධාරණ වෙළද තරගයක නියැලී සිටින රටවලට එරෙහිව තීරු බදු පැනවීම ආදී පොරොන්දු ගණනාවක් විය.
 
වෘත්තීය දේශපාලකයෙකු නොවන ඩොනල්ඞ් ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරය තුළදී මැදිහත් පාර්ශ්වයන්ගේ අවධානය උපරිම වශයෙන් දිනාගත් අතර දේශපාලකයන් අප්‍රිය කරන තරුණ කොටස්ද විශාල වශයෙන් ට්‍රම්ප් වටා ඒකරාශි විය. මේ නිසා මැතිවරණ ව්‍යාපාරය තුල පැවති මත විමසුම් වලදී මුල සිටම ට්‍රම්ප් ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබුණි.
 
කෙසේ වෙතත් ඉක්මනින් කෝපවන, කලබලකාරී සහ හිතුවක්කාර ස්වභාවයෙන් යුතු ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු කල ප්‍රකාශ බොහෝ විට මතභේදයන්ට තුඩුදුන් අයුරු අවස්ථා කිහිපයකදී දකින්නට ලැබුනි. ඔහු නිතර භාවිතා කිරීමට පුරුදුව සිටින ”ට්විටර්” සමාජ මාධ්‍ය හරහා මෙන්ම වෙනත් දේශපාලන කථාවන් තුලදීද ජාතිවාදී ප්‍රකාශ, ලිංගික අපවාද මෙන්ම අපහාසයන්ද නොඅඩුව දකින්නට හැකිවූ අතර දේශපාලනික වශයෙන් පරිනත නොවූ චරිත ස්වභාවයක් පෙන්නුම් කරන ලදි.
 
මැතිවරණ ව්‍යාපාරය තුලදීද ඔහු වර්ථමාන හැසිරීමේ ස්වභාවයම පෙන්නුම් කරමින් තම ප්‍රතිවාදී අපේක්‍ෂිකාව වන හිලරි ක්ලින්ටන් ”වංක හිලරි” ලෙස හෙලා දකිමින් කථාකල අතර තමා බලයට පත්වීමෙන් පසු හිලරි ක්ලින්ටන් සිරගත කරන බවට ප්‍රකාශ නිකුත් කලේය.
 
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ඇමෙරිකාවේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්‍ෂිකාව සිරගත කරන බවට තර්ජනය කිරීම පෙර නොඇසූ විරූ අපූරු දෙයක් වූ අතර එක්සත් ජනපද ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සදහා එවැනි බලයක් ප්‍රදානය කර තිබුනේද නැත.මේ සම්බන්ධයෙන් කොතරම් විවේචන සහ විරෝධතා එල්ල වූවත් ඔහු හිතුවක්කාර ලෙස තම ක්‍රියාවලිය දිගටම කරගෙන ගියේය.
 
හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට අවාසිදායක ලෙස බලපාන ලද සුප්‍රසිද්ධ ”විකිලීක්ස්” හෙලිදරව්ව මගින් හිලරි ක්ලින්ටන් හා සම්බන්ධ විද්‍යුත් තැපැල් ලිපි දහස් ගණනක් සමාජ මාධ්‍යයට මුදාහැරි අතර රුසියානු හැකර්වරුන් විසින් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට වාසිදායක වන ලෙස මෙම සොරා ගැනීම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වූ අතර ට්‍රම්ප් පෞද්ගලිකවම අදාල ක්‍රියාවන් සදහා රුසියානුවන් දිරිගැන්වීමට කටයුතු කරන ලදි.
 
2016 අග භාගයේදී කාන්තාවන් කිහිප දෙනෙක් ට්‍රම්ප්ට එරෙහිව ලිංගික අපචාර සහ අඩම්තේට්ටම් චෝදනා ඉදිරිපත් කල අතර ඔක්තෝම්බර් මාසයේදී මුදාහැරුණු වීඩියෝවක් විශාල ආන්දෝලනයක් ඇති කලේය.
 
ට්‍රම්ප් සහ ඔහුගේ නීතීඥයන් මෙම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කල නමුත් කාන්තා ඡන්දදායකයන්ගේ සහයෝගය අඩු වීමට එය හේතුවක් විය. මේ අතර ට්‍රම්ප්ට අවාසිදායක ප්‍රවෘත්ති පලකිරීම සම්බන්ධයෙන් ඔහු බොහෝ විට ප්‍රධාන ධාරාවේ පුවත් පත් සමග මතභේද ඇති කර ගත්තේය.
 
