කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ ලොව බොහෝ රටවල උත්සව පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත්, සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් විවාහ උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇති බව ද සඳහන්.
මේ වනවිට ඉන්දියාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතර විශේෂ උත්සව සහ විවාහ පැවැත්වීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් අවසර ලබාදී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පසුගියදා සේලම්හි පැවැති විවාහයකදී මනමාලයා විසින් තැල්ල බැඳීමෙන් අනතුරුව මනමාලියට මතු වූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණා.
ඉන් පසුව සිදු කරනු ලැබු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ඇය කොරෝනා ආසාදනයවී ඇති බවටයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.
මේ වනවිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර අදාළ කාරණාව සම්බන්ධයෙන් මනමාල පාර්ශවයේ පිරිස් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව ද සඳහන්.
විවාහය සිදුවී විනාඩි කිහිපයකින් මනමාලියගෙන් වෙන්වී තනියම මනමාලයා සිය නිවෙස වෙත පිටත්ව ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුටත් කියා සිටියේ.
ඉන්දියාව තුළ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 145,456 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4,172ක්.