ජනාධිපතිවරණයෙන් අනපේක්‍ෂිත ජයග්‍රහණයක් අත්කරගත් ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිණිස විධායක නියෝග කිහිපයක් නිකුත් කල අතර ඒවා එක්සත් ජනපද ව්‍යාවස්ථානුකූලව අධිකරණයේදී අභියෝගයට ලක් කිරීම හේතුවෙන් අකුලා ගැනීමට ඔහුට සිදුවිය.
 
මුස්ලිම් ජාතිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම සීමා කිරීමේ නියෝගය මෙවැනි එක් ආන්දෝලනාත්මක නියෝගයක් වූ අතර මෙක්සිකෝ දේශ සීමාව හරහා තාප්පයක් ඉදිකිරීමේ තීරණයද මේ අනුව අභියෝගයට ලක් විය. කෙසේ වෙතත් දශක කිහිපයක් පුරා එක්සත් ජනපදයේ ස්ම්ප්‍රදායික සතුරා වූ රුසියාව සමග පැවැති විරසකය ලිහිල් කල ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා සමග හොද සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන බව පෙනී යන අතර එමගින් ට්‍රම්ප් බලයට පත් කිරීම සදහා රුසියාව කටයුතු කල බවට වන සැකය සදහා සාධාරණ පදනමක් ලබාදී ඇත.

රුසියාව සමග පැවැති එදිරිවාදීකම නව ලෝක බලවතෙක් ලෙස නැගී එමින් සිටින චීනය දෙසට හැරවූ ඔහු කාලයක් තිස්සේ චීනය සමග සීතල යුද්ධයක පැටලී සිටී.
 
සිය පළමු ධූරකාලයෙන් අනතුරුව දෙවන ධූරකාලයක් සදහා තේරී පත්වීමේ අරමුණින් ආසන්නයේ පවතින ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් කටයුතු කරමින් සිටි ට්‍රම්ප්ට හදිසියේ කඩාවැදුන කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලවත් අර්බුදයකට තල්ලූ කෙරී ඇති අතර ඒ හා සම්බන්ධ ඔහුගේ ඇතැම් ප්‍රකාශ හා හැසිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වය තවත් තීව්ර කෙරී ඇත.
 
පෙබරවාරි මාසයේ අවස්ථා දෙකකදී ප්‍රකාශයන් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කලේ ”අප්‍රේල් මාසය පමණ වන විට එළඹෙන උණුසුම් කාලගුණයේ බලපෑම හේතුවෙන් වෛරසය පැතිරීම මන්දගාමී වනු ඇති” බවයි.පෙබරවාරි 27 වනදා ඔහු නැවතත් කියා සිටියේ ”වෛරසය ප්‍රාතිහාර්යයකින් මෙන් අතුරුදහන්ව යනු ඇති” බවයි. මුල් කාලයේ ඔහු වෛරසය සම්බන්ධයෙන් කටයුතු කල නොසැලකිලිමත් ස්වභාවය ඉන් පිළිඹිඹු වේ.
 
මාර්තු 6 වනදා ඔහු කියා සිටියේ ”පරීක්‍ෂණයක් අවශ්‍ය ඕනෑමකෙනෙකුට පරීක්‍ෂණයක් ලැබෙන බවත් පරීක්‍ෂණ ලස්සන බවත්ය.”මාර්තු 17 වනදා ”මෙය වසංගතයක් ලෙස හැදින්වීමට බොහෝ කලකට පෙර එය වසංගතයක් වන බව මට හැගී තිබුනා” යනුවෙන් කියා සිටියේය.කොවිඞ් 19 වෛරසය හැදින්වීම සදහා නිල නාමයක් තිබියදී ට්‍රම්ප් බොහෝ බොහෝ අවස්ථාවලදී එය හැදින්වූයේ ”චීන වෛරසය” ලෙසයි.
 
තවත් අවස්ථාවකදී ”තාපය හා ආලෝකය භාවිතයෙන් වෛරසය මැඩපැවැත්වීමේ හැකියාව” ගැන කථාකල ට්‍රම්ප් ඉන්දියාව ක්ලෝරොකුවීන් ඖෂධය අපනයනය තහනම් කල විට පලිගන්නා බවට ඉන්දියාවට තර්ජනය කලේය.

ජනාධිපති ට්‍රම්ප් අප්‍රේල් 30 වනදා ධවල මන්දිරයේ පැවැති කොවිඞ් 19 වසංගතය සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වෛරසය චීනයේ වූහාන්හි වෛරස් විද්‍යාපරීක්‍ෂණාගාරයේදී නිපදවා සමාජයට මුදාහල බව ප්‍රකාශකල අතර ඒ පිලිබද තහවුරු කල හැකි සාක්‍ෂි ඇතිදැයි වාර්ථා කරුවෙකු විමසූ විට ට්‍රම්ප් ප්‍රකාශ කලේ ”ඔව් මට තියෙනවා ! නමුත් මේ අවස්ථාවේදී මට එය ඔබට පැවසීමට නොහැකියි.” යනුවෙනි.නමුත් එදිනම එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශ කාර්යාලය කියා සිටියේ වෛරසය චීන විද්‍යාගාරයකදී නිර්මාණය කර ඇති බවට තහවුරු කල සාක්‍ෂි නොමැති බවයි.පසුවදාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවූ ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් කියා සිටියේ වෛරසය ස්වභාවික මූලයකින් ව්‍යාප්ත වූවක් බවට තහවුරු කල හැකි සාක්‍ෂි ඇති බවයි.
 
පිලිගත හැකි සාක්‍ෂි කිසිවක් නොමැතිව වෛරසය වූහාන් වෛරස් පරීක්‍ෂණාගාරයෙන් පිටකර ඇති බවට ඉගි පලකල ට්‍රම්ප්ගේ හාස්‍ය ජනක ප්‍රකාශනයන්හි කූටප්‍රාප්තිය පසුගිය අප්‍රේල් 24 වන දින ධවල මන්දිර මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කල විෂබීජනාශක දියර ශරීරයට එන්නත් කර ගැනීමේ කථාවයි.
 
පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ට්‍රම්ප් ප්‍රකාශ කර සි ටියේ ”විෂබීජනාශක විනාඩියකින් පමණ විෂබීජ විනාශ කරයි.අපට එවැනි දෙයක් කල හැකි ක්‍රමයක් තිබේද.එය ශරීරයට එන්නත් කර ගැනීමෙන් හෝ වෙනත් ආකාරයකින් ඇතුළු කිරීමෙන් වෛරසය විනාශ කල හැකියි. මෙය ඇතැම් විට සාර්ථක වන්නට පුළුවන්.එය පරීක්‍ෂා කිරීම සිත් ගන්නා සුළු කරුණක් වේවි.” යනුවෙනි.මෙම ප්‍රවෘත්තිය විකාශනය වූ වහාම ලොව ප්‍රමුඛ පෙලේ විෂබීජනාශක නිෂ්පාදන සමාගම් වන ”ලයිසෝල්” සහ ”ඩෙටෝල්” නිෂ්පාදකයන් නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කලේ විෂබීජනාශක දියර කිසි ලෙසකින් වත් ශරීරගත කිරීම නොකල යුතු බවයි. එසේ කලහොත් එය මාරාන්තික ප්‍රථිපල ගෙන දිය හැකි බව ඔවුන් ප්‍රකාශකර තිබුණි.
 
කෙසේ නමුත් ”සියවසේ හාස්‍යජනකම ප්‍රකාශය” විය හැකි සිය ප්‍රකාශය නිවැරදි කිරීමේ අසාර්ථක උත්සාහයක නියැළුන ට්‍රම්ප් සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ තම ප්‍රකාශය වාර්ථා කරුවන් වෙනුවෙන් හාස්‍ය මතුකිරීමට කල උත්සාහයක් බවයි.
 
ලොව පුරා ජනතාව ඒ සම්බන්ධයෙන් කියා සිටින්නේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය මිනිසෙකුගේ ශරීරයේ වසා සිටින මදුරුවෙකු මරා දැමීම සදහා ස්වයංක්‍රීය රයිෆලයකින් වෙඩි තැබීමට සමාන වන බවයි. පැහැදිලිව පෙනී යන කාරණය නම් ඩොනල්ඩි ට්‍රම්ප්ගේ මෙම විසුළු ප්‍රකාශන ලග එන ජනාධිපතිවරණයේදී ඔහුට අවාසිදායක ලෙස ක්‍රියාත්මක වීම සිදු විය හැකි බවයි.

නන්දජීව සූරියබණ්ඩාර
(දිවයින පුවත්පත)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top